Thursday, August 2, 2018

මැලේරියාව යනු

මැලේරියාව යනු


                                        

මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු (ඒක සෛලික ජීවියෙක්) වූ පරපොෂිතයෙකුගෙනි. එය ඇමරිකාව , ආසියාව සහ අප්‍රිකාව වැනි නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල වඩාත් පුළුල්ව පැතිර පවතී. සෑම වසරක් තුළම එමගින් මිලියන 515 ක් තරම් ජනතාව රෝගී කරන අතර මිලියන 1 සිට 3 අතර රෝගීන් ප්‍රමාණයක් මරණයට පත්කරනු ලබයි. මේ අතරින් බහුතරයක් වනුයේ උපසහරා අප්‍රිකාවෙහි ජීවත් වන කුඩා ළමුන්ය. මැලේරියාව බහුල වශයෙන් දිළිදු බව සමග අනුබද්ධව පැවතුන ද එය දිලිදුකම සහ ආර්ථික වර්ධනයට ඇති බාධාවලට හේතුවක් ලෙස ද ඇති වේ.මැලේරියාව බහුලවම ඇති බෝවන රෝග වලින් එකක්වන අතර එය දැඩි මහජන සෞඛ්‍ය ගැටළුවකි. මෙම රෝගය ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපොෂිතයෙක් මගිණි. මිනිසුන් හට ආසාදන ඇති කළ හැක්කේ මෙම ප්ලැස්මෝඩියම් වර්ගයට අයත් පරපෝෂිතයන් 4 දෙනෙකුගෙන් පමණි. වඩාත් දරුණු මැලේරියා රෝග තත්වයන් ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ෆල්සිපාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නම් පරපෝෂිතයන්ගෙනි. නමුත් අනෙකුත් වර්ග දෙක වන ප්ලැස්මෝඩියම් ඕවාලේ සහ ප්ලැස්මෝඩියම් මලාරියේ යන පරපෝෂිතයින්ට ද මිනිසුන් හට ආසාදන ඇති කිරීමේ හැකියාව ඇත. මෙම මිනිසුන් සදහා රෝග ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂවලට මැලේරියා පරපෝෂිතයින් ලෙස සාමාන්‍ය වහරයේදී හැදින්වේ.මැලේරියා පරපෝෂිතයින් පරිවහණය කරනු ලබන්නේ ගැහැණු ඇනෝපිලස් මදුරුවකු මගිණි. මෙම පරපෝෂිතයින් මිනිසාගේ රුධිරයෙහි වූ රක්තානුවල ගුණනය වීමෙන් රෝග ලක්ෂණ ඇති කරනු ලබයි. ඒවා නම් රක්ත හීනතාවයෙහි රෝග ලක්ෂණ, (හිසෙහි ඇති වන සැහැල්ලු බව, හුස්ම ගැනීමේ අපහසුතාව, හෘද ස්පන්ධනය ඉහළයෑම ....) උණ , ඇග සීතල වීම, ඔක්කාරය සහ රෝගය වඩාත් දරුණු අවස්ථාවන්හිදී කෝමා තත්වය සහ මරණය පවා ඇති වේ. මැලේරියා රෝගය ව්‍යාප්ත වීම මදුරුදැල් සහ කෘමිවිකර්ශක ද්‍රව්‍ය භාවිතා කර ගැනීමෙන් මදුරුවන් ලවා දෂ්ටවීම වළක්වා ගැනීම මගින් අවම කර ගත හැකිය. කෘමිනාශක වර්ග ඉසීම හා මදුරුවන් බිත්තර දමන ජලය එකතු වන තැන් ඉවත් කිරීම මගින් ඔවුන් බෝවීම පාලනය කළ හැකිය.

