Monday, July 30, 2018

ගීතයක අරුත

ගීතයක අරුත


                         

අරුතේ හැමදාම එක ගායකයෙක් අරගෙන ඔහුගේ හෝ ඇයගේ ගීතයක් අරුත්ගන්වන එකට පොඩි වෙනසක් කරන්න එක්ක ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත ගැන පුංචි විචාරයක් කරන්න හිතුණා මිට කාලෙකට පෙර. නමුත් ඊට පස්සේ සෑහෙන කාලයක් මේ පැත්තට එන්න බැරිවුණා. ඔන්න ඉතින් ඒ ආසාව සපුරා ගැනීම සඳහා පුංචි උත්සහයක්.
අපිට ගොඩක් වෙලාවට ගීතයකට අරුතක් දෙනවා කියනකොට මතක් වෙන්නේ ගායකයාව විතරයි...හැබැයි ගායකයාගෙන් හෝ ගායිකාවගෙන් අපිට ඇහෙන දේ නිම වෙන්න පද රචකයා සහ සංගීතය බෙහෙවින් ඉවහල් වෙනවා කියල අරුතේ අපිට නම් ඉතිං හොඳට මතකයි නේ....ඒක නිසාම අද ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත විචාරය කරමු කියල හිතුණා. (ගීත මුළුමනින්ම විචාරය කලොත් මට මේක කරගන්න බැරි වෙන හින්ද මා තෝරාගත් ගීත රචකයාගේ ගීත කීපයක් අරගෙන ඒවායේ මම කැමතිම කොටස් ගත්ත. ඒ සම්බන්ධව කමාව භාජනය කරන්න කියල ඉල්ලා සිටිනවා.)
ඇත්තෙන්ම මේ ගීත රචකයා ගැන කතා කරන්න මට ඇති සුදුසුකමක් නැහැ. ඒත් මා ඔහුට තියෙන ප්‍රියතාවය නිසාම ඔහුව තෝරාගත්තා. මගේ අතින් ඔහුගේ රචනා වලට අඩුපාඩුවක් වී ඇතිනම් ඒවා නිවැරදි කරන මෙන් සමුහයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ ගීත රචකයා වෙන කවුරුත් නෙමෙයි.....මහගම සේකර.
ඉතින් ගීතවලට යාමට පෙර සේකරයන් ගැන කරුණු කීපයක් සඳහන් කළහොත් හොඳයි කියල හිතුවා.
1929 අප්රේ ල් 07 වනදින උපන් සේකර අපෙන් සමුගන්නේ 1976 දී. දරුවෝ තුන් දෙනෙක්ගෙ පියෙක්. දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් සිටියා. ඔහුගේ බිරිඳ කුසුමලතා මහගම සේකර.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කලාකාරයෙක් වූ සේකර අනුවාද, ළමා සාහිත්‍ය කෘති, නවකතා, කෙටි කතා, පද්‍ය, නාට්‍ය, තිර රචනා මෙන්ම චිත්‍ර ඇඳීම සහ කැටයම් නිර්මාණ ශිපියෙක්. ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ නිර්මාණ රාශියක් සේකරයන් අප වෙත දායාද කරලා තියෙනවා
සේකරයන්ට 1966, 1968, සහ 1970 සරසවි සම්මාන උළෙලවලදී හොඳම ගීත රචනයන්ට සම්මාන ලැබෙනවා. ඒ පිලිවෙලින් සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගේ රටයි ගීතය, සත් සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදු මුදු තලාවේ ගීතය සහ බිනරමලී චිත්‍රපටයේ රටකින් රටකට පාර අසාගෙන ගීතය සඳහා.
