Tuesday, October 23, 2018

අභිචාරයන්ගේ උපත හා විකාශය



අභිචාරයන්ගේ උපත හා විකාශය



මානවයා විසින් සොභාදහම ආක්‍රමණය කිරීමට ප්‍රථම කාලවකවානුව තුළ සොබාදහම විසින් මානවයා පාලනය කලහ.අග්ගඤ්ඤ සූත්‍රයේ සදහන් වන ආකාරයට ගන්දබීබ අවධියේ සිටි ජීවින් පිරිසක් රස පොලොවට පැමිණ රස පොලොව තම ආහාරය කර ගත් පසු ඔවුන් ක්‍රමක්‍රමයෙන් මානව අවධියට පත් විය.ඒ ආකාරයට ඔවුන් සොබාදහමෙී උපකාරයෙන් රස පොලොව නැතහොත් පෘථීවිය තුළ ජිවත් වන විට සොබාදහම හා මානවයා අතර නොබිදිය හැකි බැදීමක් ඇති විය.එදා මානවයාගේ මූලාක අවශතා ඉටු කර ගැනීම සදහා එනම් ආහාර ප්‍රජනනය "ආරක්ෂාව ආදි සියලුම අවශතා සපුරා ගනු ලැබුවේ සොබා දහම තුලිනි.සිටීමට වාසස්ථානයක් නොමැති වු ඔවුන් ගස් බෙන වල ජීවත් වෙමින් ගස්වල ගෙඩි කොල මුල් ආහාරයට ගනිමින් ජීවත් විය.ඔවුන් එදා සිට මෙදා වන තුරුම තනිවම ජීවත් වූ අයෙක් නොමැති තරව්ය.මන්ද එදා සිට ඔවුන් අතර රංචු වශයෙන් ජීවත් වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබුණි.එමනිසා එය ඔවුන්ගේ ආරක්ෂාවටද මහත් රුකුලක් විය. මේ ආකාරයට ඔවුන් සෑම විටම ස්භාදහම රුකුලක් කර ගනිමින් තම ජීවිකාව පවත්වාගෙන ගියහ.
                        නමුත් ස්භාදහම තුළ සිදූ වන යම් යම් සිදූවීම් ඔවුන් තුළ බියක් ඇති කිරීමට සමත් විය.රාති්‍රය ඇති වීම"දහවල ඇති වීම"අකුණු ගැසීම "ගං වතුර "නියග සුළි සුළං වැනි ආපදා සොබාදහමේ අභිරහස් විය.සොබාදහම තුළ සිදූ වන මෙවැනි වෙනස් වීම් වලට හේතුව කුමක්ද@ යන්න ඔවුන් විමසිලිමත් වූහ.සූර්යයා නැග ඔන්නේ කෙසේද@දහවල ඇති වන්නේ කෙසේද@ආදී සංසිද්ධින් පිළිබදව දහසකුත් ප්‍රශ්න ඔවුන්ගේ සිත් තුළ තෙරපෙන්නට විය.එලෙසට සිදූ වන්නා වූ ස්භාවික ආපදා යම් අදෘෂ්‍යමාන  බලවේගයක් විසින් සිදූ කරන බව අනුමාන කළ ඔවුන් එවැනි බලවේගයන් පිළිබද බියක් දැක් වූ අතර එම බිය නිසාමදෝ එම බලවෙිග වලට ගෞරව කිරීමට පටන් ගත්හ.ඔවුන් ගස් වැල් වලට ගල් මුල් වලට වන්දනාමාන කරමින් එම අදෘෂ්‍යමාන බලවෙිග සතුටු කිරිම සදහා පුදපූජා පැවැත්වීය.එමගින් එම ආපදා වලකා ගත හැකි වෙි යැයි ඔවුන් කල්පනා කලහ.
