Monday, July 23, 2018

සන්නිවේදන වර්ගීකරණය

සන්නිවේදන වර්ගීකරණය



  • අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
  • අන්තර් පුද්ගල සන්නිවේදනය
  • සමූහ සන්නිවේදනය
  • ජන සන්නිවේදනය
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
  1. පුද්ගලයකු තුළම සිදු වන ආත්ම භාෂණයකි.
  2. සෑම පුද්ගලයකුම බිළිදු වියේ සිටම පංචේන්ද්‍රිය මගින් තොරතුරු රැස් කර ගති.
  3. රැස් කරන තොරතුරුවලින් බොහෝමයක් යටි සිතේ තැන්පත් කර ගනී.
  4. සමහර තොරතුරු කෙටි මතකයකින් පසු ඉවත් වේ.
  5. යටි සිතේ තැම්පත්ව ඇති තොරතුරු ජීවිත කාලය තුළ ස්මරණය කළ හැකි ය.
  6. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී තමා සතු තොරතුරු යොදා ගනී.
  7. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීම ප්‍රධාන කාර්යයකි.
  8. තමා සතු තොරතුරු හොද ඒවා නම් තීරණ ප්‍රශස්ත වේ.
  9. තමා සතු තොරතුරු නොවැදගත් ඒවා නම් තීරණ ගැනීම අසාර්ථක වේ.
  10. ඉතා හොද තොරතුරු බහුල ලෙස රැස් කර ගැනීම පුද්ගලයකු විසින් කළ යුතු ය.
  11. කෙනෙකු තමා පිළිබදව ඇති කර ගන්නා ස්වයං දෘෂ්ටියට මෙම තොරතුරු හේතු වේ.
 ස්ව - සංකල්පය ගොඩ නැගෙන්නේ ද තමා සතු තොරතුරු අනුවය.
  • ස්වයං - දෘෂ්ටිය හා ස්ව - සංකල්පය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී වැදගත් වේ.
  • චිත්ත වේගයන් නිසා අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ.
  • විවිධ චිත්තවේගයන් පාලනය කර ගැනීමට පුද්ගලයකු සතු කුසලතාව අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ගුණාත්මක බව ඉහළ නංවයි.
අන්තර් පුද්ගල සන්නිවේදනය
  • මෙය පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් ද භාවිතා වේ.
  • පුද්ගලයන් දෙදෙනෙකු අතර කෙරෙන සන්නිවේනය මෙයින් අදහස් වේ.
  • සාමාන්‍යයෙන් මෙය මුහුණට මුහුණ ලා කෙරෙන සන්නිවේදනයකි.
  • නව තාක්ෂණය භාවිතයෙන් මෙහි ස්රූපය වෙනස් වී ඇත.
  • දුරකථනය හෝ අන්තර්ජාලය හෝ කෙටි පණිවුඩ හෝ මගින් ද මෙය සිදු වේ.
  • නව තාක්ෂණය නිසා දුර සිටින දෙදෙනෙකුට මුහුණ බලා ගෙන කතා කළ හැකි ය.
  • අන්තර් පුද්ගල සන්නිවේදනය ද්වි මාර්ගික සන්නිවේදනයකි.
  • සෑම කෙනෙකුටම දෛනික ජීවිතයේ දී නිතරම අන්තර් පුද්ගල සන්නිවේදනයේ යෙදෙන්නට සිදු වේ.
  • අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා හා ග්‍රාහකයා යන භූමිකාව මාරු වේ.
  • සමහර විට අන්තර් පුද්ගල සන්නිවේදනය ඒක මාර්ගිකය.
අන්තර් පුද්ගල සන්නිවේදනයේ විවිධ අරමුණු ඇත
  • තොරතුරු දැන ගැනීම
  • දුක සැප බෙදා ගැනීම
  • ප්‍රශ්න විසදා ගැනිම.
  • උදව් උපකාර ලබා ගැනීම හා ලබා දීම.
  • මග පෙන්වීම .
  • උපදේශනය .
  • චෝදනා ඉදිරිපත් කිරීම.
  • තර්ජනය කිරීම.
  • දොස් පැවරීම.
  • රහස් අනාවරණය කර ගැනීම.
  • ක්‍රියාවලීන් විශ්ලේෂණය .
  • අන්තර් පුද්ගල සන්නිවේදනය ඵලදායී වන්නේ, පුද්ගලය තුළ පවත්නා ශික්ෂණය අනුවය.
  • යහපත් අන්තර් පුද්ගල සන්නිවේදනය මගින් සමාජයක ක්‍රියාවලිය යහපත් වේ.
සමූහ සන්නිවේදනය
  • දෙදෙනෙකු ඉක්මවා ගිය විට එහි සමූහයක් ඇති වේ.
  • සමූහය කුඩා , විශාල හෝ අති විශාල විය හැකිය.
  • සමූහ සන්නිවේදයේ දී ඒක - මාර්ගිය හෝ ද්වි - මාර්ගික සන්නිවේදනයක් සිදු වේ.
  • අසා සිටීම හා සවන් දීම යන සංකල්පය සමූහ සන්නිවේදනයේ දී දැඩිව ක්‍රියාත්මක වේ.
  • සමූහ යන්නට කණ්ඩායම් හා කල්ලි අයත් වේ.
කණ්ඩායම් වර්ග පහක් දැක්විය හැකිය
1 අහඹු කණ්ඩායම්
2 විශෝධන කණ්ඩායම්
3 ඉගෙනුම් කණ්ඩායම්
4 ප්‍රතිපත්ති සැකසුම් කණ්ඩායම්
5 ක්‍රියාකාරී කණ්ඩායම්
ජන සන්නිවේදනය
  • විශාල ජනස්කන්ධයක් සමග කෙරෙන සන්නිවේදන කාර්යය ජන සන්නිවේදනය වේ.
  • ජන සන්නිවේදනය සදහා භාවිත වන පුවත්පත් සහ සගරා, ගුවන් විදුලිය හා රූපවාහිනිය අයත් වේ.
  • ජන සන්නිවේදනයේ දී ග්‍රාහක පිරිස කවුරුන්දැයි නිශ්චිතවම සන්නිවේදකයන් නොදනී.
  • ජන සන්නිවේදනය සෑම විටම ආයතනගත හා සංවිධානාත්මකව සිදු වේ.
  • එක් එක් ජන මාධ්‍යයන්හි සුවිශේෂ ලක්ෂණ තිබේ.
  • පුවත්පත් පරිහරණයට භාෂා සාක්ෂරතාව අවශ්‍යය වේ.


Thursday, July 19, 2018

සන්නිවේදන නිර්වචන

සන්නිවේදන නිර්වචන





හැදින්වීම
සන්නිවේදනය යනු කුමක්ද? සඳහා පින්තුර ප්‍රතිඵලලෝකයේ පවතින ඕනෑම දෙයක් පිළිබදව යම් පුද්ගලයෙක් නොදැන සිටින තාත් ඉන් ප්‍රයෝජන ගැනීම එතරම් සාර්ථක වන්නේ නැත.යමක් පිළිබදව නොදැන එය භාවිතා කරනවාට වඩා ඒ පිළිබදව දැනුවත්ව භාවිතා කිරීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නේය.මිනිසා සන්නිවේදනය භාවිතා කරන්නේ උපතේ සිටමය. නමුත් මේ පිළිබදව නිවැරදිව අවබෝධ කර ගැනීම අවශ්‍ය වූයේ සන්නිවේදනය විෂයක් ලෙස ගොඩනැගීමත් සමගය.සන්නිවේදනය කුමක්දැයි හදුනා ගැනීමට භාවිතා කරන එක් උපක්‍රමයක් වන්නේ ඒ පිළිබදව බිහි වූ නිර්වචනයයි. එම නිර්වචන සංඛ්‍යාත්මකව සිය ගණනකි. නමුත් මින් විශේෂ අවධානයට ලක් වූ නිර්වචන කිපයක් පමනක් මෙම විෂය යටතේ අධ්‍යනය කරන්නෙමු.
නිර්වචන මගින් සන්නිවේදනය යනු කුමක් දැයි විවිධ දෘෂ්ටි කෝණයෙන් පෙන්වා දෙයි.
මූලික කරැණු 5 ක් පොදුවේ නිර්වචන වලින් උපුටා දක්වයි.
1 සන්නිවේදක / මූලාශ්‍රය
2 වාහකය /මාධ්‍ය / චැනලය
3 සන්නිවේදනය ලබන්නා / ග්‍රාහකය
4 පණිවිඩය / සංදේශය
5 ඵලය / බැලපෑම
නිර්වචනයක ප්‍රධාන ප්‍රවේශ 5 කි.
1 ඓතිහාසික ප්‍රවේශය
2 සමාජ සංස්කෘතික ප්‍රවේශය
3 විද්‍යාක්මත හා තාක්ෂණික ප්‍රවේශය
4 දේශපාලන ප්‍රවේශය
5 විෂයානුබද්ධ ප්‍රවේශ
නිර්වචනයන්
හැරල්ඩ් ඩී ලැස්වේල්
''කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යයකින්, කවරෙකුට, කුමන බලපෑමක් සදහා, කියනු ලබයිද එය සන්නිවේදනයයි''
නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක්
ලැස්වේල් දේශපාලන විද්‍යාඥයෙක් නිසාම ඔහුගේ ප්‍රවේශයද දේශපාලනික ප්‍රවේශයක රුව ගනී. බලපෑම යනු දේශපාලනිකව සාකච්ඡා කෙරෙන ප්‍රබල ලක්ෂණයකි. එය සන්නිවේදනයේ  අග්‍ර ඵලය ලෙස මෙම නිර්වචනයේ දී දක්වා ඇත
කවුරුන් - සන්නිවේදකය
කුමක්  - සංදේශය
කුමන මාධ්‍යකින් - මාධ්‍ය
කවරෙකුට - ග්‍රාහකයා
කුමන බලපෑමක් - බලපෑම / ඵලය
ක්ලොඩ් ෂැනන් හා වොරන් වීවර්
''සන්නිවේදනය යනු යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් තවත් තැනකදි ප්‍රතිනිර්මාණය කිරීම''
නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක්,
ගණිතඥයින් නිසා මොවුන් සන්නිවේදනය පිළබදව හෙලන දෘෂ්ටිය ද තාක්ෂණික ස්රූපයක් ගන්න බව දක්නට ලැබේ.නමුත් මොවුන් සන්නිවේදන මූලිකාංග පිළිබදව ද අවධානය යොමුකර ඇති බව දක්නට ලැබේ.
එඩ්වඩ් සැෆීර්
''සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබදතා ජාලයයි. පුද්ගල චර්යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින්ම හෝ වක්‍රව සන්නවේදනයටසම්බන්ධයක් ඇත.''
නිර්වචනය පිළිබදව පැහැදිලි කිරීමක්
සාමජ විද්‍යාඥයෙක් වන සැෆීර් මෙම නිර්වචනය සන්නිවේදනය පිළිබදව ඉදිරිපත් කළ එකක් නොවේ. සාමජය පිළිබදව ඉදිරිපත් කර ඇති අතර සාමජය හා සන්නිවේදනය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව නිසාම මෙය සන්නිවේදනය පිළිබදව කරන ලද නිර්වචනයක් සේ දිස් වේ. කෙසේ නමුත් සන්නිවේදනය හා සාමජය අතර ඇති සබදතාව මෙන්ම එහි ප්‍රබල බවද මෙම නිර්වචනයෙන් කියවේ. මෙය සන්නිවේදනය පිළිබද නිර්වචනයක් නොවන නිසා සන්නිවේදන මූලිකාංග සියල්ල මෙම නිර්වචනය තුළ සෘජුව දක්නට ලැබීම අපේක්ෂා කළ නොහැකිහය. නමුන් සන්නිවේදනයයේ ක්‍රියාවලිය, මානව සබදතා, සමග ඇති බැදීම, සමාජය තුළ එය ක්‍රියාත්මක වන අයුරුද ඉතාම ප්‍රබලව දක්වා තිබේ. මිනිස් ක්‍රියාවලියේ බොහෝ විට සන්නිවේදනය සෘජුවම දක්නට ලැබේ. අනෙක් අවස්ථා වලදී පවා වක්‍රව හෝ සන්නිවේදනය ක්‍රියා කරයි. මෙය එකිනෙකාගේ අත්දැකීම් වේ.
විල්බර් ශ්‍රාම්
''තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි''
නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක්
ශ්‍රාම් මෙහි ''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ ''සන්නිවේකයා'' හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර ''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''
මේ අනුව මෙම නිර්වචනය සාමජ විද්‍යාත්මක මෙන්ම තාක්ෂණිකව ද දේශපාලන විද්‍යාත්මකව ද සංස්කෘතිකවම ද අවධානය ලක් කරමින් ඉදිරිපත් කර ඇති බව දක්නට ලැබේ.