ඔහුගේම වචනවලින් ඔහුව හඳුන්වා දෙනවානම් .....
මා ගැන දන්නා
අය කොතෙකුත් වෙති
පත්තරවල මා
නම ගම පළවෙයි.
මහගම සේකර
එම්.ඒ.සිංහල
පදිංචි ගම්පහ
රදාවාන ගම
දැන් විදුහල්පති
ඔය ඔය විදියට…...
ඉතිං පෞද්ගලික විස්තර සඳහා වැඩිපුර කාලය ගත කරන්නේ නැතුව ගීත වලට ගියොත්.... සේකරයන්ගේ සෑම ගීත රචනාවක්ම පුදුමාකාර රසවත් භාවයක් තිබුණත්, මම තෝරාගන්නේ සේකර සහ අමරදේවයන් මුසුව අපට ගෙන ආ නිර්මාණ කීපයක්.
ඉතින් ප්‍රථමයෙන්ම, සේකරයන් විසින් රචිත අමරදේවයන් සංගීතවත් කර ගායනා කරන රත්න දීප ජන්ම භුමි ගීතය...විශේෂයෙන් කියන්න ඕන සේකරයන් සහ අමරදේවයන් මුසුව අපට ඉතාමත් සුමිහිරි ගීත රාශියක් දායාද කරපු යුගයක් තිබුණා. රත්නදීප ගීතයත් එයින් එකක්. මේ ගීතයේ තිබෙන විශේෂය තමයි ලංකාව ජනරජයක් කරද්දී ජනරජ ගීතය ලෙස ගීතයක් තෝරාගැනීමට තරඟයක් තිබ්බලු, නමුත් මේ තරඟයෙන් කිසිම ගීතයක් තෝරාගන්න බැරිවෙද්දී පසුව ප්‍රබුද්ධ ගීත රචකයන් කීප දෙනෙක්ට ආරාධනා කලාලු ගීත නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒ වෙද්දී නිර්මාණය වෙලා තිබ්බ රත්න දීප ගීතය සේකරයන් විසින් ලබා දීල තියෙනවා ජනරජ ගීතය ලෙස යොදා ගැනීමට. නමුත් මේක තේරිලා නැහැ. ඒ වෙනුවට ඒ සම්බන්ධව කටයුතු කල දේශපාලනඥයා කිව්වලු ඔහුට මේ ගීතයේ ජනරජය ගැන ලියවිලා නැහැ කියල. එතකොට සේකරයන් එම දේශපාලනඥයා ට කිව්වලු එහෙමනම් ජනරජ ව්‍යවස්ථාව අරගෙන ඒකට තනුවක් දාල ගායනා කරන්න කියල. පේනවනේ දැන් වගේ නෙමේ අපේ කලාකරුවන් දෙකට නැමුණේ නැහැ ඉස්සර.
සේකරයන් කොච්චර ලස්සනට තමන් ඉපදුන භුමිය කෙතරම් වටිනවද කියන එක හඟවල තියෙනවද රත්නදීප ගීතයෙන්. මේ භුමිය මැණික් එහෙම නැත්නම් රත්න වලට සමාන කරලා;
රත්න දීප ජන්ම භුමි
ලංකා දීප විජය භුමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි
මාතෘ භූමියයි
මාණික්ය සේ පොලෝ ගැබේ නිධාන වී..
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.....
මේ ගීතය පුරාවටම තියෙන්නේ අතීතයේ ශ්‍රී විභූතිය ගැන ප්‍රකාශ කරලා...ඔහු කියනවා මේ පොළවෙන් මැණික් ලෙස මතු වන්නේ අතීතයේ රට වෙනුවෙන් නිර්භීතව සටන් කරපු මිනිස්සුන්ගේ රුධිරය කියල. අපේ රටට කොතරම් ගැලපෙනවද මේ පද පෙළ කියල හිතුවොත්...අපි අපේ ඉතිහාසය කියෙව්වහම කොතරම් වීරයන් සංඛ්‍යාවක් අපට හමු වෙනවද....මේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් ගලවා ගන්න තවත් කෙතරම් අපි නොදන්නා වීරයන් සංඛ්‍යාවක් උත්සහ කරන්න ඇතිද? කවුරුත් නොදන්නා ඒ වීරයන් මේ පොළව තුළ මිහිදන් වෙන්න ඇති. ඉතිං ඔවුන්ගේ රුධිරය තමයි මේ පොළවෙන් මැණික් ලෙස මතු වෙන්නේ.....
