Tuesday, October 23, 2018

සන්නාලියනේ .....

                                   

                                      සන්නාලියනේ .....


ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැකිය.පාසල් අවධියෙ අපි පාසල් යන්නේ සිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙනය. කවදා හෝ හොදින් විභාහග කඩඉම් ජය ගෙන රටෙි පිලිගත් උසස් රැකියාවක් කිරීම අප කාගේත් බලාපොාරාත්තුවයි.නමුත් ඒ සියලු බලාපොරොත්තු ඉටු කර ගැනිමට ලැබෙන්නේ කීයෙන් කී දෙනෙකුටද අප රට තුළ පවතින්නා වූ අධ්‍යාපන ක්‍රමය අනුව පාසල් ගිය පමණින් විභාග සමත් වූ පමණින් උසස් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබෙන්නේ නැත.උසස් රැකියාවක් කිරීමට වරම් ලැබෙන්නේ නැත.ඒ ආකාරයට තමන් බලාපොරොත්තු වූ කඩඉම් වෙත යාමට නොහැකි වූවන්ට සමාජය තුළ හිමි වන තත්වය කුමක්ද ඔවුන් තමන්ගේ අනාගතය සකස් කර ගන්නේ කෙසේද අප සමාජය තුළ එක් මතයක් පවතී.ඒ කුමක්ද යත් —විභාගය පාස් වෙන්න බැරි නම් ගාමන්ටී යන්න තමයි වෙන්නෙ ˜ඇග¿ම් ක්ෂේත්‍රය පිළිබද සමිජය මෙවැනි මතවාද දරන්නේ ඇයි  ඇතැමුන්ගේ අදහස වන්නේ ඇග¿ම් ක්ෂේත්‍රය යනු අඩු වැටුපක් ලබන රැකියාවක් බවයි.නමුත් අපි කවුරුත් දන්නා පරිදි ඇග¿ම් ක්ෂේත්‍රය යනු රටට විශාල වශයෙන් ආර්ථීික වාසි සලසා දෙන කර්මාන්ත අතර මුල් තැනක් ගන්නා කර්මාන්තයක් වන බවයි.
මෙහි සේවය කිරීමට කිසිවකුත් නොමැති වූවොත් ඇග¿ම් කර්මාන්තයට ඉදිරි පැවැත්මක් නැත.ගාමන්ටී කෙල්ලන් ලෙසට සමාජය විසින් හංවඩු ගසන්නා වූ එහි රැකියාවෙී නිරත වන්නා වූ අය එම රැකියාව තෝරා නොගත්තේ නම් ලංකාව ආර්ථීක වශයෙන් කඩා වැටෙනු ඇත.ඔවුන්ට අධ්‍යාපනය ජය ගැනීමට නොහැකි වන්නට ඇත.නමුත් ඔවුන් රටට සිදූ කරනු ලබන්නේ විශිෂ්ඨ සේවාවකි. එසේනම් ඔවුන්ට සමාජය තුළ හිමි කර දි ඇති තත්වය සාධාරණද ජීවිතය යන්න දිය නොමැති කාන්තාරයක් නම් සියලු දෙනාටම ඒ කාන්තාරය තුළ ජලය සොයා ගැනිමට නොහැකිය.ජලය සොයාගෙන එය තරණය කරන්නේ කිහිප දෙනෙකුන් විය හැකිය.නමුත් අනෙකුන් ජලය සෙවීමට ගන්නා උත්සහය අතහරින්නේ නැත.එලෙසට ජීවිතය කාන්තාරයක් නම් සියල්ලන්ටම ජලය නම් වූ සාර්ථක ජිවිතයක් ලබා ගැනීමට හැකි වන්නේ නැත.නමූත් එවුන් කෙසේ හෝ තමන්ගේ ජීවිතය ගොඩ නංවා ගැනීමට උත්සහ කරයි.ඒ ආකාරයට තම ජීවිතය කෙසේ හෝ ගොඩ නංවා ගැනීමෙී අරමුණින් ඇග¿ම් ක්ෂේත්‍රය රැකියාව සදහා මූලික අඩිතාලම වැටෙන්නට ඇත.
උදේ එළි වෙද්දි ඔවුන් තමන්ගෙ රැකියාවට දූවන්නෙ කියට හරී ගෙදර යන්න බලාගෙන.දවස පුරා වෙහෙස මහන්සිය නොතකා කකුල් ඉදිමෙන තුරු මැෂින් පාගන්නෙ දවසෙ ඉලක්කය සපුරා ගන්න.දවසේ මහන්න නියම වෙන ප්‍රමාණයට වැඩිය රෙදි මහල පඩියට අමතරව වැඩිපුර කීයක් හරි ගන්න තමයි ඔවුන් සෑම විටම උත්සහ කරන්නෙ .සතියෙ දවස් පහම වැඩ කරලා සමහර වෙලාවට සති අග දිනවලත් වැඩ කරන්නට ඔවුන්ට සිදූ වෙනවා.උදේට කර්මාන්ත ශාලාව ඇතුළට යන ඔවුන් හවස් වන තුරුම එළියෙ සමාජය තුළ මොනවද වෙන්නෙ කියල දන්නෙ නෑ. අසනීපයට ගන්න නිවාඩුවටත් තමන්ගෙ වැටුපෙන් දාහක් දෙදාහක් කපා ගන්න ඔවුන්ට සිදූ වෙනවා.අවුරුදූ කාලය වැනි උත්සව කාලෙටත් මු¿ රටම සතුට සමරන්න එකතු වෙලා ඉන්න වෙලාවටත් දිවා රෑ නොබලා වැඩ කරන්න ඔවුන්ට සිදූ වෙනවා.ගැනුම්කරුවන්ගේ ඉල්ලුම වැඩි වන දිනයන් වලදි පැයකට රුපියල් හැටක් වැන් මුදලකට රෑ එළි වන තුරු වැඩ කිරිමට සිදූ වෙනවා.එහෙම දවස පුරාම දූක් විදලා තමන්ගෙ නිවසට එද්දි ලමයි "සැමියා තමන්ගෙන් ගොඩාක් දූරස් වෙලා. අම්මාවරුන් ලෙස තමන්ගේ ලමයාගේ අධ්‍යාපන කටයුතු වලට තමන් ලබා ගන්නා වැටුප  යොදවන්නේ තමා විදිනා කරදර"දූක් ගැහැට වලින් ඔවුන් ඈත් කර තැබීමට විය හැක.තමන්ගෙ පවුල් ජීවිතය ගත කිරීමෙී අයිතියත් ඔවුන්ට නොදැනීම ඔවුන්ගෙන් දූරස් වී ඇත.
 ඒ එවුන්ගේ ජීවිතයේ අපි නොදූටු පැතිකඩකි. ඔවුන් හුස්ම ගන්න තත්පරයක් තතපරයක් පාසා එවුන් ජීවත් වෙන්නෙ දැඩී පීඩනයක් සමගිනි .කොපමණ වෙහෙස මහන්සි වී වැඩ කළත් ඔවුන් ගන්නා පඩිය විසිපන්දාහකට වැඩි වෙන්නේ නෑ.ඉතින් මොහොතක් සිතන්න.එවුන්ට සමාජය තුළ හිමි විය යුතු තත්වය කෙබදූද අපි ඔවුන්ට ගෞරව කල යුතු නොවෙීද 
සන්නාලියනේ..... එබෙි දෑතේ දෙපයේ වීරිය තිබෙන තුරු රටද ස්වයංපෝෂිත වනු ඇත.ඔබ දූර්වල වුවහොත් අපද දූර්වල වනු ඇත.  

No comments:

Post a Comment

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...