අටලෝ දහම…



අටලෝ දහම…













ලොව පවතින ධර්ම (ස්වභාව) අටකි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුව, දුක් නමින් ඒවා හැඳින්වෙති. මෙම අෂ්ටලෝක ධර්මයෙන් කිසිවෙක් මිදී නැත. තථාගත බුදුරජාණන් වහන්සේට පවා මෙම අටලෝ දහමට මූණපෑමට සිදු විය. එහෙත් උන්වහන්සේගේ සිත කිසි කලෙක එයින් කම්පා නොවීය. රහතුන් වහන්සේගේ සිත ද එසේ ය.පුහුදුන් ලෝවැසියන්ටත් මේ අටලෝ දහමට මූණ පෑමට සිදුවේ. එවිට බුද්ධාදී උතුමන් මෙන් ඒවායින් නොසැලී සිටීමට උත්සාහ කිරීම මහත්මා ගතියකි. ලාභයක් ලද විට ලොල් බවක් හෝ හානියක්, පාඩුවක්, පරාජයක් වූ විට දුක් වීමත් නොදැක්වීමට උත්සාහ දැරිය යුතු ය.ලාභයෙහි ලොල් බවක් ඇති වීමත් අලාභයෙහි කනස්සලු වීමත් ලෝක ස්වභාවයෙකි. එහෙත් මැදහත් බව පුරුදු කිරීමෙන් ඒ ලෝක ස්වභාවය ඉක්මවා ලාභයෙහි ලොල් නොවුවහොත් අලාභයෙහි දුක් නොවී සිටීමට ද හැකි වන්නේ ය.දිවි ගමනේ දී රිය සක මෙන් කරකැවෙන ලාභ අලාභ දෙකම ලැබේ. ලාභය ළඟට අලාභයද අලාභය ළඟට ලාභය ද වන්නේ ය. එබැවින් ඒ හැම අවස්ථාවකදීම කිසි වෙනසක් ඇති නොකොට මැදහත් බවේම පිහිටා “විය යුක්ත වීය” යි සිතුවහොත් පහසුවෙන් ජීවන යාත්‍රාව පැවැත්විය හැකිය. ලාභයෙහිදී වෙනස් වුවහොත් අලාභයෙහි ද වෙනස් වීම නියතයි.යස, අයස, නින්දා, පැසසුම්, සැප, දුක්, ජය, පරාජයවලදීද මහමෙර මෙන් කම්පා නොවී සිත මැදහත් බවේ පිහිටුවා ගැනීම යහපත්ය.හැම කාලයෙහිම තමහට ඉර එළියෙන් පී‍්‍රතිමත්ව විසීමට අවස්ථාව නොලැබේ. අඳුරේ විසීමටද සිදු වන්නේ ය. අඳුර නිසාම සූර්යාලෝකයේ වටිනාකම ප්‍රකට වෙන බව සිතිය යුතු ය.ජීවත්වෙන කාලයේ බුදු පසේ බුදු මහරහත් උතුමන් ඇතුළු සියලු දෙනාටම අටලෝ දහමට මූණ පෑමට සිදුවීම පුදුමයක් නොවේ. එවන් අවස්ථාවන්හිදී නොසැලී සිටීමට අපට පිහිට වන එකම දෙවියා නම් තමන් පුරුදු කළ මැදහත් බවයි. එහෙයින් සැපදුක් මෙන්ම ජය පරාජය දෙක්හිද උපේක්ෂාව හෙවත් මැදහත් බව ප්‍රයෝජනයට ගත යුතු ය.
අපේ තථාගත බුදුරජාණන් වහන්සේ තරම් ලාභ, කීර්ති, ප්‍රශංසා ජය ලැබූ උතුමෙකු තුන් ලොවෙහිම නැතැයි කිව යුතු ය. එමෙන්ම උන්වහන්සේ තරම් දුක්, නින්දා, ගැරහුම් ආදියද ලැබූවෙකු මුළු ලෝකයේම නැතැයි කිව යුතු ය. එහෙත් ඒ හැම අවස්ථාවකම අකම්පිතව සිටි සේක.මාගන්දියාගේ බැනුම් ද චිංචි මානවිකාවගේ නින්දා ද නිවටුන්ගේ අභූත චෝදනාද සමසිතින් ඉවසූ සේක.විභාගයකට පෙනී සිටින හැම දෙනාම එකසේ සමත්විය යුතු නම් ඒ විභාගය අවශ්‍ය නොවේ. සමත් අසමත් භාවය ලැබෙන්නේ ඒ ඒ අයගේ බුද්ධි මට්ටම අනුවය. එය අධෛර්ය වීමට පසුබෑමට හේතුවක් නොවිය යුතු ය. අසමත් වූවන්ට නිගරු කිරීම, පහත් කොට සැළකීම වෙනුවට ඔවුන් දිරිමත් කළ යුතු ය.තරගයට ඉදිරිපත් වෙන හැම දෙනාම දිනිය යුතු නම් ඒ තරගය අනවශ්‍ය වේ. ජය පරාජය ලබා දෙන්නේ ප්‍රේක්ෂකයෝය. අප පරාජය වන්නේ යම් කිසි අඩුවක් නිසාය. එය සකසා ගැනීමට තව තවත් බුද්ධිමත්ව දිරි දැරිය යුතු ය. පරාජිතයන්ට හිංසා පීඩා කිරීම, පළි ගැනීම වැනි දේ ශිෂ්ට සමාජයට අයිති නැත. පරාජිතයන්ට ගරු බුහුමන් දැක්විය යුතු ය. ස්වකීය ජයග්‍රහණයට උපස්ථම්බක වූවෝ ඔවුහුය. අපේ වීරෝදාර නරශ්‍රේෂ්ඨයෙකු වූ දුටුගැමුණු රජතුමා පරාජිත එළාර රජුට දැක්වූ ප්‍රතිචාරය අප අමතක නොකළ යුතු ය.“දුබලයා රැක ගැනීම ප්‍රබලයාගේ යුතුකමය” යන පැරණි කියමන පිළිකෙව් කළ යුත්තක් නොවේ. රටට නායකයෙකු තෝරා ගැනීමේ දී කෙතෙක් දෙනා ඉදිරිපත් වුවද තේරී පත් වන්නේ එක් අයෙකි.ඒ රටේ හැම දෙනාගේම නායකයාය. එතුමා හැමදෙනාටම පොදු නායකයාය. ඒ නායකයා හැම දෙනාම පිළිගත යුතු ය. තරගයෙන් පසු කවුරුත් එකට එකතු වී එක්සත්ව එක්සිත්ව සමගියෙන් සමාදානයෙන් රටේ සංවර්ධනයත් ජනතා සුබ සිද්ධියත් සඳහා ඇපකැපවීම කාගේත් පරම යුතුකම බව කාරුණිකව සිහිපත් කරමි.

Sunday, July 15, 2018

හන්තාන සිහිනය ..