මීළඟට තෝරාගත් ගීතය ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට’ ගීතය. මෙයත් සේකරයන් රචනා කර අමරදේවයන් සංගීතවත් කළ ගීතයක්. මෙය මම කලින් අහලා තිබුනේ කළු ගඟ ලියකට සමාන කර ලියු ගීතයක් ලෙසයි. නමුත් මට මෙහෙමත් හිතුණා මේක ‘කළු’ කියන ගැහැණු ළමය / කාන්තාව ගැන වෙන්න බැරිද?
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන්දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
මම දැක්ක මේ දවස්වල අර ‘වැරදියට තෙරුම්ගතිපු ගීත’ කියල වීඩියෝවක් ශෙයා වෙනව මුහුණු පොතේ, අන්න ඒකේ තිබුණ මේකට වෙනමම තේරුමක් දාල. මම ඒකට එකඟ වෙන්නේ නැහැ මොකද ඒ කියන තේරුම මේ ගීතයේ තිබෙන එක පදයකින් වත් නිරූපණය වෙනවා කියල මට හිතෙන්නේ නැති නිසා.
අපි දන්නවා තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි අමනාප වෙලා ඉන්නකොට නෝක්කාඩුවෙන් හරි බලන එක බැල්ම කොතරම් වටිනවද කියල. ඉතින් ඒ සතුට ගීතයේ නිරූපණය වෙන්නේ මේ පරිසරය ගැන කරන හැඳින්වීමෙන් කියලයි මට හිතෙන්නේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයවුනත් එවකට කොළඹ දිස්ත්‍රික්කයට අයිතිව තිබුණු රදාවාන ප්‍රදේශයේ උපත ලැබූ සේකර ගැමි පරිසරය අපිට චිත්‍රයක් මවන්නේ ඔහුගේ තිබෙන රචනා කුසලතාව නිසාමයි කියලයි මට හිතෙන්නේ. වක්කඩෙන් තමයි මුළු කුඹුරුයායටම වතුර සැපයීම පාලනය කරන්නේ. ගොඩක් වෙලාවට ඉහල යායේ ඉඳල පහල යායට වතුර වැටෙන තැන තිත්ත පැටව් වගේ පොඩි මාළුන් රැඳිලා සිටිනවා. ඉතින් සේකර කියන්නේ ඒ වතුර ගලනා වේගෙන්ම තිත්ත පැටව් නටනවා. හරියට තරහව නිවෙන්න පෙර ‘කළු’ දෙන නෝක්කාඩු බැල්ම වාගේ වැස්සට පෙර අහසේ අකුණු කොටනවා. නගරයේ වගේ ගැමි පරිසරයේ තාප්ප නැහැ බොහෝවිට තියෙන්නේ වැටක්, ඉතින් මේ වැටෙත් කටරොලු මල් පිපිලා...කොටින්ම කියතොත් තරහ වෙලා හිටපු කළු නැවත යාලු වෙන්න යනකොට මේ පෙම්වතාට පරිසරයම ලස්සනට පේන හැටි මනාවට ගීතයේ වර්ණනා කරනවා.
සේකරයන් සහ අමරදේව සුසංයෝගයේ අග්‍රම පලය ලෙස අමරදේවයන් දකින ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය තමයි මං මීළඟට තෝරාගත්තේ. මාදින්නාගොඩ ශේෂා පලිහක්කාරගේ නිවසේදී සේකරයන් මේ ගීතය නිර්මාණය කළ බව අමරදේවයන් වරක් පවසා තිබුණා. නලදමයන්ති වේදිකා නාට්යොයට චිත්රමසේන හා වජිරා මේ ගීතය යොදාගන්නවා.