                             මේ ආකාරයට අභිචාර විධින්ගේ ආරම්භයට මානවයාගේ ආරම්භය හා විකාශය මෙන්ම මිනිසාගේ මරණයද හේතු විය.මිනිසාට මරණින් පසු කුමක් සිදූ වේද@යන ආකාරයේ ප්‍රශ්න රැසක් මිනිසා තුළ ඇති වන්නට විය.මිය ගිය පුද්ගලයන් තමා මෙන්ම කොහේ හෝ ජීවත් වෙතැයි ඔවුන් මුලදී විශ්වාස කළත් එයින් සෑහීමකට පත් වීමට ඔවුන්ට නොහැකි විය.මිය ගිය පුද්ගලයින් සිහිනෙන් පෙනීම වැනි හේතුන් නිසා ජීවත්ව සිටින පුද්ගලයින්ට වඩා මිය ගිය පුද්ගලයින්ට යව් බලයක් ඇතැයි ඔවුන් දැඩි ලෙස විශ්වාස කලහ.එහිදී භ=+ත" පේ්‍රත" කුම්බාණ්ඩ ආදී නාමයන්ගෙන් ඔවුන්ව හදූන්වනු ලැබූ අතරඑම බලවෙීගයන්ට ආහාර ඇදූම් ආදිය අචශ්‍ය වෙතැයි සිතූ ඔවුන් මිය ගිය වුන් උදෙසා ඒ ආකාරයෙන් පුද පූජා කිරීම ආරම්භ කළහ.මලවුන් බලවත් හෙයින් තමන්ගේ සතුරන්ට අණවිණ කොඩිවිණ ආදිය සිදූ කරමින් ඔවුන්ට විපත් පැමිණවූහ.ඒ ආකාරයට අණවිණ කොඩිවිණ හදි හූනියම් ආදී විකෘති දායක අභිචාර විධින්ගේ උපත සිදූ විය.එමෙන්ම එම බලවෙීගයන් පිදීමෙීදී තමා සිදූ කරනු ලබන කන්නලවීව තමා ප්‍රාර්ථනා කරන ලබන ඉල්ලීම ඉටූ කර ගැනීම සදහා බිලි පූජා ආදිය පැවැත්වීමද සිදූ විය.යමී ප්‍රාණයක් බිලි කිරීම තුළ දෙවියන්ව සතුටු කිරීම තුළින් තමාගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඔවුන් කටයුතු කළහ. 
                    කුඹුරේදී සිදූ කරනු ලබන විවිධ වූ කෙමී ක්‍රමද එවැනි වූ අභිචාර විධින් ලෙෂ හදූනා ගත හැකිය.මැලිනොවීස්කි පෙන්වා දෙන පරිදි අභිචාර විධින් යනු මිනිසා වෙත එල්ල වන දූෂ්කරතාවන් ජය ගැනීම සදහා යොදා ගන්නා උපාය මාර්ග ලෙසයි.එදා ගෙිවින් කුඹුරට එල්ල වන කීඩෑ උවදූර දූරු කර ගැනිම සදහා විශේෂ වූ කෙමී ක්‍රමයක් භාවිතා කරනු ලැබීය.අ¿ බදූනක් ගෙන අ¿ මන්තරය නමී වූ විශේෂ මන්තරය ජප කර ඉර උදා වීමට පෙර අ¿යම් කාලයේ නිරුවතින් කෙතට ගොස් ගොයම් ගස් මත අ¿ ඉසීම එහිදී සිදූ කරනු ලබයි.මේ ආකාරයට ගේ දොර ඉඩ කඩමී ආදිය ආරක්ෂා කර ගැනීමටත් බව භෝග සමීපත් ආරක්ෂා කර ගැනීමටත් රෝග උපල දූරු කර ගැනීමටත් මිනිසා විසින් විවිධ වූ පුද පූජා සිදූ කරන්නට විය.ගේ දොර ආරක්ෂා කර ගැනිම සදහා අට කොන මුට්ටි වැලලීම සිදූ කරනු ලබන අතර ඇස් වහ කටවහ දූරු කර ගැනීම සදහා දෙහි අත්තෙන් තෙල් මැතිරීම සිදූ කරනු ලබයි.
                           එමෙන්ම මිනිස් ජීවිතයට තවත් වැදගත් ජීවිතයේ තවත් එක් කඩඉමක් වන්නේ උපතයි.දරු උපතකදී ගැබිණි කාන්තාවන්ට කිසිදූ කරදරයක් හාරිහැරයක් නොවී යහපත් දරු උපතක් ලබා ගැනීම සදහා විවිධ වූ බලවෙීගයන්ට කන්නලව් කිරීම කරනු ලැබීය.එමෙන්ම දරු ඵල නොලබන ස්ති්‍රන් සදහා දරු ඵල ලබා ගැනීමටත් දරු ඵල ආරක්ෂා කර ගැනීමටත් විවිධ වූ පුද පූජා හා කන්නලවී කිරීම ආරම්භ කෙරිණි.