හන්තානට පායන හඳ 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඬේ යටින් ඔබ යනවිට
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනාවි 
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර 
මහවැලියට දමන්න 




එහි පද රචනය සිදුකළේ ධම්මික බණ්ඩාර ශූරින් විසිනි. එම ගීතය ගායනා කරන්නේ අප කවුරුත් හොදින් හදුනන අමරසිරි පීරිස් ශූරීන් විසිනි. ධම්මික බණ්ඩාරයන් හට මුලික වශයෙන් මෙම පදපෙල නිර්මාණය කිරීමට හේතු වූ නිධන් කථාවක් ඇත. එම කථාව තුලදී එක් තරුණියක් හා තරුණයෙක් පාසල් යන කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටි. ඔවුන් දෙදෙනාම එකට ධම්මික බණ්ඩාරයන්ගේ සිංහල පංතියට පැමිණි වැඩිදුර අධ්‍යාපනය උසස් පෙළ සඳහා ලබා ගත්හ. මේ කාලයේදී ඒ දෙදෙනා අතර ආදර සම්බන්ධයක් වූ අතර දෙදෙනාම එකට අධ්‍යාපනය ලබන අතර නිහඩව ප්‍රේම කරන බව ධම්මික බණ්ඩාර ගුරුවරයාද දැන සිටියේය. ඔවුන් දෙදෙනාම උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් පසු විභාගයේ ප්‍රතිඵල පැමිණියේය. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම තරුණිය පමනක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබු අතර එම තරුණයාට ඊට වාසනාවක් හිමිවුයේ නැත. පෙම්වතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවහොත් එම ආදර සම්බන්ධතාවය ඉන් බිදවැටෙන බව සමාජ මතයයි. මෙම තරුණයාටද ඉන් පසුව එවන් සිතුවිලි ගණනාවක් සිත තුළ නලියන්නට වු අතර ඔහු ඇගෙන් ඇත් වෙන්නට වුයේ දෙදෙනාගේම ජීවිත වලට යහපතක් වේ යැයි සිතාය. මේ සිදුවීම පිළිබඳව පසුව තරුණයා හමුවූ මොහොතක දැනගත් ධම්මික බණ්ඩාරයන් විසින් මෙය ගී පදවැලක් ලෙස නිර්මාණය කළේය.
එම තරුණයාගේ සිතේ කැකැරෙමින් තිබු සියලු සිතුවිලි පද පේලිවලට ගොනුකරමින් නිර්මාණය කිරීමට ධම්මික බණ්ඩාරයන්ට හැකිවිය. එදා කවින්ගේ ආභාෂය ලබා ගනිමින් එම සිදුවීම ව්‍යංගාර්ථ, උපමා, රූපක යොදගනිමින් හදවතට දැනෙන අයුරින් ඉදරිපත් කිරීමට ඔහුට හැකි වී ඇත. එසේ ගී පදවලට තනුවක් සදා එය ගීතයක් බවට පත්කළ ඔහු එය හිතට කාවදින ලෙස ගායනා කිරීම සඳහා සුදුසුම ගායකයා තෝරාගත්තේය. ඒ අමරසිරි පීරිස් ශූරින්ය. ඔහු විසින් රසික හදවතට දැනෙන පරිදි ප්‍රේමවන්තයින්ගේ ආදර අන්දර වලට ගොනුකිරිමට තරම් දක්ෂ වුයේය. වර්තමානය වනවිට මෙම ගීතය සරසවි සිසුන් අතර වඩාත් ජනප්‍රිය ගීතයක් බවට පත් වී හමාරය. මෙම ගීතය නම් , හන්තානට පායන හද, නම් වු පේරාදෙණිය සරසවිය අලලා නිර්මාණය වූ ගීතයකි. 
පේරාදෙණිය සරසවියේ ස්වභාව සෞන්දර්යය අලලා සෞන්දර්යෙන් වට වු මනස්කාන්ත පරිසරයෙකින් හෙබි භූමි ප්‍රදේශයකින් යුත්ත වූවකි. ධම්මික බණ්ඩාරයන් විසින් මෙම ගීත නිර්මාණය සඳහා යොදගනු ලැබුවේ එබදු මනස්කාන්ත පරිසරයකි. පේරාදෙණිය සරසවිය කියන විටත් හන්තාන කන්දයි. සරසවි විද්‍යාර්ථියෙකු ලෙස අප සරසවි ජීවිතයේ එක් වරක් හෝ හන්තාන කඳු මුදුනේ සිසිල විදගන්නට යන්නේය. සෙංකඩගල නුවර මනස්කාන්ත කදු පංති වලින් වට වූ භුමි ප්‍රදේශයේ හන්තාන කන්ද යනු ඉතා රමණීය කදු වලල්ලකි. එය ජීවිතයේ එක් වතාවක් හෝ තරණය කළ කෙනෙකුට තමාගේ ජීවිතයේ විදිය හැකි සුන්දරම අත්දැකීම එයවන නොඅනුමානය. සුදු මිදුම් වලාවන්ගෙන් වසාගත් හන්තාන කදු මුදුන බැලුබැලු අත ලොකු මානාගස් වලින් වෙලාගෙන ඇත. මීදුම් වළලු මු`ඵ කන්දම සිපගෙන සිටින අතර එම අසිරිය විද ගැනීමට හැකි වන්නේ ජීවිතයේ ඉතා සීමිත පිරිසකට පමණි. පේරාදෙණිය සරසවියද ඇතුළත් වූ එම තරුණිය හට තරුණයා මුලින්ම අසන්නේ මෙබදු ප්‍රශ්ණයකි. ඒ ,හන්තානට පායන හද ලස්සනයිද - මට ඒ පුරහද බලන්න වාසනාවක් අවස්ථාවක් නැතිවුනත් ඔබට ඒ වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් පේරාදෙණිය සරසවියේ විස්තර කොහොමද? , ආදී ආකාරයේ එම තරුණයාගේ සිතට නැගෙන්නා වු සිතුවිලි රාශියක් එක්වරම මුදාහරින්නේ එසේය. 
පේරාදෙණිය සරසවියේ ඇති සුන්දරත්වය වචනවලින් කියා නිමකළ නොහැකි තරම් තණකොළ අතුරු ඇති බිම්ය. බැලු බැලු ඇත විශාල ගස් වලින් සරසවි භුමිය වේලාගෙන ඇත. එම ගස්වල, වැල්වල මල් පිපෙන කාලයට එය මල් වත්තකට නොදැවෙනි වේ. එය පෙම්වතුන්ගේ රාජධාණියෙකි. ඉතින් මේ තරුණයා පෙම්වතෙකු ලෙස තම සිතෙහි සිරකරගෙන සිටි සියලුම ආවේශයන් පිටකරන්නේ එලෙසෙනි. නමුත් ඔහු ඇයව නතර කරන්නේ නැත. ඔහු විසින් ඇයට ඒ ජීවිතය විද ගැනීමට අවස්ථාව ලබාදෙයි. එසේම තරුණියගේ ජීවිතයේ සතුට ලබා දි ඔහු ඇගෙන් ඇත් වේ. ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වුයේ දෙදෙනාම එකම සරසවියක පියමං කරන්නටය. නමුත් ඔවුන්ට එම වාසනාව ලැබුනේ නැත. ඔවුන්ගේ ප්‍රේම කාතාන්දරය ඔහු මෙලස අවසන් කරනු ලබයි. 
පේරාදෙණිය සරසවිය යනු පෙම්වතුන්ගේ රාජධාණියෙකි. එහි තනිවී සිටින තරුණයෙක්, තරුණයෙක් නැති තරම්ය. මෙවැනි තත්ත්වයක් මත තම පෙම්වතිය තනිවම එම සරසවියට පියමං කරයි. ඇය ඔහුව ඇතහැර නොයන්නට ඇති. නමුත් ඔහු විසින් සියලු යථාර්තයන් තේරුම් ගනිමින් ඒ නිදහස් ජීවිතය විදින්නට ඇයට අවස්ථාව ලබා දෙනු ඇත. අදුරු ලලා යනු කුඩා වැහි බිංදුයි. හිරිපොද වැස්සක පෙම්වතුන් තුරුල් වී යන දසුන් සරසවි බිම්වල මෙන්ම සාමාන්‍ය සමාජයේදී බහුලව  සිදුවන දෙයකි. පෙම්වතා විසින් තම පෙම්වතියට පවසන්නේද එවැනිම සිදුවිමකි. හිරිපොද වැහි සරසවි භූමිය සිපගනිද්දි, අනෙක් පෙම්වතුන් කුඬේ යට තුරුළු වෙලා යද්දී, එපා ඔබ විතරක් තනියම යන්න’ ඔබට ඒ තනිකම දැනෙන්න එපා’යැයි තරුණයා විසින් ප්‍රාර්ථනා කරනු ලබයි අප ජීවිතයේ අනෙකුත් පෙම්වවතුන් ආදරයෙන් පෙම්බස් දොඩවමින් සිටින විට තම පෙම්වතා තමා ලග නොමැති බ්වේ තනිකම ඇයට දැනෙන්නට ඉඩ ඇති බව වටහා ගත් ඔහු විසින් ඇයට පවසන්නේ ඔබ සරසවිය තුල තනිවී සිටින්නට එපා කියාය. ඔබගේ තනිකම මකන්නට හැකි කෙනෙකුන් ඔබට හමු වේවායැයි ඔහු විසින් ප්‍රර්ථනා කරනු ලබයි.
මෙය එක් ප්‍රේමවන්තයකුගේ ප්‍රර්ථනාවකි. සරසවි භුමියේ තනියම සිටින තරුණියක ලෙස ඇයගේ තනිකම මකන්නට තමාටම වැඩිය හොද ප්‍රේමවන්තයෙක් හමු වේවා යැයි ඔහු ප්‍රර්ථනා කරන්නේ සියලු වේදනාවන් සිතේ කැටිකරගෙනය. ඒ වේදනාව, ඒ විරහව ගීතයකට පෙරලන ධම්මික බණ්ඩාරයන් විසින් අනුකම්පික ලෙස මෙහි පදවැල් නිර්මාණය කර ඇත. ලතා මඩු`ඵ, මල් ගොමු යනු පෙම්වතුන්ගේ පෙම් පාරාදීසයෙහි අංගයන්ය. පෙම්වතුන් රුක්ගොමුවල ආදරයෙන් වෙලී සිටියදී ඔබටත් එවැනි තරුණයන්ගෙන් ආයාචනා ලැබෙන බවත් ඒවාට පිටුපා නොයා හොද ආදරවන්තයෙකු සමඟ එය ආදරය විදින ලෙසත් ඔහු විසින් ඇයට පවසයි. පේරාදෙනි සරසවිය අසලින් ගලා යන මහවැලි ගඟ පෙම්වතුන්ගේ ආදර අන්දර වලට හොදම සාක්ෂිය දෙනු ඇත. , ඔබ වෙනත් කෙනෙකුට ආදරය කර අප දෙදෙනාගේ සිය`ඵ මතකයන් අපගේ ආදර කතාවේ සියලු සංධිස්ථාන, මාගේ මතකයන් සියල්ලම මහවැලි ගඟට දමන්න , යැයි මහත්වූ ආයාචනයක් සිදු කරයි. ඔහුගේ එම ආයාචනය තූලින් බලාපොරොත්තු වන්නේ ඔහුගේ මතකයන් සදහටම ඇගේ හිතින් ඉවත් කර දමන ලෙසයි. තම පෙම්වතිය සරසවියට ගිය පසු බොහෝ පෙම්වතුන්ට සිදුවන්නේ විරහ වේදනාවෙන් දුක් විදීමටයි.  නමුත් ඇය එසේ නොවිය හැකිය. ඇය පනමෙන් ඇයට ආදරය කරනවා විය හැකිය. නමුත් වෙනදා මෙන් ඇය ළඟින් බැදී සිටිමට නොහැකිවන බව ඔහු හොදින්ම දනී. ඒ නිසා ඔහු විසින් සියලු යථාර්ථයන් හොදින් වටහා ගනු ලබයි. ඒ තුළින් ඔහු සිතන්නේ ඇගේ ජීවිතය ලස්සන කිරිමට පමණි. එම නිසා ඔහු පවසන්නේ මට ඔබත් සමඟ එකම සරසවියකට එකට පියමං කරන්න බැරි බවත්, බොහෝ අවස්ථාවලදී ඔබට මම නැතිව තනිකම, පාලුව දැනෙනු ඇතයි යනුවෙනි. ඒ අතර ඔබට තවත් ආදර ඇරයුම් ලැබෙයි. නමුත් ඔබ සරසවිය තුළ තනිකමෙන් සිටින්න එපා. ඔබට හොද ජිවිතයක් ගතකරන්න පු`ඵවන්, මගේ සියලු මතකයන් අයීතින් ඉවත් කර ඔබ අලුතින් ජීවිතය පටන්ගන්න යනුවෙන් ඔහුගේ එකම ප්‍රාර්ථනය වී ඇත. 
මෙය ඉතා අපුර්ව වූ වේදනාකාරී වූ සිදුවිමකි. මෙම සිදුවීම අලලා ධම්මික බණ්ඩාරයන් හදවතට වඩාත් හොදින් දැනෙන පරිදි මේ ගීතයට පදවැලි එක් කරන්නට විය. මෙහිදී සෞන්දර්යාත්මක වශයෙන් නිර්මාණාත්මක වශයෙන් මෙය ඉතා උසස් නිර්මාණයක් යැයි සැලකීම වටිනේය. මෙහි ව්‍යංගාර්ථ මගින් ඔහු තරුණියට පවසන්නට හදන සියලු දේ උපමා රූපක විවිධ පද සංධිස්ථානයන් තුලින් මනාව නිරූපනයක කර ඇත. මෙහීදි පේරාදෙණිය සරසවිය තුල ඇති අලංකාරය වඩාත් හොදින් ඉස්මතු කර දැක්වීම සදහා ඉතා අලංකාර සිදුවීම් පෙළක් භාවිතා කර ඇත. පෙම්වතුන්ගේ පෙම් පාරදීසයක් ලෙස හැගවීම සදහා ඉතා අලංකාර සෞන්දර්යාත්මක සිතුවිලි බොහෝ සෙයින් භාව,හන්තානට පායන හද, ආදී ආකාරයට රසික හදවත් තුළ චිත්ත රූප මැවෙන ආකාරයෙන් ඒ ඒ අවස්ථාවන් ඉදිරිපත් කර ඇත. පේරාදෙණිය සරසවියට පුරහද පායා ඇතිවිට ඒ රාත්‍රිය කොතරම් මනහරද? ඒ අලංකාරය ගී පදවලට එක් කළ ධම්මික බණ්ඩාරයන් විසින් ,අඳුරු ලලා වැටෙනා කල සරසවි බිම තෙමෙන්න, යනුවෙන් අදහස් කරනු ලැබුවේ හිරිපොද වැස්ස වහින විට තනියම කුඩය යට නොයා ආදරවන්තයෙකු සොයාගන්නා ලෙස ඔහු ඇයට සිදුකරන ඉල්ලීම එක එල්ලේම නොකියා ඉතා අලංකාරව සෞන්දර්යාත්මක බවින් පැවසීමටය. මෙතුලින් පරිසරය පිළිබඳව, ස්වභාව සෞන්දර්ය පිළිබඳව අපුර්ව චිත්ත රූප මවන්නටද ධම්මික බණ්ඩාරයන්ට හැකි වී ඇත. ඉහත කාරණාව සෘජුවම පවසන්නට තිබුණි. නමුත් ඔහු ඔහුගේ තිබු නිර්මාණාත්ම හැකියාව භාවිතා කරමින් එය සෞන්දර්යාත්මකව ගීතයට නගා ඇත.
                ගීතය වු කලි රසික හදවත් තුළ යම් වෙනසක් ඇති කරමින් විටෙක රසික හදවත් සසල කිරිමටත්, විටෙක රසික හදවත් අමන්දානන්දයට පත් කිරීමටත් සමත් වන්නකි. නමුත් ගී පද රචකයාගේ කාව්‍යමය දක්ෂතාවය මත එම ගීතයේ අර්ථවත් බව රදා පවතී. මෙම ගීතය වූ කලී රසික හදවත් වල ප්‍රේමවන්තයන් තුළ බොහෝ සරසවි සිසුන් තුල විරහ වේදනාවෙහි තත්ත්වය අමුතු පැතිකඩකින් දනවන්නට තරම් සමත් වූවකි. එය නිර්මාණකරුගේ දක්‍ෂතාවයයි. ඔහු එම ප්‍රේමවන්තයින් දෙදෙනාගේ එම සිදුවීම එක එල්ලේම ගීතයට නැගුවේ නැත. ඉතා අලංකාර ලෙස උපමා රූපක, අලංකාර වචන භාවිතයෙන්, ව්‍යංගාර්ථ තුලින් ඉදිරිපත් කරනු ලබයි. අදවන විට එම ගීතය ගීතලෝලින් අතර ඉතා ජනප්‍රිය අර්ථවත් ගීතයක් බවට පත් වී ඇත. වර්තමානයේ ඇති අර්ථ ශූන්‍ය ගී අතරින් මෙම ගීතය අගය කළ හැකි ඉතා විශිෂ්ඨ ගීතයක් ලෙස නිතැනින්ම අගය කළ හැකිය. වර්තමානයේ ගීත තුළ කිසිම අර්ථවත් බවක් නැත. එම ගීත තුළ ඇත්තේ පුස් අර්ථයකි. ඒ තුළින් කිසිදු දැනීමක් රසිකයාට ඇතිවන්නේ නැත. ඒවා රසවීදීම තුළ රසිකයන් හටද නිස්සාර වූ අර්ථ විරහිත වූ පුස් මානසිකත්වයක් ඇති වෙයි. එවැනි ගීත ජනප්‍රිය වී ඇති මෙවන් යුගයක ධම්මික බණ්ඩාරයන්ගේ එම ගීතය ඉතා ඉහලින් අගය කළ හැක්කේ ජීවිතයේ යථාර්තය, විරහව මැනවින් රසික හදවත් අතරට රැගෙන යන ධම්මික බණ්ඩාරයන් විසින් සමාජයේ එක් පැතිකඩක් පිළිබදව මැනවින් විදහා දක්වා ඇත. ඒ කෙසේ නමුත් හන්තානට පායන හඳ...... නම් වූ ගීතය වූ කලී සෞන්දර්යාත්මක වශයෙන් වටිනාකමක් ඇති නිර්මාණාත්මකව රචිත රසික හදවත් තුළට ඉතා තදින් කාවදින ගීතයකි. එය හුදෙක් එලෙස නිර්මාණය වූයේ ධම්මික බණ්ඩාරයන්ගේ දක්‍ෂතාවය නිසාය.