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ...
මම නලදමයන්ති නාට්‍ය බලල නැහැ. නමුත් මේ ගීතය ප්‍රසිද්ධයි පුරුෂයෙක් ගැන වර්ණනා කෙරෙන ගීතයක් හැටියට.ඈත හිමයේ තුරුවැල් අතරින් පවා ගලාඑන්නේ පෙම්වතාගේ නාමය...රෑ නින්දේදී තරුණියන් හීනෙන් දකින්නෙත් ඔහුගේ රූපය.... සමහරවිට නල ගැන දමයන්තිගේ වර්ණනාවක් වෙන්න ඇති..
සේකරයන්ගේ ගීතවල මම කැමතිම, මගේ සිත්ගන්නෙම ඒ ගීතවල තියෙන නිවුණු ස්වරුපය. ඒ ගීතයක් අහද්දී හිතට සහනයක් ලැබෙන්නේ. සමහරවිට විරහ ගීතයක් වුණත් අපිට වෛරය ක්‍රෝධය පුරවනවා වෙනුවට සැබෑ විරහව...තමන් පෙම් කළ කෙනාට වෛර නොකරන විරහව..තමයි අපට දැනෙන්නේ. අමරදේවයන් ගෙ සංගීතය සහ ගායනයත් මේකේ සමාන පංගුකාරයෙක් හැටියට තමයි මම දකින්නේ.
ඒවගේ ගීයක් තමයි මීළඟට තෝරාගත් සේකරයන්ගේ ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීතය.
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඔබයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි
අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි
‘තනි තරුව’ ලෙස අපි දකින්නේ සිකුරු ග්‍රහයාව. නිල් අහස තියෙද්දීම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ සිකුරු ග්‍රහයා. තව ටිකක් රෑවෙලා අහස ඝන අඳුරු වුනහම තමයි තරු පේන්න ගන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ආදරය එක්ක සම්බන්ධයක් තිබෙන ග්‍රහයෙක් හැටියට සැලකෙන්නේ. ඔහු කියන්නේ පාලු තරු නැති නිල් අහසේ පේන ආදරය නමැති තාරකාව ඇය...තරුණ මහලු; අතීතය වර්තමානය ඕනෑම කාලයකදී වුවත් හැම හදවතක්ම බලාපොරොත්තුවන්නේ ආදරය.....
ඒ වගේම සරු බවක් නොමැති වූ මහ පොලව පෙම්වතානම් ඒ පොලව සරු කරන්න හැකි දියදහර ආදරයයි නැතිනම් පෙම්වතියයි....
පුදුමාකාර ගීතයක්. වරක් සේකරයන් පවසා තිබුණා ඔහු පෙම්කල එක් යුවතියක් හා එක්වීමට බැරිවුණේ කුලමල ප්‍රශ්න නිසා එය අනුභූතියක් කරගනිමින් මේ ගීතය රචනා කළ බව.
සේකරයන්ගේ තවත් ගීත රාශියක් තියෙනවා මෙතන සඳහන් කලයුතු. නමුත් මේ ලිපිය දිග වෙන නිසාත් එතකොට කියවීමට රුචිය නොමැතිවීමට ඉඩ තිබෙන නිසාත් මම මේක මෙතනින් අවසන් කරනවා.
අවසන් කරන්නම් රත්න ශ්‍රී විජේසිංහයන්, සේකරයන් පිළිබඳව ලියු නිසඳසකින්;
ජනවාරි මාසයට
හැමදාම සීතලයි
ඒත් දැන් වෙනදාට
වඩා සීතල දැනේ
ජනවාරි මාසයට
හැමදාම මල් පිපේ
ඒත් දැන් පිපුණු මල්
පවා පරවී තිබේ
එක්තරා ජනවාරි
මාසයක ඔබ අපට
ආයුබෝවන් කියා
ගිය හෙයිනි"