ඇතැම් එන්නත් වර්ග පර්යේෂණ මට්ටමෙන් පැවතුනද මේ වන විට මැලේරියාවට එරෙහි එන්නතක් සොයා ගෙන නොමැත. රෝගය ඇති වීම සදහා ඇති අවධානම අඩුකරගැනීම සදහා රෝග වළක්වා ගැනී‍මේ ඖෂධ වර්ග නොකඩවා භාවිතා කළ යුතු වේ. රෝගය බහුලවම පවතින ප්‍රදේශ වල ජීවත් වන ජනතාව සදහා මෙලෙස රෝග වළක්වා ගැනීම සදහා ඖෂධ භාවිතා කිරීම ඇතැම් අවස්ථාවලදී අපහසු වන්නේ ඒවා මිල අධික බැවිණි. රෝගය බහුලව පවතින ප්‍රදේශවල සිටින වැඩිහිටියන් බොහොමයකට දිගු කාලීනව වරින් වර රෝගය ඇති වන අතර ඔවුන් රෝගය සදහා අසම්පුර්ණ වශයෙන් ප්‍රතිරෝධීතාවයක් දක්වති. නමුත් ඔවුන් මැලේරියාව නොමැති ප්‍රදේශයක සැලකිය යුතු තරම් කාලයක් ගත කළහොත් මෙම ප්‍රතිරෝධතාවය අඩුවන අතර එවන් පුද්ගලයින් මාරාන්තික මැලේරියා රෝගී තත්වයන් සදහා ගොදුරු වීමට ද හැකියාව පවතී. එමනිසා එම පුද්ගලයින් මැලේරියා රෝගය පවතින ප්‍රදේශයකට ඇතුළු වන විට සම්පූර්ණ වශයෙන් ආරක්ෂක ක්‍රමෝපායන් භාවිතා කිරීමට තදින්ම අවවාද කෙරේ. ඖෂධ සදහා ඇති ප්‍රතිරෝධීතාවය වඩාත් බහුලවම දක්නට ඇතත් මැලේරියා ආසාදන ක්වීනින් හා ආටිමිස්නීන් ව්‍යුත්පන්න යන ප්‍රතිමැලේරියා ඖෂධ යොදා ගෙන ප්‍රතිකාර කරනු ලබයි.

ඉතිහාසය
වසර 50000 කටත් වැඩි කාලයක් මුළුල්ලේ මැලේරියා රෝගය මගින් පුද්ගලයන් ආසාදයට ලක්කර ඇති අතර මුළු ඉතිහාසය පුරාවටම එය මිනිසුන් සදහා ආසාදන ඇති කරන ව්‍යාධි ජනකයෙකු ලෙස හදුනාගෙන ඇත. මානව මැලේරිය‍ා පරපෝෂිතයින්ගේ සමීප ඥාතීන් මානවයන්ගේ සමීපතම ඥාතීන් වන චින්පන්සීන්ගේ ද දක්නට ඇත. බුද්ධ වර්ෂ 2700 යෙහි මුල භාගයේ දී චීනයේ ද මැලේරියාව මගින් ඇති කරන එයටම අ‍ාවේනික වූ කාලාවර්තන උණ ඇති කිරීමක් (Periodic Fever) පිළිබදව වාර්තා වී ඇත. මැලේරියා යන වචනය සම්භවය වී ඇත්තේ ඉතාලි භාෂාවෙන් “අහිත කර වාතය” යන තේරුම ඇතිවය. මැලේරියා රෝගය වගුරු බිම් ආශ්‍රිතව ඇති වන්නක් නිසා මුල් අවධිවලදී එය ගැහෙන උණ හෝ වගුරු උණ යයි හදුන්වන ලදී.