Friday, July 13, 2018

ජංගම දුරකතනය තෙක් සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයන් ගේ විකාශනය ........

ජංගම දුරකතනය තෙක් සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර    

සන්නිවේදන ක‍්‍රමයන් ගේ විකාශනය ........



වර්තමාන ලෝකයේ පුද්ගලාන්තර සන්නිවේදනයේ ප‍්‍රබල කොටස් කරුවෙක් බවට දුරකතනය පත්ව ඇත. දුරකතනයද ක‍්‍රමයෙන් නවීනත්වයට පත්ව වී අද වන විට අතේ ගෙන යා හැකි  ජංගම දුරකතනය තෙක් එය පරිණාමය වී තිබෙි. ජංගම දුරකතනය හරහා අද මුළු විශ්වයම එකට එක්තැන් කළ හැකි තරමට පුද්ගලාන්තර සන්නිවේදනය වැඩිදියුණු වි තිබෙි.තමා සමිපයේ සිටින පුද්ගලයෙකු හා අදහස් හුවමාරු කර ගැනිමෙන් සෑහිමකට පත් නොවු මිනිසා ඈතක දුරක සිටින අය සමඟ පණිවිඩ හුවමාරු කර ගැනීමෙ අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය.අද ජංගම දුරකතනය හරහා සාර්ථක ලෙස ඉටුවන්නේ එම අව්‍යශතාවයයි.ජනප‍්‍රිය සංස්කෘතියක් ලොව ඇති කිරිමට පවා සමත් ව තිබෙි.නමුත් අද වන තෙක් පුද්ගලාන්තර සන්නිවේදයට යොදා ගත් ක‍්‍රමෝපායන්ගේ ගමන් මඟ සලකා බැලිමෙදි මානවයාගේ උපත තෙක්ම එය විහිදි යන බව පෙනි යයි.

තොරතුරු හුවමාරුව’තොරතුරු සම්පාදනය යනු අත්‍යවශ්‍යයම ජිවන අංගයකි .සමාජ පරිණාමය සමඟ සංස්කෘතිය වෙනස්විමත්’’එමගින් සන්නිවේදන  ක්ෂේත‍්‍රය වෙනස් වීමත් යන ගතික ලක්ෂණ මානවයින්ගෙන් සැදුම්ලත් සමාජයක දැකිය හැකි ලක්ෂනයකි.මිනිස් පරිනාමයේ මුල් අවධියේ දි කිසියම් තොරතුරක් ගෙන යන්නට ඇත්තේ කෙසේද?ඒ තොරතුරු ගෙන ගිය ආකාරය එමෙන්ම කෙමෙන් කෙමෙන් වෙනස් වු තාක්ෂණික වර්ධනයත් සමඟ එය හැඩ ගැසුණු ආකාරය කෙබදුද? යන්න සොයා බැලිය යුතුය.

කුඩා කණ්ඩායමක් ලෙස සැදි සිටි මිනිසා සන්නිවේදන කාර්යය අවශ්‍ය වන්නට ඇත්තේ මුලික හැසිරිම් ප‍්‍රකාශනය සදහා මෙන්ම මුලික අවශ්‍යතාවන්ට සරිලන පරදි පමණි. භාෂාවක් ක‍්‍රමවත්ව වැඩෙන්නට පෙර හුදු ශබිද උපයෝගි වු බව නිසැකය. මිනිසාද සතුන් මෙන් යම් යම් ශබිද නගන්නට ඇත. පරිසරය ජය ගැනිමත් සමඟ වාචික සන්නිවේදනයේද නැගීමක් ඇති විය.