පන්සිල් සුරකිමු


පන්සිල් සුරකිමු

                                    

                                               

ශීලය කිව්වහම කොටස්‌ හතරකට බෙදනවා. ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය, කියලා. මේ හතර එකක්‌ එකකට පටිබද්ධවයි තියෙන්නේ. එකක්‌ එකකට සම්බන්ධවයි තියන්නේ. සීලය විස්‌තර කරනවා නම් අති විශාල ප්‍රදේශයක්‌ තියෙනවා විස්‌තර කරන්න. ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය කියලා කියන කොට උපසම්පදා ස්‌වාමීන් වහන්සේ නමකට උපසම්පදා සීලය, සාමණේර ස්‌වාමීන්වහන්සේට සාමණේර දස සීලය, ගිහි පිංවතුන්ට නවාංග උපෝසථ සීලය, අෂ්ඨාංග උපෝසථ සීලය සහ නිත්‍ය පන්සිල් කියන ටික අයිති වෙනවා. ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය නිවනට පමුණුවන සීලය හැටියටයි හඳුන්වන්නේ. 
එතකොට මේ ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය අපි පන්සිල් කියන තැනින් ම ගනිමු කෝ. ඒ කියන්නේ පන්සිල් තියෙන කෙනාටත් පුළුවන් කිව්වහම, ඊට එහා කෙනාට කොහොමත් පුළුවන්. ඒ ගැන එතකොට විවාදයක්‌ නැහැ. නැත්තම් මේ දහම ඔරොත්තු දෙන්නේ, දහමේ හැසිරෙන්න පුළුවන්කම තියන්නේ, උපසම්පදා සීලයක්‌ තියෙන කෙනකුට විතරයි කිව්වොත් ගිහි අයට බෑ කිව්වොත්, "අනේ අපට බෑ" කියලා අත අරිනවා. "පන්සිල් රකින කෙනාටත් පුළුවන්" කිව්වොත් උපසම්පදා සීලයක්‌ හෝ තියන ස්‌වාමීන් වහන්සේ නමකට අමුතුවෙන් කිව යුතු දෙයක්‌ නෑ නේ ද? ඒ නිසයි පන්සිල් කියන තැනින් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ - මේ හැමෝට ම එන්න පුළුවන් විදිහට. 

හැබැයි මෙතැන දී විශේෂ කරුණක්‌ තියනවා. මේ පන්සිල් ටික, මේ ප්‍රාතිමොක්‌ෂ සංවර ශීලය ටිකක්‌ වෙනස්‌. මොකද මේ පන්සිල් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඉස්‌සර වෙලාත් තිබුණා. බමුණු යුගයේත් තිබුණා. අදත් තියනවා. මොකක්‌ ද එදා පන්සිල්වලයි අද පන්සිල්වලයි වෙනස? බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඉස්‌සර වෙලා පාණාතිපාතාවේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ඡාචාරා වේරමණී. අදත් පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ඡාචාරා වේරමණී, - මේක කරන්නේ නෑ කියන තැනකිනුයි සමාදන් වෙන්නේ. දැන් එදා සීලයත් අද සීලයත් අතර වෙනස මොකක්‌ ද? අපි බොහෝ දෙනෙකු ගෙන් ඇහුව ම බොහෝ දෙනෙක්‌ මතක්‌ කරනවා අපේ පන්සිල් තිසරණ සහිතයි. තිසරණ සහිත පංච සීලයක්‌ නිසයි මේක බෞද්ධ. බෞද්ධයාට අයිති තිසරණ සහිත පංච සීලයයි කියලා. නමුත් මෙතැන දී හිතන්න ඕනේ. අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමී කියලා තුනුරුවන් සරණ යනවා. මේ තුනුරුවන් සරණ ගිහින් පන්සිල් රකින එකේ දී පන්සිල්වලට වෙච්ච විශේෂත්වයත් සිල්පද ටිකට වෙච්ච විශේෂත්වයත් මොකක්‌ ද? මොකක්‌ හරි විශේෂත්වයක්‌ සිල් පද ටිකට වෙන්න ඕන නේ ද? නැත්නම් අපි වෙන ම තුනුරුවන් සරණ ගිහිල්ලා එදා තියෙන පන්සිල් අර අය රකින විදිහට ම අපිත් රකිනව නම්, ඒ විදියට ම නම් දර්ශනය දැකීම, අපිත් කරන්නේ ඒ විදිහට නම්, තිසරණගත වුණා කියලා සිල්වලට මුකුත් වෙන්නේ නැහැ. 