1880 වේදී මැලේරියාව පිළිබදව සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයන් ඒවායෙහි මුල්ම කැපී පෙනෙන වෙනස් කම් පෙන්නුම් කරන ලදී. චාල්ස් ලුවී අල්පොන්සෝ ලාවේරාන් නම් ඇල්ජීරියාවෙහි හමුදා රෝහලක සේවය කළ ප්‍රංශ ජාතික හමුදා වෛද්‍යවරයෙකු විසින් මැලේරියා රෝගයෙන් පීඩා විදින පුද්ගලයෙකුගේ රතු රුධිර සෛල තුළ වූ මැලේරියා පරපෝෂිතයින් මුල්වරට නිරීක්ෂණය කිරීමත් සමගම ඉහත සදහන් කරන ලද වෙනස් කම් සිදුවුණි. මුල්වරට ඒක සෛලික පරපෝෂිතයෙකු මගින් රෝග ඇති කළ හැකි බවට සොයා ගනිමින් ඔහු විසින් හදුනා ගන්නා ලද මෙම ඒක සෛලික ජීවින් විසින් මැලේරියාව ඇති කරන බවට ඔහු යෝජනා කරන ලදී. ඔහු විසින් සිදු කරන ලද මෙම සොයා ගැනීම සහ පසුකාලීනව සිදු කරන ලද සොයා ගැනීම් සම්බන්ධයෙන් 1907 දී වෛද්‍ය විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය හිමිකර ගන්නා ලදී. මෙම ඒක සෛලික ජීවින් හට ඉතාලි ජාතික විද්‍යාඥයන් දෙපලක් වූ Ettore Marchiafava සහ Angelo Celli විසින් ප්ලැස් මෝඩියම් ලෙස නම් කරන ලදී. මින් පසු වර්ෂයකදී හවානාහි කහ උණ සහිත රෝගීන් හට ප්‍රතිකාර කරන කියුබානු වෛද්‍යවරයෙකු වූ කාලෝස් ෆිනාලෝ විසින් මදුරුවන් මගින් මිනිසාට සහ මිනිසාගෙන් පිටතට රෝග ව්‍යාප්ත කළ හැකි බවට සොයා ගන්නා ලදී. කෙසේ නමුත් ඉන්දියාවෙහි සේවය කරන ලද බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වූ සර් රොනාල්ඩ් රෝස් විසින් අවසන් වරට 1898 දී ඔප්පු කරන ලද්දේ මැලේරියා‍ව මදුරුවන් මගින් පරිවහනය වන බවයි. ඔහු මෙය සිදුකරන ලද්දේ ඇතැම් මදුරු විශේෂ මගින් මැලේරියා රෝගය ව්‍යාප්ත කරන බව පෙන්වීම මගින් සහ ආසාදිත පක්ෂීන්ගෙන් ලේ උරා බොන ලද මදුරුවන්ගේ ඛේට ග්‍රන්ථිවලින් මැලේරියා පරපෝෂිතයින් වෙන්කිරීම මගිනි. ඔහුගේ මෙම සොයා ගැනීම සදහා 1902 දී වෛද්‍ය විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවුණි. ඉන්දියානු වෛද්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමගම රෝස් අළුතෙන් ස්ථාපිත කරන ලද නිවර්තන රටවල වෛද්‍ය විද්‍යාව පිළිබදව වූ ලිවර්පූල් පාසලෙහි සේවයට බැදුනු අතර එමගින් ඊජිප්තුව , පැනමාව, ග්‍රීසිය සහ මුරුසිය යන රටවල මැලේරියාව පාලනය සදහා ක්‍රියාකරන ලදී. ෆින්ලේ සහ රෝස් විසින් කරන ලද සොයා ගැනීම් 1900 දී වොල්ටර් රිඩ්ගේ මූලිකත්වයෙන් පැවති වෛද්‍ය මඩුල්ලක් මගින් සම්මත කරන ලද අතර එමගින් කරන ලද අනුමත කිරීම් ක්‍රියාවට නංවන ලද්දේ පැනමා ඇල ගොඩ නගන කාලසීමාවේදී විලියම් සී ගෝගාස් විසින් සිදුකරන ලද සෞඛ්‍ය වැඩසටහන් වලදීය. මෙම මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකම් මගින් දහස් ගණනක් වූ සේවකයන්ගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබුණු අතර රෝගයට එරෙහිව අනාගතයේ දී මහජන සෞඛ්‍ය ව්‍යාපාර ඇති කිරීම සදහා ක්‍රමෝපායන් ගොඩ නැගීමට ද එමගින් උපකාර වුණි.