මානව සන්නිවේදන ඉතිහාසයේ  ප‍්‍රාග් ඓතිහාසික අ වධිය
^pre historical period) හමුවන සන්නිවේදන ක‍්‍රම ශබ්ද සංඥා
^sound signal) ලෙස හදුන්වනු ලැබේ වනාන්තර ගතව සිටි මිනිසා ගින්දර සොයා ගැනිම සමඟ ගින්න මඟින් ඇති කරගත්””දුම්” මගින්ද වනාන්තරයට මැදිව සිටි වර්ගයා අතර සීමිත අදහස් පළ කළේය. දෘෂ්‍ය සංඥා
^visual ) ලෙස හදුන්වන මෙම ප‍්‍රාථමික මාධ්‍ය අතරට ගස්වල අතු කඩා එල්ලීම’ගස්වලට ආයුධ වලින් පහරදි ඇති කරන සලකුණු මගින් ඇති කරනු ලබන සංඥා ආදියද ඇතුලත් වෙයි.සීමිත අදහස් ප‍්‍රමාණයක් ප‍්‍රකාශ වුණු මෙම ප‍්‍රථමික සංඥා සියල්ල වාගේ සොභාදහම ආශි‍්‍රතව බිහි විම නිසා ස්වාභාවික මාධ්‍ය
මුල් කාලයේ ආයතන හා සංවිධාන කොඩියක් යොදාගත් බව
සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වා දෙති
මුල් කාලයේදි රතු ඉන්දියානුවන් පණිවිඩ යැවිම සදහා දුම සහ ගින්දර උපයෝගි කරගත් බව කියවේ.මෙහිදි දුම යොදා ගන්නා පිලිවෙළ අනුව පනිවිඩ වර්ග කරන අතර ගිනිගොඬේ වටප‍්‍රමාණය හා උස අනුව පණිවිඩ අර්ථ කථනය කරනු ලැබේ.මේ ආකාරයට පුද්ගලාන්තර සන්නිවේදන සදහා ප‍්‍රාථමික යුගයේදි යම් යම් දෘශ්‍ය සංඥා උපයෝගි කර ගෙන ඇත.

”කොඩියද” පුද්ගලාන්තර සන්නිවේදනය සදහා යොදා ගත් තවත් දෘශ්‍ය රූපයකි. යන් සෙම්පෝ කොඩි
^semaphore code) නමින් හැදින්වෙන මෙම ක‍්‍රමය අතීතයේ බහුල යොදා ගෙන ඇත.කොඩිය ඔසවන ප‍්‍රමාණය හා කොඩියේ ප‍්‍රමාණය අනුව ඉදිරිපත් කරන අදහස් වල විවිධත්වයක් දක්නට ලැබුණි . දුම’ගින්දර ’කොඩි එසවිම වැනි මාධ්‍යය මගින් සංදේශ යැවිම තවදුරටත් දියුණු වුයේ සංඥා බස නිසි අයුරින් වර්ධනය විමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.නුතන යුගයේදි පාවා තම අනන්‍යයතාවය ප‍්‍රකාශ කිරිමට’ සන්නිවේදනයට’විවිධ රටවල් යොදා ගැනිම මගින් එය මනාව පැහැදිලි වේ.

මේවා ශබ්දයෙන් තොර සන්නිවේදන ක‍්‍රමයන්ය.මානවයාගේ පරිණාමයත් සමග සංඥා බස ඉක්මවා ශබ්දය ආකාරයෙන් පණිවිඩ යැවිමේ ක‍්‍රම පිළිබද සොයන්නට විය.භාෂාව උපත ලැබුවේද එහි ප‍්‍රතිඵල වශයෙනි.මහ වනය මැද ජිවත් වු ප‍්‍රාථමික යුගයේ මිනිසාට සතුන් දඩයම් කරන්නට යාමේදි සිය අදහස් අනෙක් අයට දන්වන්නට අවශ්‍ය වන්නට ඇත. එදිනෙදා මුලික අවශ්‍යතා පිරිමසා ගැනිම මිසක සංකිර්න අවශ්‍යා ඔවුන්ට නොවිය.එ නිසාම හුවමාරු කරගැනිමට අවශ්‍යව තිබු පණිවිඩ ඉතා සීමිත වන්නට ඇත.වනාන්තරයේ අතරමං වු මිනිසා ”හු” හඩ මඟින් සෙසු වර්ගයාට තමන් සිටින පෙදෙස ඇඟවුයේය.


 පරිසරය හා තදින් බැදුණු ඔවුන් තමහිතවතාගේ හඩ ලංව ඇසෙත් එහි ලගා වුයේ ඉවෙන් මෙනි.”හුව” ශබ්ද කරන්නන්ගේ ස්වර තන්තු කම්පනය කරන ආකාරය අනුව ඇති වන හඩෙහි වෙනසක් අන්‍යයන් තේරුම් ගනියි. ශි‍්‍ර ලංකාවේ ගම්බද ප‍්‍රදේශ වල මෙම ක‍්‍රමය බහුලව භාවිතා වු  අතර ඌව ප‍්‍රදේශයට එම නම ලැබි ඇත්තේ එම ප‍්‍රදේශයට ඉහත කි සන්නිවේදන රටාව බහුලව භාවිතා කළ නිසා යැයි ජනවහරේ පවති. ”ඝණ්ඨාරයද” සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයකි.මෙය දුර’ශබ්දය මගින් ජයගෙන  සන්නිවේදනයේ යෙදිම පිණිස යොදාගන්නා ලද්දකි. ආගමික ස්ථාන වල ඝණ්ටාරය බහුලව භාවිත වු අතර දුටු ගැමුණු සද්ධා තිස්ස සහ භාතිය රජු සමයේ ඝණ්ඨා හඩ නැංවිම මගින් පණිවිඩ යැවිම ප‍්‍රචලිතව තිබුණි . ඝණ්ඨාරය හඩ නැංවිම උපදාවයන් හිදි වෙනම ආකාරයකින් ද පොදු ආගමික හෝ වෙනත් අවස්ථාවක වෙනම ආකාරයට ද සිදුවේ

”දුන්නක්” ආධාර කරගෙන පණිවිඩයක් සම්පේ‍්‍රෂණය කිරිමේ ක‍්‍රමයක්ද සාම්ප‍්‍රාදායිකව පැවතුණි. දුණු ශිල්පය පිළිබද හසල දැනුමක් ඇති දුනුවායන් මේ සදහා යොදා ගන්නා ලදි. ලංකාවේද ඉතාමත් ජනප‍්‍රිය පණිවිඩ යැවිමේ මෙවලමක් වු දුන්න පුද්ගලාන්තර සන්නිවේදනයට යොදා ගත්තකි.මේ සදහා නිරන්තරයෙන්ම පණිවිඩ ලබා ගැනිමට හා ඒවාට පිළිතුරු ලබාදිමට නිලධාරින් දෙදෙනෙකු සේවයේ යොදවා තිබුණි. ලංකාවේ ” දෙවනගල” සිට ”බලනගල” කන්දට ඊතල වලින් නිතර පණිවිඩ යවා ඇති බව ඉතිහාසයේ කියවේ
.

පීරු දේශයේ වැසියන් අතර
—^quipu) නුල් ක‍්‍රමය” නමින් පණිවිඩ යැවිමේ ක‍්‍රමයක් පැති තිබේ.මෙහිදි නුල් කීපයක් ගැටගැසිම මගින් එක් ගෝ‍්‍රත‍්‍ර නායකයෙකුවෙත තවත් ගෝ‍්‍රත‍්‍ර නායකයෙක් පණිවිඩයක් යවනු ලබයි.
ඇමරිකාවේ රතු ඉන්දියානු ජාතින් අතර පැවති ”බෙර වැයිමද” තවත් එක් සන්නිවේදන විධි ක‍්‍රමයක් විය.එම බෙර ස ත්ව සම් සහ දැව කදන් උපයෝගී කරගෙන සකස් කරගත් ඒවාය.”ටොම් ටොම්” නමින් හදුන්වනු ලැබු මෙම බෙර වාදන මධ්‍යම අප‍්‍රිකාවේ ද ආදි ගෝ‍්‍රති‍්‍රක සමාජ තුලද දැකිය හැකිය.කැලෑ විදුලි පුවත් නමින්
(jungle telegraph) හැදින්වු මෙය පසු කාලයේදි රාජ නියෝග ’රාජ ආඥා ආදිය නිකුත් කිරිමට යොදා ගන්නා ලදි. සාම්ප‍්‍රදායික ජන සමාජ වලද බෙර ආශි‍්‍රතව සන්නිවේදනය කල දෑ බොහෝය.බෙර’දවුල්’තම්මැටිටම්’උඩැක්කිය මෙන්ම ඝන සුසර ආදි වු නානාවිධ තුර්ය භාණ්ඩ මෙහෙයවා සමාජයේපණිවිඩ බෙදහරිනලදි.

කල බව කියවේ.මධ්‍යම අප‍්‍රිකාවේ ද ආදි ගෝ‍්‍රති‍්‍රක සමාජවල දඩයම් ඒඅනුවඅණබෙර.වදබෙර.මළබෙර’රණබෙර’පුජාබෙර’ලවා කළ සන්නිවේදනයන් දක්නට ලැබුණී.ප‍්‍රාග් බෙෘද්ධයුගයේ සිටම කුමන හෝ රාජ්‍යයික පණිවිඩ හුවමාරුවක් දැනුම් දිමක් කරන ලද්දේ අණබෙර මගිනි.
”මාහැර අනෙක් එළාර රජු නොමරා බෙර හසුරුවා.....”
”නුවර අණබෙර ලවා හාත්පස යොදුනක මිනිසුන් ඓතිහාසික වශයෙන් තත් මුලාශ‍්‍රවලින් ඒබව හෙලිදරව් වේ.19 වන සියවසේ පලමු දශක කීපය දක්වාම අණබෙර සන්නිවේදන ක‍්‍රමවේදය පවත්වාගෙන ආ බවට තොරතුරු ඇත.මෙය ක‍්‍රමයෙන් ලාංකීය ජන ප‍්‍රවාහයෙන් දුරස්ථ බවට පත්විමට පෙලඹ වුයේ1800 පමණ දේශිය මුදාණ ශිල්පය දියුණු විම හේතු කොට ගෙන සාම්ප‍්‍රදායික සන්නිවේදනය අභිබවා විද්‍යුත් සන්නිවේදනය හදුන්වා දිමය.