නමුත් එදා තිබුණු පන්සිල්වලට වඩා අද පන්සිල්වල තියෙන වෙනස මොකක්‌ ද? මෙන්ත මෙතැනයි අපට වටින්නේ. මෙතැන දී මේ සීලය පිළිබඳ දර්ශනයක්‌ තියෙනවා එයාට. දර්ශනයක්‌ තියෙන්න ඕන. තිසරණගත වීමෙන් එයාට ඒ ටික ලැබෙන්න ඕන. මොකක්‌ ද? මෙය දැනගෙන ඉන්න ඕන. අපි කියමු දැන් ඉස්‌සර (බමුණු යුගයේ) සත්තු මරන්නේ නෑ කියලා සිල් පදේ සමාදන් වෙනවා. බැරි වෙලා එම සිල් පදේ කැඩුණොත් ආයෙත් සමාදන් වෙනවා මිසක වෙන දෙයක්‌ දන්නේ නැහැ. බමුණු යුගයේ ආයේ සිල්පද සමාදන් වෙනවා. බැරි වීමකින් හරි කැඩුණොත්, හොරකම් කළොත්, ආපසු ඒක සමාදන් වෙනවා මිසක ඊට එහා යමක්‌ දන්නේ නැහැ. 
නමුත් මේ ශාසනය ඊට වඩා ගොඩක්‌ වෙනස්‌. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන් එකක්‌ ද නැද්ද? පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥ නේ. සීල, සමාධි, ප්‍රඥ වඩන්න පුළුවන් ද? පුළුවන් නේ. එහෙනම් සීලයත් වඩන්න පුළුවන් එකක්‌. මේ ශාසනයේ සීලයත් වඩන්න පුළුවන් එකක්‌. අන්න ඒකයි මේකේ තියෙන වෙනස. දැන් සත්තු මරන්නේ නෑ කියන සිල් පදේ සමාදන් වෙනවා. කැඩෙනවා. කැඩුණහම ආයත් සමාදන් වෙනවා. ඒකේ වඩන්න මොකුත් තියෙනව ද? නෑ. නමුත් මෙතැන තියෙන සිල්පදේ වෙනස තමයි මේ සීලය වඩන්න පුළුවන් වීම. ඒකට කියනවා පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති. මේ ශාසනයේ සිල්පදේ විස්‌තර කරන්නේ මෙහෙමයි. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති. සතුන් මරන්නේ නැහැ. ඒ විතරක්‌ නො වෙයි. සතුන් මැරීමෙන් වළකිනවා. ඒ විතරක්‌ නො වෙයි. පටිවිරතෝ හොති. නැවත සතුන් මරන්න තියෙන හේතුව ද නැති කරනවා. හෙට දවසේ දී සතුන් මරන්න තියෙන හේතුව ද නැති කරනවා කියන තැන දී හික්‌මෙන්න පුළුවන් ශාසනයක්‌ මේක. ඒ කියන්නේ හෙට දවසේ දී කෙරෙන වැරැද්ද පවා නැති කරන්න පුළුවන් තැනකින් මේ ශාසනේ ශීලය තියෙන්නේ. ඒක අපි ටිකක්‌ විස්‌තර කරමු. 