අභිචාර විධින්ගේ උපත එලෙසට සිදූ වූ අතර එදා රජ දවසද රජ දරුවන්ද පුද පූජා විශ්වාස ඇදහිලි  ආදිය දැඩි සේ විශ්වාස කළහ.එදා විජය රජු ලංකාවට පැමිණිමට පෙර උපුල්වන් දෙවියන් පරිබ්‍රාජක වෙීෂයෙන් පැමිණ ලක්දිව සිටින යක්ෂ අමුනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා වීම සදහා අතේ පිරිත් නූල් බැදි බවට ඉතිහාසය තුළ සදහන් වේ.එමෙන්ව මෑත කාලීන රාජ්‍යය යුගයක් වන සීතාවක රාජසිංහ රජු පීතෘ ඝාතක රජකු ලෙස ඉතිහාසය තුළ සදහන් වේ.එහිදී එම රජු තම පියා මැරීමෙී අකුසල කර්මය නිසා පත් වූ මානසික තත්වයෙන් මිදීම සදහා අරිටීඨ කි වෙන්ඩු නැමැති ඉන්දියානු බමුණන්ගේ උපදෙස් මත —රාජා හෝ ගංගා හෝ මාතා හෝ˜ යන අභිචාර කර්මයේ නියැලුනු බව සදහන් වෙී.
                           විවාහ චාරිත්‍ර" ගැහැණු දරුවකුගේ මල්වර වීම " අවමංගල්‍යය චාරිත්‍ර"දරු උපත්"වී ගොවිතැන් වැනි සමාජය තුළ ඉතා වැදගත් අවස්ථාවන් වලදී අභිචාර කර්ම වලට මූලික තැනක් ලබාදෙයි.                                                                                                                                                                                                                                                                                                                                                                                                      මෙී අනුව ඒ ඒ සමාජ තත්වයන් ට අනුකූලව ඒ ඒ සංස්කෘත්න් වලට හැඩ ගැසීමෙීදි ඒ සමාජ තුළ විවිධ වූ අභිචාරයන් ක්‍රමක්‍රමයෙන් ද¿ලන්නට විය. ගල් යුගය"එඩෙීර යුගය"ගොවී යුගය පසු කරමීන් නවීන ලෝකය දක්වා එන්නා වූ ගමන් මග තුළ සමාජය කොතරමී දියුණු වුවත් අභිචාර පිළිබද මිනිසුන් තුළ ඇත් විශ්වාසය අඩු වී නැත.කිසියමී සුභ කටයුත්තක් ආරමීභ කිරිමට ප්‍රථම ඇසට නොපෙනෙන්නා වූ අදෘෂ්‍ය මාන බලවෙීගයන්ට කන්නලවී කර එම බලවෙීගයන් පිදීම දක්නට ලැබෙයි.එදා තිබූ සමාජය අද වන විට දියුණු වී තිබුණත් මිනිසුන්ගේ විශ්වාස ආදිය වෙනස් වී නොමැත.මෙී ආකාරයට අභිචාර විධින්ගේ උපත හා විකාශය සිදූ වී ඇති අතර ඒ තුළින් මිනිසුන්ට යමී සහනයක් ලබා ගැනීමට අවශ්‍යය වූ විට අදටත් ඇසට නොපෙනෙන බලවෙීගයන්ට කන්නලවී කරනූ ලබයි. 


No comments:

Post a Comment

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...