රූපවාහිනිය’ ගුවන්විදුලිය’දුරකතනය’සෙලියුලරය වැනි සන්නිවේදනය තාක්ෂණයේ රුසක ආරම්භයට පෙර සාම්ප‍්‍රදායික සන්නිවේදනය ලෙස පැවති තාත් කාර්යාවලිය මහත් මෙහෙයක් ඉටුකරන ලද බව සැලකුව මනාය.  සියලු සාම්ප‍්‍රදායික හෝ අධ්‍යයතන විද්‍යුත් සන්නිවේදනයට භාෂණය පදනම් වි ඇති බව විද්‍යුත් සන්නිවේදනයට පදනම් වි ඇති බව විද්වත් මතය වි ඇත.


රටවටා මුහුද හා ධිවර කටයුතු හා මුතු බෙල්ලන් ඇල්ලිම පැවති ලාංකික සමාජයේ බෙල්ලන් උපයෝගි කරගෙන ”සක් පිඹිිම” මගින්ද සන්නිවේදනය කරනු ලබන සතුන්ගේ අං උපයෝගි කරගෙන ”නලාපිඹිිම”මගින්ද පණිවිඩ නිකුත් කරනු ලැබිය.
සද්ධර්මරත්නාවලිය නැමති බෙෘද්ධ කථා සංග‍්‍රහය කියවන අයකුට ඝෝෂක වස්තුව නමැති අපුරු කථා පුවතක්  හමුවේ .ඉතා ගැඹුරු කටහඩක් ඇති එක්තරා මානවයෙකුට රජවාසලේ නිවේදන කටයුතු කිරිමට අවස්ථාවක් ලැබෙන ආකාරය ඉන් කියවේ.පැරණි පර්සියාවේ ජනයාට පණිවිඩ යැවිම සදහා බො හෝ ඇතට හඩ මෙහෙයවිය හැකි ඝෝෂකයන්ගේ සේවය අවශ්‍ය විය. වකුටු කරගන්නා ලද අත් මුවට තබාගත් මිනිසෙක් කතාකල හැකි තවත් මිනිසෙක් ඒ පණිවිඩය ගෙනයයි. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා [කි‍්‍ර.පු356-323]මෙලෙස නිවේදන නිකුත් කිරිමට එක්තරා දිග නලාවක් වැනි උපකරනයක් භාවිත කළ බව කියවේ.එය අද හැදින්වෙන්නේ ”මෙගාපා්න්” යන නමිනි.එහෙත් ඇලෙක්සැන්ඩර් රජ දවස මේ උපකරනයෙන් ලැබුන ප‍්‍රයෝජන අද අප ඊට වඩා ක‍්‍රම විකාශනයෙන් නුතන මෙවලම් ක‍්‍රමයකින් ලබා ගනිමු.නවින මෙගපෝනය විද්‍යුත් උපකරනයක් ලෙස සැලසුම් කිරිමට මුල් වුයේ යට කි නලාව විය යුතුය.මෙගපෝන් යනු ගි‍්‍රක යෙදුමකි.
[magas]යනු මහ 
[phone]යනු හඞ යන්නය.එබැවින් මහා හඩ යන්න එහි තේරුමයි.නවින සන්නිවේදන උපකරණ හදුන්වන බොහෝ වදන් ගි‍්‍රක බසට සම්බන්ධ වේ.
සාම්ප‍්‍රදායික වශයෙන් පැවත එන පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයන් රාශියක් අද පවා අපේ සමාජයේ දක්නට ලැබේ. කටකතා. ඹිපාදුප.කසුකුසු එම සන්නිවේදන ක‍්‍රමයන් අතර වේ


.යම් ආරංචියක් පිලිබද ව තොරතුරක් නිශ්චිතව නොදැන කටින් කට පැතිරවිම කටකතාවලින් සිදු වේ. මෙහි අගට ”ළු” ප‍්‍රත්‍ය බොහෝ විට එක් වේ.එයින් තොරතුරේ සත්‍යාසත්‍ය බව නිශ්චිිත නොවන බව අඟවයි.කටකතා යනු අදටත් වඩා ජනපි‍්‍රය සන්නිවේදන ක‍්‍රමයකි.විටෙක ජනමධ්‍යටත් වඩා ඉක්මනින් කටකතා තුළින් සමාජයේ පණිවිඩ හුවමාරුව සිදු වෙයි.සත්‍යාසත්‍ය බව නිශ්චිත නොවුනද කටකතා සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කල හැකි භාවිතාවක්ද නොවේ. ” ඕපාදුප ”යනු නොවටිනා කතාබහය.ඒවා අර්ථ පුර්ණ බවින් තොරය.අසල්වාසින්ගේ කථා,හැසිරිම් ආදිය  උපහාසයෙන් ගොනු කිරිමක්  ඕපාදුප වඩාත් ප‍්‍රචලිතය.බොහෝ විට මෙහිදි සන්නිවේදකයින් වන්නේ කාන්තාවන් බව නොරහසකි.
යම්පුද්ගලයකු පිළිබද නොයෙක් නොයෙක් ආරංචි ,පවුල් ප‍්‍රශ්න බොහෝ විට  ඕපාදුප වලට මාතෘකා වේ..වාචික පණිවිඩ හුවමාරු ක‍්‍රමයක් ලෙස ගැමියන් අතර ”නොයෙක් ආරංචි සිදුවිම්,පවුල් ප‍්‍රශ්න බොහෝ විට ” ඕපාදුප වඩාත් ප‍්‍රචලිත වුවද  ඕපාදුප කියන්නන් පහත් කොට සැලකීමට ,අවඥාවට ලක්කිරිමටද ගැමියෝ පසුබට නොවුහ
.
”කසුකුසු”යනු මුමුණා කිමයි.අන්අයට නොඇසෙන සේ රහසේ කනට මුමුණා කියන දේ පුද්ගලාන්තර සන්නිවේදනය  තුල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයකි.දුර්වල ආත්ම ශක්තියක් ඇත්තාවුන් භාවිත කරන තවත් එක් ක‍්‍රමයක් ලෙසට මෙය සැලකිය හැකිය.
පුද්ගලාන්තර සන්නිවේදනයේදි යමෙකු සන්නිවේදන කාර්යයේ නියැලිමට පෙර අනෙක් පුද්ගලයාගේ සමාජපසුබිමට ,සංස්කෘතියට අනුව හැසිරෙනු දක්නට ලැබේ.හිස් වැසුම්ගැලවිම,හිස නැවිම,හුන් තැනින් නැගිටිම,දෙඅත් එකතු කර වැදිම,ආදිය වැඩිහිටිටයන්ට,පුජ්‍ය පක්ෂය සමඟ කරන සන්නිවේදනයේදි දක්නට ලැබෙන හැසිරීම් රටාවන්ය.එම අටස්ථාවන්හිදි භාවිත කරන භාෂාවද ඇතැම් විට ගෞරව බහුමානයෙන් යුක්ත වේ

.ජනජිවිතයේ දක්නට ලැබෙන ”ජනකවියද”එක් සන්නිවේදන ක‍්‍රමයකි.ගැමියන්ගේ ජිවිතයේ වැඩි කාලයක් ගෙවි ගියේ වනාන්තරය ඇසුරේ ජිවිතයටය.දඩයම් කිරිමට අමතරව කැලේ කොටා හේන් වගා කල අතර එය ආරක්ෂා කිරිමට දැවදඩු වැට බැදිමට අමතරව වගාවන් ආරක්ෂා කිරිමටද ඔවුන් විසින් කල යුතු විය.එය ප‍්‍රදේශය විමර්ශනය කිරිමට හා තොරතුරු ප‍්‍රදේශය පුරා සන්නිවේදනය කිරිම සදහා පහසු මාධ්‍ය මධ්‍යස්ථානයක් විය.හේන්වගාව ආරම්භ වීම සමග ගම් පොකුරේ පිරිමින් වැඩිදෙනා හේන්වලය.ගැමියන් පරම්පරාවෙන් පරම්පරාවට තමන් ලද දැනුම පසු පරම්පරාවට හදුන්වා දුන්නේ එම කටයුතු වලට හවුල් කර ගනිමිනි.එදිනෙදා හේන් කෙටිම,කුඹුරු කෙටිම,බඹර කැඩිම වැනි ජිවන වෘත්තින් වල නියලීමේදි දෙවියන් පුදා වැඩ ඇරඹු ඔවුන් පාලුව මහන්සිය හා විඩාව තුනී කරගැනීම තුළින් ජිවිතය ගෙන යාමට ධෛර්ය,සාමුහිකත්වය ලැබිම සදහා ජනකවි ගායනා කලෝය.

මෙම ගායනා පරම්පරාවෙන් පරම්පරාවට ආවකි.එය ජිවිතය නිරූපණය වන ජන සාහිත්‍යයක් ලෙසින්ද විමසිය හැකිය. පුවතක් හෝ සිද්ධියක් එමකවිවල ගැබ් වු අතර ඒවායේ ග‍්‍රාහකයෝ වුයේ බොහෝවිට තවත් එවැනිම හේනක පැල් රකිමින් සිටින ගැමියෙකි.කටහඩ සහ තාලය මාධ්‍ය වු අතර මාධ්‍ය ලද බවට ප‍්‍රතිපෝෂණය වුයේ ඈත පැලකින් හඩනගා කියු එවැනිම කවියකි.මෙම පද්‍යමාධ්‍ය කෙතරම් ප‍්‍රබලව පැවතියේද යත් ප‍්‍රතිපෝෂණයද නිර්මාණාත්මකව ඉදිරිපත් විය.