ඒ කියන්නේ, තව පැත්තකින් ගත්තහම, මෙයා දන්නවා දුස්‌සීල බව කියන්නේ මොකක්‌ ද? දුස්‌සීල බව ඇති වන්නේ කොහොම ද? සිල්වත් බව කියන්නේ මොකක්‌ ද? සිල්වත් බව ඇති වන්නේ කොහොම ද? කියලා. මේ හතර ම දන්නවා. බෞද්ධ කෙනෙක්‌ තුනුරුවන් සරණ යැමෙන් මේ සිල් ටිකේ ඇති වෙච්චි වෙනස තමයි ඒක. අරයා ඒවා මොකුත් දන්නේ නැහැ. සිල් පද පහ රකින්න විතරයි දන්නේ. කැඩුණොත් ආයෙ සමාදන් වෙන්න විතරයි දන්නේ. මෙයා එහෙම නෑ. සිල්පද පහ සමාදන් වෙනවා. රකිනවා. මේක රැකෙන්නේ කොහොම ද? දුස්‌සීල බව කියන්නේ මොකක්‌ ද? ඒ දුස්‌සීල බව, ඇති වන්නේ කොහොම ද? නැත්නම් සිල්පද නො රැකෙන්නේ කුමක්‌ නිසා ද කියන හේතු ටික දන්නවා. මෙයා හොරකමක්‌ කරන්නේ නැහැ. කාමයෙහි වරදවා හැසිරෙන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ. මේවා සිල්වත් බව කියලා දන්නවා. මේ සිල්වත් බව ඇති වන්නේ මොකක්‌ නිසා ද කියලත් මෙයා දන්නවා. මොකක්‌ ද හේතුව? එයා දන්නවා හිත කියලා. මොකක්‌ ද හිත? අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල හිතයි කියලා දන්නවා. 

හොරකම් කරන, සතුන් මරන, කාමයෙහි වරදවා හැසිරෙන ආදි වශයෙන් කියන මේවා තමයි දුස්‌සීල බව කියලා එයා දන්නවා. දුස්‌සීල බවට හේතුවත් දන්නවා. මොකක්‌ ද? "හිත" කියලා දන්නවා. මොකක්‌ ද හිත? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් හිතයි කියලා දන්නවා. මොක ද ද්වේෂ සිත උත්සන්න වුණහමයි සතුන් මරන්නේ, ප්‍රාණඝාතය වෙන්නේ. ලෝභ සිත උත්සන්න වුණහමයි අනුන් ගේ දේ ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ කියන දේ වෙන්නේ. එතකොට ද්වේෂ සිත උත්සන්න වුණහමයි කේලාම් කියනවා වගේ දේවල් වෙන්නේ කියලා. මේ අකුසල ටික බෙදෙනවා අකුසල මුල්වලට. හිත් වලට. ඒ ඒ හිත් නිසයි ඒ ඒ සීලය කැඩෙන්නේ. මෙයා දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ කියන සිත් උපදින විදිහට කටයුතු කරලා, සිත් ඇති වෙන විදිහට කටයුතු කරමින් කවර දා වත් මේ සීලය රකින්න බෑ කියලා. යම් තැනක ලෝභ, ද්වේෂ, මෝහ කියන සිත් උපදින විදිහට කටයුතු කරලා සිත් ඇති වන විදිහට කටයුතු කරමින් කවර දා වත් මේ සීලය රකින්න බැහැ, අමාරුයි කියලා මෙයා හොඳට දන්නවා. රැක්‌ක ද ඒක පිරිසිදු නැහැ. 