මැලේරියා රෝගය සදහා මුල්ම ඵලදායි ප්‍රතිකාර ක්‍රමය වූයේ ක්වීනීන් අන්තර්ගත සින්කෝනා ශාකයේ පොත්තයි. මෙම ශාකය ප්‍රධාන වශයෙන් පීරූ රාජ්‍යයෙහි ඇන්දීස් නම් කදු ගැටයෙහි බෑවුම්වල වර්ධනය වේ. පීරූ රාජ්‍යයෙහි වාසය කරන්නන් විසින් මෙම ස්වාභාවික නිෂ්පාදනය මැලේරියා රෝගය පාලනය සදහා භාවිතා කරන ලද අතර රෝමාණු කතෝලික සභාව විසින් 1640 දී මෙය යුරෝපයට හදුන්වා දෙන ලද අතර එහිදී එය ඉතා සීඝ්‍රයෙන් පිළිගැනීමට ලක්වුණි. කෙසේ නමුත් 1820 දී ප්‍රංශ ජාතික රසායනික විද්‍යාඥයන් දෙදෙනෙකු වන Pierre Joseph Pelletier සහ Joseph Bienaime Caventou විසින් සිංකෝනා ශාකයේ පොත්තෙන් සක්‍රීය අන්තර්ගතය නිස්සාරණය කරගෙන එය ක්වීනින් ලෙස නම් කරන ලදී.

විසිවන සියවසෙහි මුල්භාගයේදී ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමටත් ප්‍රථම උපදංශය සහිත රෝගීන් හිතාමතාම මැලේරියා රෝගය මගින් ආසාදනයට ලක්කර උණ ඇති කරන ලද අතර මෙම ක්‍රියාකාර කම් සිදුකිරීමට පුරෝගාමි වුයේ Julius Wagner Jauregg ය. නමුත් ක්විනීන් භාවිතයෙන් නිරවද්‍යව උණ පාලනය කිරීමත් සමගම උපදංශය සහ මැලේරියාව මගින් ඇතිවන ප්‍රතිඵල අවමකරගත හැකි වුණි. ඇතැම් රෝගීන් මැලේරියාව නිසා මරණයට පත් වුවද එය උපදංශය නිසා ඇති වු ඇතැම් මරණ වලට වඩා වැඩි අවධානයක් යොමුකර ගත්තේය.

මැලේරියා ජීවන චක්‍රයෙහි රුධිරය තුල සහ මදුරුවා තුල ඇති අවධි දහනව වන සහ විසිවන සියවසෙහි මුල්බාගයේදී හදුනා ගත්තද 1980 වන තෙක්ම මිනිසාගේ අක්මාව තුල අප්‍රකටව සැගවී පවත්නා පරපෝෂිත අවධිය හදුනාගෙන නොතිබිණි. මෙම අප්‍රකට පරපෝෂිත අවධිය හදැනාගැනීමත් සමගම ඇතැම් රෝගීන් මැලේරියා පරපෝෂිතයෙන් ඔවුන්ගේ රුධිරයෙන් සම්පුර්ණයෙන්ම අතුරුදන් වී රෝගය සුව වීමෙන් පසුවද වසර ගනාවකට පසු නැවත රෝගය හටගැනීමට හේතුව සොයා ගන්නා ලදී.