ඉහත දැක්වු ක‍්‍රමෝපායන් මගින් පණිවිඩ යැවිම සිදුවුවද ඒවා එතරම් සාර්ථක නොවීය.ස්වාභාවික උපද්‍රව මගින් ,දේශගුණික තත්ත්වයන් නිසා මෙන්ම අර්ථබාධක ඇතිවීම නිසාද මෙම ක‍්‍රම මගින් සන්නිවේදනය ඇතැම් විට ගැටලු සහගත විය.පුද්ගලිකත්වය සුරුකෙන ආකාරයට වඩා වේගවත් හා විශ්වසනීයත්වයකින්ද පණිවිඩ යැවිය හැකි තවත් ක‍්‍රමෝපායන් යොදා ගෙන තිබු බව මේ පිලිබදව අධ්‍යනය කිරිමේදි පෙනි යයි.
”සංදේශයක්”යනු මැනවින් දැක්විම ,මනා වු අරුත දනවන පද ලෙසට ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල දක්වා තිබේ.නමුත් සංස්කෘත සාහිත්‍යයේ ආඥාව ,ආරංචිය ලෙසට සන්දේශය හදුන්වා දී තිබේ.පණිවිඩ,සංදේශය
^massage)ගැන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවසන්නේ වාචිකව හෝ ජනමාධ්‍යයක් ඔස්සේ හෝ ගා‍්‍රහක ක්ෂේත‍්‍රයක් කරා යොමු කරවනු ලැබු ප‍්‍රකාශනය හෝ  අන්තර්ගත විෂයය ලෙසිනි.
මෙයාකාර වු සංදේශ යැවිම සදහා යොදාගත් ක‍්‍රම3ක් ඉතිහාසයේ දක්නට ලැබේ.එනම්
x    ධාවකයන්
x    පක්ෂින්
x    දුතයන්
ධාවකයන් යොදා ගැනිම යනුවෙන් හදුන්වන්නේ පණිවිඩයක් රුගෙන නියමිත ස්ථානයට දිව යාමයි.කිසියම් සංදේශයක් අභිමත තැනකට යැවිමට බැරිවු නිසා ඇතැම්යුද්ධ පැරදුණු හැටි වාර්තා වි ඇත.කිසියම් තොරතුරක් නිසි ලෙස සංදේශ ගත කිරිමට හැකිවු නිසා යුද්ධ ක‍්‍රමෝපායන් මගින් ජයග‍්‍රහනය කරා යාමට පුලුවන් වු බවද එසේම වාර්තාගතය.වරෙක ඇතෑන්ස් වැසියන් හා පර්සියන් වැසියන් අතර යුද්ධයක් හට ගත්තේය.එහිදි”පිඩිිපඩිස්
(pheideppides)නැමති පුද්ුගලයා ඇතෑන්ස් වැසියන්ට උපකාර ඉල්ලන පණිවිඩයක්ද රුගෙන සැතපුම්150 දිව ගිය බව ගි‍්‍රක සන්නිවේදන ඉතිහාසයෙන් කියවේ.මෙම සිදුවිම සිදුවුයේ කි‍්‍ර.පු 490 දි පමණය.ධාවන ශුරයකු වු ”මැරතන්”නැමැත්තාද එවැනි ධාවකයෙකි.යුද ජයග‍්‍රාහණය සදහන් සංදේශය රුගෙන දිව ගොස් එය බාරදුන් මෙහෙතේ පඩිිපෙළකින් ඇද වැටි ඔහු මිය ගිය බව කියවේ.අද දක්නට ලැබෙන ඒ සිදුවිම ස්මරණය කරන්නකි.

සංදේශහාරකයන් වශයෙන් සතුන් යොදා ගැනිම බොහෝ රටවල චිරාගත සිරිතක්ව පැවති බව පෙනේ.කිසියම් සංදේශයක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට පරෙවියකු වැනි කුරුල්ලකු යොදා ගන්නා ලද්දේ ඒ කුරුල්ලාට ඉතා සියුම්ඉවක් මෙන්ම දිශාව පිළිබද අපුරු හැඟිමක්ද තිබෙන බැව් විද්‍යාඥයෝ කියති.කි‍්‍ර.පු43 පමණ කාලයේදි පවා පයක සටහනක් ගැටගැසු පරෙවියන් අභිමත  තැනකට යැවිමට සේනාධිපතියන් සමත් වු බව කියවේ.සිරියාව’මෙසපොතේමියාව වැනි දේශයන්හි රජමැදුරු වල මේ සංදේශහාරක ක‍්‍රමය භාවිතා කරන ලදි.

1840 දි හාවේස් පුවත් ඒජන්සිය
HAWES NEW AGNCY) ලන්ඩනයේ සිට පැරිසියට පුවත් යැවිම සදහා පරෙවියන් යොදා ගන්නා ලදි.පළමු ලෝකයුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය යුද්ධ හමුදාවට සම්බන්ධ පරෙවියන් 15 දෙනෙකු සංදේශහාරකයන් ලෙස සේවය කළ බව සදහන් වේ.යුද්ධය අවසාන වන විට මේ සංඛ්‍යාව 20’000 දක්වා නැග තිබුණි  පැරිස්  බර්ලින් නගර දෙක අතර පරෙවියෙකුට පියෑඹීමට ගත වන්නේ පැය2කි.ඒ නගරදෙක අතර ගමන් කළ අශ්වරථයකට පැයනවයක් පමණ ගත විය.මේ නිසා පක්ෂින් යොදා ගැනිම පණිවිඩ යැවිමපැය හතකින් වේගවත් විය
.
සිංහල කාව්‍ය යුගයේ සැළලිහිණියන් ’පරෙවියන්’ගිරවුන්’හංසයින්’වැනි පක්ෂින් සංදේශහාරකයන් ලෙස යොදා ගෙන තිබෙි.පණිවිඩය ගෙන ගිය පක්ෂියා ඉතාමත් වර්ණාවට පාත‍්‍ර කිරිම සිංහල සංදේශ සාහිත්‍යයේ දක්නට ලැබේ.මයුර සංදේශයේ පණිවිඩ ගෙන යන මොණරා එහි මුලින්ම වර්ණනාවට ලක් කර තිබේ.”සැරද මියුරි සද මියුරස නදින් නදනා සදැස් පිල් කැල කැල්මෙන් පිනවන සදැස් දුටුවන්”
මෙහි අර්ථය ”මිහිරි නාදයෙන් සිත සතුටු කරන දුටු අයගේ සිත නෙත සදැස් පිල් සමුහයෙහි කාන්තියෙන් තෘප්තිමත් කරවන්නා වු මයුරේන්ද්‍රෝමය’බොහෝ කාලයක් ජිවත් වව”  යන්නයි.කි‍්‍ර.පු 4 වන සියවසේදි පමණ ලියවුණු මහාභාරතයේ එක් උපාධ්‍යානයක් වන නල දමයන්ති කථා පුවතේ නල කුමරු හා දමයන්ති කුමාරිය අතර සන්නිවේදකයකු ලෙස කි‍්‍රයා කලේ හංසයෙක් බව කියවේ.පක්ෂින් යොදා ගැනිම නිසා යවන්නා වු පණිවිඩය වඩාත් වේගයෙන් ලබා දිම වැදගත් කරුණක් විය.


”දුතයන්”යනු ආගමික නායකයින්ට’රජුට’උසස් නිළධාරින්ට සේවය කළ පණිවිඩ ගෙන යාම සම්බන්ධයෙන් පතකළ නිලධාරින් කොටසකි.රාජ්‍යය තුළදි මෙන්ම පිටතදි ද විශේෂ වරප‍්‍රසාද දුතයෙකු වෙත ලබා දිය යුතු යැයි සම්මතයක් එවකට පැවතින.දුතයා හුදෙක් පණිවිඩකරුවෙකුම නොව නියෝජිතයෙකු ලෙසද කි‍්‍රයා කරයි මුල්ම යුගයේ කටවචනයෙන් පණිවිඩ ගෙන අතර පසුව  ලිඛිත සංදේශ භාවිතාව ඇරඹිණි.කි‍්‍ර.පු 512 දි පමණ පර්සියානු මහාධිරාජ්‍යයා වන සේරියස් රජ සිය හමුදාවත් සමග කඵ මුහුදට උතුරෙන් පිහිටා ඇති ස්කයිතියන් ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරිමට ගිය අවස්ථාවේ ප‍්‍රතිවිරුද්ද කණ්ඩායමේ අණදෙන බලධාරියාගේ හසුනක් ගත් එක් දුතයෙක් පැමිණි බව කියවේ.කිසියම්පත‍්‍රයක ’තල් පතක’හෝ   නොලියනු ඒ සංදේශය දැක්වුනේ අචේතනික හා සචේතනික වස්තු රුසකි.සචේනික වස්තු වුයේ මියෙක් මැඩියෙක් හා කුරුල්ලෙකි.අවේනික වස්තු නම්ඊතල කීපයකි.මේ ආකාරයට සංකේතාත්මකව සංදේශ එවු අතර අද වන විටද රාජ්‍ය රාජ්‍යයන් අතර කටයුතු වලදි දුතයන් කි‍්‍රයා කරන ආකාරය දක්නට ලැබේ
.
සංදේශ යැවිම හා සන්නිවේදන ක‍්‍රම භාවිතය පිළිබද ප‍්‍රබල වුත් පර්යේෂණ කිහිපයක් කරන ලද්දේ යුද්ධය කාලීන යුද්ධෝපක‍්‍රම ලෙසින් බව ඉතිහාසය සදහන් කරයි. ඒ අනුව සන්නිවේදනයේ නැගිම හා ජනමාධ්‍යයේ නැගිමට සමාජ විප්ලව බලපා ඇති බව පැහැදිලි වේ.

මෙලෙස පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රම ක‍්‍රමිකව විකාශනය වු නිසා මුහුණට මුහුණලා සිටින්නෙකු සමග පමණක් නොව දුරස් පුද්ගලයන්ටද හැකි විවිධ ක‍්‍රමෝපායන් බිහිවන්නට විය.මේ සදහා තාක්ෂණික දියුණුව මෙන්ම සමාජීය සංවර්ධනයද අත්‍යවශ්‍ය වන්නකි. ඒ අනුව වඩාත් ප‍්‍රචලිත පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයක් ලෙස මේවා වඩාත් ප‍්‍රචලිත වි තිබේ.
1.ලියුම්
^letters&

2.විදුලි පුවත් 

^TeLeGraMeS&
3.දුරකථන
 ^TeLePHOneS&

මේ  සියලූ කරුණු අනුව පෙනි යන්නේ ජංගම දුරකථනය තෙක් සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමවේදයන් ගේ විකාශනය වේ.    

සොඳුරිය…. කාලය කෙතරම් නපුරු ද..

සොඳුරිය….
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැක ගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය ….
පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය ….
ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය ….

ආදරයත් එක්ක අවියෝජනීයව බැඳී තියෙන තවත් දෙයක් තමයි විරහව. මම මෙහෙම කිව්වහම පාඨ‍ක ඔබ හිතයි ඇයි මේ වැලන්ටයින් දවසේ විරහව ගැන කථා කරන්නේ කියලා. ආදරවන්තයන්ගේ දවසේ හැමෝම ආදරය ගැන කථා කරන හින්දා මම හිතුවා ඊට වෙනස්ව ගිහින් ආදරයේ විරහව ගැන කථා කරන්න ඕනෙ කියලා.

