Tuesday, October 23, 2018

ගීතය වනාහි........


                                       ගීතය වනාහි........


ගීතය වනාහි මිනිසුන්ගේ රසවින්දනය සඳහා භාවිතා කරන්නා වූ නිර්මාණාත්මක අංගයකි. එදා ඇත අතීතියේ සිට මිනිසුන්ගේ තනිකම පාලූව" කාන්සිය මකාගැනීම සඳහා විවිධ ගීත ගායනා කරමින් එÈනෙදා කාර්යයන්හි නිරත විය. එදා මිනිසුන් ඔවුන්ගේ ජීවනෝපාය ආශ්‍රිතව ඇතිවන්නා වූ පා`ඵව" කාන්සිය මකාගැනීමට ජනකවි ගායනා කළහ. මුලින්ම ගීතය බිහිවීමට මුල්වන්නේ රජගෙදර රජුට රසවින්දනය සඳහා රාජගුණය වර්නනා කරමින් කවි ගායනා කරන්නට යොදගත් ප්‍රශස්ති ඇසුරිනි. ඉන්පසු කමතේ වැඩකරන මිනිසුන් කමත් කවි" පැල් රකින මිනිසුන් එදා දවස ගෙවා ගැනිමට පැල් කවි" පාරු පÈන මිනිසුන් පාරු කවිද" මෙන්ම ගොයම් කවි" ඔලිද කවි" ආ§ වු විවිධ අලංකාර කවි අතීතයේ භාවිතා විය.එදා ඒ මිනිසුන්ගේ දූක් කරදර ආදී වූ සියල්ල ඔවුන් යම් රිද්මයක් සහිතව ඉදිරිපත් කරන්නට විය. මේ ආකාරයෙන් ගීතය බිහිවීමට මුලික අඩිතාලම වැටෙන්නට විය. ලාංකීය ගීත කලාව තුළ ගීතයට පෙර භාවිතා වූ රසවින්දන මාධ්‍යයක් ලෙස සංදේශ කාව්‍ය හඳූනාගත හැකිය. ගිරා සංදේශය" පරවිය" හංස සංදේශය" සැළලිහිණි සංදේශය ආ§ වූ සංදේශ කාව්‍ය රාශියක් ශ්‍රී ලාංකීය සාහිත්‍ය තුළට එක් වන්නට විය. එහි§ එකල සිටි කවීන්ගේ නිර්මාණාත්මක ඇස විවිධ කාරණා ඔස්සේ Èවයන්නට වුයේය. ඒවායේ පරිසර වර්ණනා" රජු වර්ණනා" කාන්තා වර්ණනා  වශයෙන් වැනුම් අන්තර්ගත විය. 
විශේෂයෙන්ම කෝට්ටේ යුගයේ රචිත ගිරා සංදේශය තුළ තොටගමුවේ රාහුල හිමියන් තරුණ කාන්තාවන්ගේ තොල් ඉÈනු කොවක්කා ගෙඩිවලට සමාන කර ඇත්තේ ඉතා අලංකාර උපමාවක් යොදාගනිමිනි. මේ ආකාරයට කවීන් විසින් ඉතා අලංකාර උපමා රුපක භාවිතා කරමින් කාව්‍ය නිර්මාණයේ නිරත විය. එලෙස සංදේශ කාව්‍ය නිර්මාණය විය. ඉන් පසු කොළඹ යුගයේ වැඩිහිටි කවි පරම්පරාව" හෙළ හවුලේ කවීන්" කොළඹ යුගයේ තරුණ කවි පරම්පරාව" නුතන කවි පරපුර ආ§ වශයෙන් කවිය ප්‍රධාන වශයෙන් බෙදා වෙන්කර හැකිය. වැඩිහිටි කවි පරම්පරාව තුළ මුලික ලක්ෂණය වූයේ ජාත්‍යාලය මුලික කර ගනිමින් කවි නිර්මාණය කිරීමයි. එහි§ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැනි කවීන් ජාතික තොටිල්ල වැනි කවි පන්ති මගින් ඉංග්‍රීසිි ගැති සිංහලයන්ට පහර ගැසීමට සමත් විය. එහි§ ඉංග්‍රීසින්ට කත් ඇ§ම ඔවුන් පැහැÈලිව හෙලා දැක්වූ අතර ඒ පිළිබඳ කවිය අවියක් කරගත්හ. ඉන් පසු බිහි වූ කවි පරම්පරාව වන්නේ හෙළ හවුලේ කවියයි. මුණිදාස කුමාරතුංග වැනි කවීන් හෙළ හවුලේ කවීන් ලෙස හැÈන්විය හැකිය. ඔවුන්ගේ මුලික අරමුණ වුයේද රට තුළ දැනට විනාශ වෙමින් යන දේවල් පිළිබඳ කවි නිර්මාණය කිරීමයි. එහි§ ඔවුන් වළව් පරම්පරාව පිරිහීම" ලාංකීය සංස්කෘතිය" සාරධර්ම පිරිහීම ආÈය පිළිබඳ වු කවි රචනා කළහ. ඉන් පසු බිහි වූ කොළඹ යුගයේ තරුණ පරම්පරාව නිදහස් කවිය කරා පිවිසෙන්නට විය. හෙළ හවුලේ කවි යුගය දක්වා ඔවුන් තම නිර්මාණ සිදූකළේ යම් යම් මාතෘකා ඔස්සේ යමින් යම් යම් සීමාවලට යටත් වෙමින්ය. නමුත් තරුණ කවි පරපුර විවිධ පැතිකඩ ඔස්සේ යමින් තම කවි නිර්මාණ සිදූ කළහ. මඩවල එස්. රත්නායක" මහගම සේකර" යමුනා මාලනී පෙරේරා කිවිÈය වැනි නිර්මාණ කරුවන්ගේ නව නිර්මාණ තුළින් කවියේ පුනර්ජීවනය සඳහා කටයුතු කරන්නට විය. කවි පරම්පරා මෙලෙස ලාංකීය ගීත කලාවේ ආරම්භයට මුලික අඩිතාලමක් වැටෙන්නට විය . එකල කවීන් විසින් විවිධ වර්ණනා" උපමා" රූපක යොදගනිමින් පද සංඝට්ටනයෙන් යුතු කවි නිර්මාණය කරන්නට නියලූණි. මුලික වශයෙන් මෙම කවි ආභාෂය ලබමින් ගීත කලාවට පිවිසුනු කවීන් ඉතා අර්ථවත්ව ගීත නිර්මාණය කරමින් කලා කේෂත්‍රයට විශාල මෙහෙවරක් සිදූකරන්නට විය. එදා ගීත කලාව තුළ ඇති ගීතවල සැගවුණු අර්ථයන් තිබුණි. තමාට එම ගීතය තුළින් කීමට අවශ්‍ය දේ ව්‍යංගාර්ථ මගින් ලබා §ම එම ගීත ලස්සන කරන්නට විය. ගීතයකින් පැවසීමට අවශ්‍ය දේ එක්වරම එක එල්ලේ ප්‍රකාශ නොකර එය වක්‍රව පැවසීමට එදා යුගයේ කවීන් තුළින් දැකගන්නට තිබු ලක්ෂණයකි. එදා කෝට්ටේ යුගයේ රචිත ගිරාව තුළ තොටුගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් ව්‍යංගාර්ථ භාවිතා කරමින් කාන්තාවන් පිළිබඳ විස්තර කළේය. දෙවැනි පැරකුම්බා රජුව වර්ණනා කලේ සිංහයෙකුට සමාන කරමිනි. මේ ආකරයට යමින් ගීත කලාවට පිවිසුනු නිර්මාණකරුවන් තම නිර්මාණය විවිත්‍රවත් කිරීම සඳහා ඉතා අපුර්ව ලෙස උත්සාහගෙන ඇත. 
මේ ආකාරයෙන් එදා ආභාෂය අදටත් භාවිතා කොටගෙන ගීත සම්ප්‍රදාය ඉÈරියට රැගෙන යාමට ගීතකරුවන් සමත් විය. ගීතය වනාහි රසික සිත් ඇදබැද තබාගනිමින් සිත එක්තරා දූරකට එක`ග කර ගැනීමට යොදාගත හැකි එක් උපක්‍රමයකි. ගීතය වූ කලී මිනිසුන්ගේ ජීවිතය එක් ප්‍රධාන අංගයක් වී හමාරය" විවිධ ආභාෂයන් දරමින් ගීත කේෂත්‍රයට පිවිසුන ගීතකරුවන් විසින් මොනයම් සිද්ධියක් හෝ අවස්ථාවක් කථා වස්තුව කරගනිමින් ් නිර්මාණය වූ ගීත අපට දැක ගත හැකිය. ගීතය වූ කලී මිනිසුන්ගේ ජීවිතය එක් ප්‍රධාන අංගයක් වී හමාරය" 

No comments:

Post a Comment

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...