නූතන වෛද්‍ය විද්‍යාව සහ එහි ප්‍රායෝගික කරණයේදී විෂබීජ නාශකවල සිට එන්නත් වර්ග සහ ප්‍රතිජීවක ඖෂධ දක්වා විවිධ වශයෙන් දිවෙන ඵලදායී උපකරණ හා ආම්පන්න සමුදායක් පවතී. අතීතයේදී වෛද්‍ය විද්‍යාව ඉතා දුර්වලව පැවති එක් ක්ෂේත්‍රයක් වූයේ වෛරස ආසාදනවලට එරෙහිව ක්‍රියා කළ හැකි ඖෂධයක් සොයාගැනීම සම්බන්ධවය. නූතනයේදී එවන් වෛරස ආසාදනවලින් ඇතිවන රෝග වළක්වා ගැනීම සදහා ඉතාමත් ඵලදායී එන්නත් වර්ග සොයා ගෙන ඇත. නමුත් ඊට පෙර අවධිවල දී යම් කිසි පුද්ගලයෙකුට වෛරස ආසාදනයක් ඇති වුවහොත් ඒ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව නොතිබූ අතර එම රෝගීන් සදහා අනුමත කරන ලද්දේ අදාල රෝගය ස්වාභාවිකවම සුවපත් වන තෙක්ම ප්‍රමාණවත් තරම් විවේක ගැනීම සහ දියර වර්ග පානයට ලබාදීමයි.

ප්‍රථම වරට පරේක්ෂණාත්මක මට්ටමේ ප්‍රතිවෛරස ඖෂධය නිෂ්පාදනය කරන ලද්දේ 1960 දී වන අතර එමගින් හර්පීස් වෛරසයට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව ලැබුණි. මෙම ඖෂධ වර්ග සොයා ගන්නා ලද්දේ සාම්ප්‍රදායිකව සිදු කරන ලද පිරික්සුම් හා වැරදීම් න්‍යාය මත පදනම්ව ඖෂධ වර්ග සොයා ගැනී‍ෙම් ක්‍රමෝපායන් මතයි. ඔවුන් ඉන්පසුව මෙලෙස සොයා ගන්නා ලද රසායනික ද්‍රව්‍යය වෛරස වර්ධනය කරන වර්ධක මාධ්‍යයක් වෙතට හදුන්වා දුන් අතර ඔවුන් විශ්වාස කළේ ඒවා මගින් වෛරසවල ක්‍රියාකාරිත්වය අත්හිටුවිය හැකිබවයි. එබැවින් ඉන්පසු ඔවුන් එම වර්ධක මාධ්‍යය තුළ අදාල වෛරසය වර්ධනය වීමක් හෝ වර්ධනය අඩාල වීමක් ඇති වේදැයි නිරීක්ෂණය කරන ලදී. මෙලෙස ඵලදායි ප්‍රතිඵල ලබාදුන් රසායනික ද්‍රව්‍යය තව දුරටත් සමීප වශයෙන් අධ්‍යයනය කිරීම සදහා තෝරා ගන්නා ලදී.

මෙය බොහෝ කාලයක් තිස්සේ කාලය මිඩංගු කරමින් සිදුකළ ක්‍රියා පටිපාටියක් වන අතර ඉලක්ක කරන ලද වෛරසයෙහි ක්‍රියාකාරිත්වය පිළිබදව හොද දැනීමක් නොමැතිව ඵලදායි සහ අතුරු ආබාධ අවම ප්‍රතිවෛරස ඖෂධ නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොලැබුණි. 1980 වේදී වෛරසවල සම්පුර්ණ ජාන අනුපිලිවෙල හා ක්‍රියාකාරිත්වය පිළිබදව තොරතුරු තේරුම් ගැනීමෙන් පසුව පරීෂකයන් විසින් වෛරසවල ක්‍රියාකාරිත්වය සවිස්තරාත්මකව තේරුම්ගත් අතර වෛරසවල ප්‍රජනන චක්‍රයට බා‍ධාකිරීම සදහා අවශ්‍යවන රසායනික ද්‍රව්‍යය පිළිබදව ද අවබෝධයක් ලබාගත්හ. මේ වන විට ප්‍රතිවෛරස ඖෂධ දුසිම් ගණනක් වෙ‍ළද පොළෙහි ලබාගැනීමට හැකි අතර තව තවත් නව ඖෂධ වර්ග සොයා ගැනීම පිණිස වෛද්‍ය පර්යේෂකයන් නූතන තාක්ෂණ දැනුම වඩාත් යුහුසුළුව ප්‍රයෝජනයට ගනිති.

