Thursday, October 11, 2018

ඩෙංගු

ඩෙංගු


Jump to navigationJump to search
ඩෙංගු උණ
වර්ගීකරණය සහ බාහිර සම්පත්
Photograph of a person's back with the skin exhibiting the characteristic rash of dengue fever
ඩෙංගු උණ රෝගියෙකුගෙ සමෙහි දැකිය හැකි කුඩා රතු පැල්ලම්.
I
World map showing the countries where the Aedes mosquito is found, as well as those where Aedes and dengue have been reported
2006 වසර වන විට ලොව වටා ඩෙංගු ව්‍යාප්තිය.
Red: වසංගත ඩෙංගු ව්‍යාප්තිය ඊජිට්යි
Aquaඊජිට්යි පමණක්
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන උණ ලෙසද ප්‍රකට වේ. රෝග ලක්ෂණ ලෙස ක්ෂණිකව හටගන්නා තද උණ, තදබල හිසේ කැක්කුම, මාංශ පේශි වල හා හන්දිපත් වල රැදාව සහ සමෙහි ඇතිවන පැල්ලම් දැක්විය හැක.
ඩෙංගු උණෙන් සමෙහි ඇති වන පැල්ලම් එයටම ආවේනික වූ දීප්තිමත් තද රතු පැහැති කුඩා පැල්ලම් වන අතර සාමාන්‍යයෙන් මෙය පළමුව කලවා වල හා පපු ප්‍රදේශයන්හි ඇතිවේ. ඇතැම් රෝගීන්ගෙන් මේවා මුළු සිරුරම වසාගන්නා ආකාරයට ව්‍යාප්ත වේ.තවද බඩෙහි ඇතිවන අම්ල ගතිය හා සම්බන්ධව බඩේ කැක්කුම ඔක්කාරය හා මලපහ බුරුලෙන් යාම ඇතිවිය හැක.
ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,දින 2 - 7 දක්වා පවතින අධික උණ සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව ඇතිවිය හැක.ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම සිදුවිය හැක.
ඩෙංගු වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් -ඊඩිස් ඊජිප්ටයිඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය. ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. එම වෛරස ඩෙංගු දර්ශක 1, 2, 3 හා 4 ලෙස වෛද්‍ය විද්‍යාවේ නම් කර ඇත. ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වනුයේ ප‍්‍රථම වතාවට රෝගයට ගොදුරු වූ අය නොව මීට පෙර රෝගයට ගොදුරුවී සුව වී යළිත් රෝගයට ගොදුරු වූ අයයි.සාමාන්‍යයෙන් ශරීරයේ ප‍්‍රතිදේහ මගින් සිදු කරනුයේ ආරක්ෂාකාරී පිළිවෙතකි. නමුත් මෙම ඩෙංගු වෛරස නිසා ඇති වන විශේෂ ප‍්‍රතිදේහ සිදුකරනුයේ ඊට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ කි‍්‍රයාවලියකි.එනම් එක් ඩෙංගු වෛරස දර්ශකයකින් ශරීරය තුළ ඇති වන මෙම විශේෂ ප‍්‍රතිදේහ කරන්නේ වෙනත් ඩෙංගු දර්ශකයක් ශරීරයට ඇතුලු වූ විට ඊට එරෙහි ව සටන් කිරීම වෙනුවට එම ආගන්තුක වෛරසයට ශරීරය තුළ වර්ධනය වීමට රුකුල් දීමයි.
ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණ කිසිවක් තවම සොයා ගෙන නැත. එම නිසා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම මගින් ඩෙංගු වාහක මදුරුව බොවිම අවම කිරිම හා ඩෙංගු මදුරුවාගෙන් සිරුර දෂ්ට කිරිමෙන් අරක්ෂා විම ඩෙංගු මර්දනයට ඇති එකම ක්‍රමයයී.
ප්‍රතිකාර ලෙස පළමුව සිදුකරන්නේ උණ වැලදී දින දෙකකින් පමණ සිදුකරන රුධිර පරීක්ෂණය මගින් රෝග තත්ත්වය නිශ්චිතවම අදුනා‍ ගැනීමයි. හැකි තරම් වතුරපළතුරු යුෂ, ජීවනී වැනි දියර වර්ගද සේලයින් ප්‍රතිකාරය දීම යන ඒවා ඉන් අනතුරුව කරනු ලැබේ.රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය.
ලෝකය පුරා සියයකට වැඩි රටවල් සංඛ්‍යාවක පැතිර ගොස් ඇති මාරාන්තික ඩෙංගු රෝගය වර්තමාන සමාජයට දැඩි බලපෑමක් එල්ල කරන රෝගයකි.1960න් පසු ඩෙංගු රෝගයෙහි පැතීරිම ඉතා සිග්‍රයෙන් වැඩිවිය, අද වන විට ලොව පුර මිලියන 50 - 100 පමන ප්‍රමාණයක් ඩෙංගු රෝගයෙන් වසරකට පිඩා විදිනු ඇත.ඩෙංගු රෝගය සඳහා නිශ්චිත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. ඩෙංගු වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණය කිරීම තවම පරීක්ෂණ තත්ත්වයේ පවතී

No comments:

Post a Comment

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...