ඒත් එක්කම මගේ මුවට ආපු ගීතය තමයි ඔය ඉහත ලියවිලා තියෙන්නේ. මම මාර ආස කරන සින්දුවක්. ඉතිං විරහව ගැන කථා කරන එක පැත්තකින් තියලා මේ සුන්දර ගීතය ගැන කථා කළාට කවුරුවත් මාත් එක්ක තරහ වෙන එකක් නෑනේ. මේ ගීතය තියෙන අපූර්වත්වය තමයි මේ ගීතයේ කියවෙන ප්‍රේමය බිඳී යාමට වරදකරුවා ලෙස ප්‍රකාශ වෙන්නේ “කාලය”. ඒකට හේතුව තමන්ගේ පෙම්වතියගේ වැරැද්දක් වත් තමන්ගේ වැරැද්දක්වත් නොවන බවයි මේ පරාජිත පෙම්වතා පවසන්නේ. ඇත්තටම පරාජිත ආදරයක දී පෙම්වතියගේ වරදින් එය සිදු වුනා නම් ඒක ගැන හිතලා හරි අමාරුවෙන් අමතක කරලා දාන්න පුළුවන්. තමන්ගේ අතින් වුන වැරද්දකින් ඒක සිදු වුනා නම් සදාකාලික පසු තැවිල්ලක් ඉතිරි වෙයි. ඊට වෙනස්ව බාහිර හේතුවක් නිසා සිදු වුනු හෝ බාහිර දෙයක් වෙතට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් හේතුවක් නිසා එය සිදු වුනා නම් ඒක වෙනස්ම විදියක අත්දැකීමක්.
මේක ඉතාමත් අමාරුවෙන් සොයා ගත්තු ආදරයක් බව “පෙරුම් පුරා දුකසේ ගලපා ගත්” “ලොවට හොරා විලි ලා බිහි කර ගත්” වැනි යෙදුම් තුලින් මේ පෙම්වතා අපිට අඟවනවා. අමාරුවෙන් හොයා ගත්තු ආදරයක් කැඩිලා බිඳිලා ගියාම ඇති වන වේදනාව ඉතින් කියන්න ඕන නෑනේ. ඒක හරියට හදවත ඉරි තැලී ගියා වගේ අත්දැකීමක්. කාලයත් එක්ක ඉරි තැලීම් එකතු වෙලා ගියත් එයින් ඇති වුනු රේඛා මැකෙන්නේ නෑ. ඒවා සදාකාලිකයි. ආදරය කරන කාලෙදි හිතේ තියෙන සුන්දරම කවිය තමයි තමන්ගේ ආදරවන්තිය. ආදරය බිඳ වැටිලා සිහින මාලිගා කඩා වැටුනට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ හීනයෙන් ඈත් වෙලා අපේ ජීවිත සටනේ යෙදෙන කොට එයා අපේ හීන වලින් ඈත් වෙලා යනවා. ඒක තමයි ඇත්ත. ඒත් හදවතේ කාටවත් හොයා ගන්න බැරි තැනක තියෙන ඒ මතකය අපිව හුදකලාවේ ඉන්න මොහොතක අපිව මුසපත් කරනවා. ඒවගේ හුදකලාවේ ඉන්න ආදරවන්තයෙක් මුවින් ගැයෙන ගීතයක් විදියට තමයි මට මේක දැනෙන්නේ. “ඒ රුව කෙතරම් මිහිරි ද සොඳුරිද…” ඒ දවස්වල මවපු හීන වල සුන්දරත්වය මතක් වෙන කොට කාල තරණය කරලා නැවත ඒ මොහොතට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඉතින් මේ සේරම දේවල් වලට වරදකරුවා කාලය නැත්නම් වෙන මොකක්ද?
ආදරය කරද්දී බාධාවේ අගය ගැන මම කලින් පෝස්ට් එකක කථා කලානේ. මේ පෙම්වතාටත් තමන් විඳපු දුක් වල මිහිර දැන් තමයි දැනෙන්නේ. අනේ ඒ දවස්වල ඒක දුකක් කියලා හිතුවේ ඇයි? දුක් කම්කොටළුවලින් ඈත් වෙලා බාධා නැති සුන්දර ආදරය කියන මිරිඟුව හොයා ගෙන ගියාට පස්සේ තමයි තේරෙන්නේ දුක් කම්කොටළු පිරුණු පරණ ආදරයේ සුන්දරත්වය.
ඔබත් විරහවේ තියෙන අමුතු සුන්දරත්වය (?) අත්විඳලා බලන්න කැමති නම් නිහඬ පරිසරයක හුදකලාවේ ඉන්න රාත්‍රී කාලයක සඳ එළියේ ඉඳගෙන මේ ගීතය අහලා බලන්න. ඔබ විරහව අත්විඳලා නැතත් ඒක මොනවගේ දෙයක් ද කියලා පොඩ්ඩක් හරි තේරුම් ගන්න ඔබට පුළුවන් වෙන බවට කිසිම අවිශ්වාසයක් නෑ.
අමරසිරි පීරිස්ගේ හැඟීම්බර හඬින් ගැයෙන මේ ගීතයේ රචකයා වන්නේ සමන්ත හේරත්. පද වල අගය තීව්ර වන සේ සංගීතය මුසු කරලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාස.


අන්තර්ජාලය ඇසුරිනි...

Thursday, July 12, 2018

මොනවා හදාගත්තත් කැලෑ සතා තාම ඇඟ අස්සේ කැරලි ගහනවා.



කොහොම හිතුවත් මනුෂ්‍ය ජීවිතය ගැන ලොකු දුකක් ඇති වෙනවා. පුංචි දරුවෝ දූෂණය කරලා මරලා දානවා. තාත්තා, අම්මවයි දරුවවයි මුහුදට තල්ලු කරනවා. මාමලා, සීයලා, තාත්තලා දරුවෝ දූෂණය කරනවා. පෙම්වතියට තෑග්ගක් අරං දෙන්න සල්ලි දුන්නෙ නෑ කියලා අම්මව මරලා ග‍ඟේ හංගනවා.
මිනිස්සු ශිෂ්ටත්වයට පත්වීම සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් තියෙනවා. හැමෝම මේ වගේ අපරාධ නොකළට ශිෂ්ට නොවුණු අශිෂ්ටයොත් අපි හැමෝගෙම ශරීර අස්සෙ ඉන්නවා. අපි කවුරුත් ශිෂ්ට මිනිස්සු නෙමෙයි. අශිෂ්ටත්වය සඟවාගත් ශිෂ්ට මිනිස්සු. ඔය අපරාධ කරන කවුරුවත් මිනී මස්කමින්, දඩයමේ යමින්, සතුන් මරාගෙන කමින් ජීවත් වෙන ගෝත්‍රිකයන් නෙමෙයි. හොඳට අඳින-පලඳින, කන-බොන ශිෂ්ට යැයි සම්මත ජීවිත ගත කරන අය. මේ ශිෂ්ට මිනිහා එක පාරටම අශිෂ්ටයෙක් වෙනවා. අපරාධකාරයෙක් වෙනවා. දරුවව මුහුදට විසිකරලා මරපු තාත්තා ඒ දරුවට ආදරේ නොකරපු තාත්තා කෙනෙක්ද? කවදාවත් දරුවව වඩාගෙන ආදරයෙන් සිප නොගත්ත තාත්තා කෙනෙක්ද? අහල පහල මිනිස්සු කියනවා ඒ තාත්තා දරුවන්ට ගොඩක් ආදරෙන් හිටපු පියෙක් කියලා.
ශිෂ්ට සම්පන්න විදිහට පෙනී ඉන්න අය තමයි මොහොතකින් අශිෂ්ටයො වෙන්නෙ. අශිෂ්ටයාව පාලනය කරගෙන තියාගෙන ඉන්නෙ නීතිය, සදාචාරය, සංස්කෘතිය, ආගම. ඔය සංකල්ප එහා-මෙහා උනාම, විශ්වාසය බිඳ වැටුණාම, කුණුවෙලා ගියාම අශිෂ්ටයා එළියට එනවා. මිනිස්සු හික්මවන්න මේ සියල්ල අසමත් වෙනවා. මිනිස්සුන්ගේ ආශාවන් ඉටුකරන්න සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලිය අසමත් වෙනවා. ආශාව මුදාහැරීම වෙනුවට මානසික පීඩනයට යටවෙලා යටපත් කරගෙන ඉන්නවා. මිනිස්සුන්ට අසීමිත ලිං‘ගික ආශාවන් තියෙනවා. හැබැයි ඒක සත්තු වගේ නිදහසේ මුදාහරින්න බෑ. ශිෂ්ටත්වයට යටත්ව මුදාහරින්න කියන ඉඩකඩ අපි වගේ රටවල්වල අඩුයි. ලිංගිකත්වය මහ බරපතළ අපරාධ විදියට තමයි සලකන්නෙ. එහෙම උනාම ස්ත්‍රී දූෂණ, ළමා අපචාර විදිහට තමයි ලිංගික ආශාව මුදාහරින්නෙ. අපි අශිෂ්ටයාව බොහොම දරුණු විදිහට හංගගෙන උපාසකයො වගේ ජීවත් වෙන ජාතියක්. අපේ අව්‍යාජත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් අපට තියෙනවා. අපි හොඳයි, අනිකා තමයි නරක වගේ අදහසක් හැමෝගෙම හිතේ තියෙනවා.
මරන දඬුවමෙන් රටවල් ශිෂ්ට කරන්න බෑ. අරාබි රටවල් ශිෂ්ටද? අතපය කැපුවත්, බෙල්ල කැපුවත් අපරාධ කරනවා. මිනිස්සු ශිෂ්ටවීමේ ප්‍රශ්නය ඉතිහාසය පුරාම තිබුණ දෙයක්. අපිත් වනාන්තරයෙන් එළියට ආපු සත්ත්ව කොට්ටාසයක්. ඒ සතාට නීතිය, ආගම, සදාචාරය, සංස්කෘතිය  මුණගැහුණා. තමාව පාලනය කරගන්න මේ සංකල්ප හදාගත්තා. මොනවා හදාගත්තත් කැලෑ සතා තාම ඇඟ අස්සේ කැරලි ගහනවා.

 ආදරය  ස්වභාවිකව ඇති වෙන දෙයක් කියලා හිතන්න එපා. ප්‍රේමය, ආදරය, අභ්‍යයාස විදිහට ප්‍රගුණ කරන්න. ආදරය ඉගෙන ගන්න. සමාජයට ආදරය කරන්න ඕන විදිහ ඉගෙන ගන්න. හැමදේම ස්වභාවිකයි කියලා හිතන අය අපරාධවලට යොමුවෙනවා වැඩියි. මේ සියල්ල හදාගත්ත දේවල්. මේවා වෙනස් වෙන්නත්, වෙනස් කරන්නත් පුළුවන් කියලා හිතන්න.

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...