Wednesday, August 1, 2018

මතක සැමරුම්

මතක සැමරුම් ~~~

                                          à¶­à¶±à·’කම නිසදැස් සඳහා පින්තුර ප්‍රතිඵල


සිත ගාව දඟ කෙරුව
නෙත් කොනේ ඉගි පෑව
කවිකාර නුබේ හිනාව
මට දුන්නේ සුබ සිහින 

ගම් හතෙන් ඉගිලිලා
පියබන්න ගියදාම
සිත මාගේ කැලබිලා
මගෙ ලෝකේ තනිවෙලා

ඉගිලෙන්න ආසයි
නුබසමග හිනැහිලා
මියැදුනත් බිදුණු පෙම
මතක සැමරුම් පිබිදිලා

මරණය

මරණය

                                              à¶¸à¶»à¶«à¶º නිසදැස් සඳහා පින්තුර ප්‍රතිඵල

මරණය මිට මොලවා ගෙන 
වන්දනාවේ අවුදින් අප
කුලියට ගත් ජිවිතයක්
ඔහේ ගෙවනවා ...

ගෙනා ආයු ඉවර වෙලා
යන්න දවස පැමිණියාම
කාටත් නොකියම මෙලොවින්
සමුගෙන යනවා ..

අද ද, හෙට ද සතියකින් ද
නැතිනම් මාසෙන් දෙකෙන් ද
නොදැන අපිත් හිනා වේවි
දවස් ගෙවනවා ..

දැනෙන දෙයක් ඉතුරු කරලා 
මතක හිටින නමක් තියලා
යා හැකි නම් අප මැරුණත්
නම පවතිනවා ....

දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී


දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී

                     à¶¯à·”ටුගැමුණු රජ සඳහා පින්තුර ප්‍රතිඵල

 ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජු වශ‍‍යෙන් දුටුගැමුණු රජතුමා හැදින්විය හැකි ය. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද සදහන් ‍වන මෙතුමා අසහාය පාලකෙයකි. බුද්ධ වර්ෂ 161 සිට බුද්ධ වර්ෂ137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා එකල අනුරාධපුරය දමිල පාලකයා වූ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන් ලාංකීය ජනතාවත් සිංහල ‍බොදු ජනතාවත් රැක ගත්හ. අතීත මුතුන් මිත්තන්ගේ අභීත නායකත්වයත් ශක්තිය සහ හැකියාවත් දුටුගැමුණු රජතුමාගෙ කථා පුවෙතන් පැහැදිලි වෙයි.


ඉතිහාසය

ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. මහාවංශය විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට දමිල නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට පාලනය කළ කාවන්තිස්ස රජ අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. ඔහු ඵතරම්ම අභීත කුමාරෙයකි. දුටුගැමුණු ලෙස පසු කලෙක හැදින්වෙන ලද්දේ මෙම හේතුව නිසාය. නමුත් දුටුගැමුණු රජතුමාගේ මරණින් පසු ඔහු ධර්මගාමිණී ලෙසද හදුන්වන ලදි.

රජ පවුලේ තොරතුරු

මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය පරිච්ජේද 35කින් විස්තර වෙයි. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත ඵන දේවානම්පියතිස්ස රජ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ තිස්ස රජ දියණිය වූ විහාරමහා දේවිය ඔහු‍ගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නගවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු රත්නය ගාමිණී අභය ලෙසද දෙවැනි පුතු රත්නය තිස්ස ලෙසද නම් කෙරිණි.

පාලනය සහ ඉදිකිරීම් වැඩ


දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති හැරුණු විට ඔහුගේ පුතා සහ ඔහු අතර තිබුණු භේදයද සැළකිය යුතු කරුණක් විය. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිරාජකුමාර අශෝකමාලාදේවී නොහොත් අශෝකමාලා නම් රොඩී කුල තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යයි සළකන රොඩී කුලයේ තරුණියකි. සාලිය ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුනද ප්‍රතික්ෂේප කළේය. රජු සහ පුතා අතර ඉන් පසු සිදු වූ සමගියක් ගැන මහා වංශයේ සඳහන් නොවෙතත් ජන කථාවල කියැවෙන්නේ රජතුමාගේ ආශීර්වාදය දෙදෙනාට ලැබුණු බවයි.
රජතුමාගේ රාජ්‍ය කාලය තුළ ශ්‍රී ලංකාව, අරාබිය, පර්සියාව ද ඇතුළත් බටහිර රටවල් සමග වෙළඳ සබඳතා ඉතා හොඳින් තිබුණු බව සඳහන් වේ. මෙයට රෝම රාජ්‍යයද ඇතුළත් වූයේ යැයි කිව හැක.
තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කර ගත් පසු දුටු ගැමුණු රජතුමා විශාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේය. එයින් බොහොමයක් අදද අනුරාධපුරයේ සුරැකිව තිබේ. දුටු ගැමුණු රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.
මහාවංශයේ සඳහන් වන ප්‍රථම කොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්ථූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමග දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.
දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය තැනීමටද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. තවදුරටත් කියතොත් ප්‍රාසාදය සඳහා සැලසුම ලැබුනේ දෙව්ලොවිණි. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදී. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.
සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින්ද හැඳින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ පාත්‍ර ධාතුව නිදන් කිරීම පිණිසයි. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි. (බුදුන්ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුර පසලොස්වක දිනයේදීය.) කුඩු කරන ලද ගලක් අත්තිවාරම ලෙස යොදා ගැනුණි. ගල් නියම ස්ථානයට ඇතුළු කිරීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටු ගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ පාත්‍රා ධාතුව තැන්පත් කරන අයුරුද බලා සිටි බව කියැවේ. ථූපයක් පිළිගැන්වීම පිළිබඳ විස්තර මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇත. එහි සඳහන් වන අන්දමට ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි නියෝජිතයින්ද ඉන්දු - ග්‍රීක භික්ෂූ නමක් වූ මහාධර්මරක්ෂිත හිමි යටතේ කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් 30000 ක් වූ නියෝජිත පිරිසක්ද පැමිණි බව මහා වංශයේ සඳහන් වේ.
තවත් සැළකිය යුතු කාර්යයන් අතරට (වර්තමාන බිහාරය) මුන්ඩේස්ශ්වරී හි ස්ථූපයක් තැනීමද සඳහන් වේ.


අනර්ඝ නිර්මාණ දායකත්වය

අනුරාධපුරය අලංකාර මෙන්ම ඵෙතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරී‍‍මට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුනු මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකල පලමුවැනි නිර්මාණය වන මිරිසවැටිය ‍ඉතාවැදගත්ය. ලෝවාමහාපාය නම් වූ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුනු ලැගුම්ගෙයද මෙතුමාගේ වැදගත් නිර්මාණයකි. තවද මෙතුමා ඉදිකල රුවන්වැලිසෑය අග්‍රගන්‍ය නිර්මාණයකි. අනුරාධපුර නගරයෙ‍‍හි ‍ පිහිටි පුජනීය දාගැබකි, රුවන්වැලිසෑය දාගැබ . ජනතා වන්දනා මානයට‍ ලක්වන මෙම පුජනීය ‍ස්ථූප , ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් කර්මාන්තය, අතින් පළමු ස්ථානයට‍ පත්ව ඇත.දුටුගැමුණු රජතුමා නිර්මාණය කළ මෙම අනර්ඝ දාගැබ මහාථුප, ස්වර්ණමාලි ‍දාගැබ සහ රත්නමාලි මහ දාගැබ යන නම් වලින්ද ‍හැදින්වෙයි. රුවන්වැලිසෑ ‍දාගැබ බුද්ධ පාදස්පර්ශයෙන් නැහැවුන සොලොස්මස්ථාන වලින් එකක් වන අතර අනුරාධපුර පුජනීය නගරයට අයත් අටමස්ථාන‍ වලින්ද එකකි.උසම ‍දාගැබ් වලින් එකක් වන අතර උසින් අඩි 300 (මීටර92) සහ වට ප්‍රමාණය අඩි 950 (මීටර292) වෙයි.


රුවන්වැලිසෑය ගොඩනැගීම


                                     à¶¯à·”ටුගැමුණු රජ සඳහා පින්තුර ප්‍රතිඵල

මේ පිළිබදච දේවානම්පියතිස්ස රජතුමා විසින් වෙසක් දිනයක ලියනලද ශිලාලේඛනයකට අනුව දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑය දාගැබ නිර්මාණය කරනලදි.
  1. පළමුව භූමිය මනින ලදි.
  2. රියන් 7ක් බිම හාරන ලදි.
  3. ගල් අඩිතාලමක් යොදන ලදි.
  4. මිටියෙන් තලා ගල් කඩන ලදි.
  5. ගල් බිම අතුරා අලින් ලවා පාගවා බිම සකසන ලදි.
  6. හිමාලෙයන් මැටිගෙන්වා ගොඩනැගීම අරඹන ලදි.

දාගැබ අංග නිර්මාණය ඇරඹුනි. ඉන්දියාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාගේත් ලාංකීය භික්ෂූන් වහන්සේලාගේත් පූර්ණ මගපෙන්වීම ලැබිණි.


බුදුන්වහන්සේගේ ධාතු

බුද්ධපරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතු රටවල් අටකට පිටත්කර අතර මෙම රටවල දාගැබ් තනවා ධාතු තැන්පත් කරනලදි. ඉන් ලැබුන ධාතු රුවන්වැලිසෑය දාගැබ තුළද තැන්පත් කර ඇත.


රජුගේ මරණය


මහ‍ ‍‍දාගැබ සාදා නිමකිරීමට පෙරාතුව දුටුගැමුණුරජතුමා රෝගාතුර විය. නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වු දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙලීමයි.‍මෙය දන්නා රජුගේ සොයුරු සද්ධාතිස්ස රජතුමා ගොඩනගමින් සිටි දාගැබ සුදු රෙදිවලින් වටකර වැඩ නිමකරන ලද අලංකාර රුවන්වැලිසෑය දාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලදි. සත්‍ය වශයෙන්ම මෙය තමා නිර්මාණය කරනලද රුවන්වැලිසෑය දාගැබ යැයි සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම ඵයට වදිමින්ම තම අවසන්හුස්ම පොද වා තලයට මුදා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකුව ඉපදුනි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩනිමවා රුවන්වැලිසෑය දාගැබ වන්දනා මානයට පූජා කරනලදි.අවසානයේදී සද්ධාතිස්ස රජතුමාද තුසිත දෙව්ලොවම ඉපදුනු බව සදහන් වෙයි.

අනාගත මෛත්‍රී බුදුන් කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමාද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමාද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේචිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බවද සදහන් වෙයි. කාවන්තිස්ස රජතුමාගේ බාලම සොයුරිය අනුලා කුමරිය මෛත්‍රී බෝධිසත්වයන්ගේ බිසව වන අතර දුටුගැමුණුරජතුමාගේ පුත් සාලිය කුමරා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතු බවද සදහන් වෙයි. අනාගත මෛත්‍රී බුදුන්‍ ගේ අග උපස්ථායිකාව වන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ ශෝභා දේවියයි. ශෝභා දේවියගේ දියණිය මෛත්‍රී බුදුන්‍ගේ උපස්ථායිකාවක් වන බවද සදහන වෙයි.



විශිෂ්ටත්‍වය

තුන්සිංහලයම ඵක්සේසත් කල පලමු මහා නිරිදාණන් වනුයේ දුටුගැමුණුරජතුමාය.මහා වංශයේ වීරයා ලෙස සිංහල වංශ කථා‍වෙහි මෙතුමා හැදින්වෙයි.විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලදි.

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...