ඊට පස්‌සේ යම් තැනක ලෝභ, ද්වේෂ, මෝහ සිත නැති කරලා අලෝභ, අදේවේෂ, අමෝහ කියන කුසල් සිත් ඇති වෙන විදිහට කටයුතු කළා ම, ඉබේමයි මේ සීලය කියන එක රැකෙන්නේ කියන එක මෙයා දන්නවා. සීලය කියන එක රකින්න එයා අමුතු දෙයක්‌ වත් කය වචනය දෙකින් දකින්නේ නැහැ. එයා හිත රැකීම සහ නො රැකීම කියන තැන දක්‌වා ම හේතුව දැනගෙන, දැකගෙන තියනවා. දැන් ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් සංවර වෙන කෙනා සීලයත්, සීලයට හේතුවත්, දුස්‌සීල බවත්, දුස්‌සීල බවට හේතුවත් දන්නවා. එහෙම දැනගෙන ඒ විදිහට කටයුතු කරනවා. ඒ විදිහට හිත රැකගත්තොත් සීලය රැකෙනවා. හිත රැකුණේ නැත්නම්, බැරි වෙලා හරි සීලය කැඩුණොත්, එයා මොකද කරන්නේ? එයා දන්නවා සිල් පදය සමාදන් වෙනවා විතරක්‌ නො වෙයි, මම හිත පරිස්‌සම් කරගත්තේ නැති නිසයි කැඩුණේ. මීට පස්‌සේ මම එහෙම කරන්නේ නෑ කියන තැනින් හිත රකිනවා. ඒ හින්දා ලොකු රැකවරණයක්‌ මේකට ලැබෙනවා. 

දැන් ඒ දර්ශනය හදිසියේ නැති වුණොත්, සීලයත්, සීලයේ ඇති වීමත්, දුස්‌සීල බවත්, දුස්‌සීල බවේ ඇති වීමත්, කියන කාරණාව ඔය වචන ටිකෙන්, ඔය පර්යායෙන් නො කියා, ඉන්ද්‍රිය සංවර සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්‌සේ මේ ඉන්ද්‍රිය සංවර සීලය රැක්‌කොත් තමයි ප්‍රාතිමොක්‌ෂ සීලය රැකෙන්නේ. අප සිල්වත් වුණාට, සතර සංවර සීලය ම එකට බැඳිලා තියෙන බවත්, සීලය කියන එක පවතින්නේ එකට ගෙතුණොත් බවත් දන්නේ නැහැ. ඒ හින්දයි අපට සීලය කියන එක හරියට කය, වචන දෙක සංවර වෙලා හිත සමාධි වෙන විදිහට රකින්න බැරි වෙලා තියන්නේ.

සිංහල අලුත් අවුරුද්ද



සිංහල අලුත් අවුරුද්ද


සිංහල අලුත් අවුරුද්ද සහ දෙමල අලුත් අවුරුද්ද වෙනස් චාරිත්‍ර ඉටුකරණ උත්සව වන අතර, නව වසරබෙංගාලි නව වසර වැනි දකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්ද සමරයි.මෙයට අදාල නිවා‍ඩු දිනය ශ්‍රී ලංකා දින දසුනේ සටහන් කරන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නමිනි.මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී.කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය.රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.
අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.
මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.
වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.ග්‍රෙගරි දින අනුව (අටවන ග්‍රෙගරි පාප්තුමා 1582 දී හන්දුන්වා දුන් දින දර්ශණය ) අප්‍රේල් මාසයේ, එනම් බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයන් නව වසර උදාවන දිනය ලෙස සමරති. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය 'අලුත් අවුරුද්ද' වන අතර දෙමළ භාෂාවෙන් මෙය 'පුත්තාන්ඩු' ලෙස හඳුන්වයි.එසේම මෙම මාසය කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහලින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැක.

කෙසේ වුවත් විශේෂයෙන් බටහිර රටවල (ග්‍රෙගරි දින දර්ශනය භාවිත කරන රටවල ) දෙසැම්බර් මස 31 මධ්‍යම රාත්‍රියේදී නව වසර උදාව සමරනු ලැබුවද ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නව වසර උදවනු ලබන්නේ නක්ෂත්‍රකරුවන් විසින් නිශ්චය කරනු ලබන දිනයටයි. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී සැමරුම් උත්සවයට අනුව ගෙවුනු වසර මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී නව වසරක් එවෙලේම උදාවෙයි. නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්දට අනුව පරණ අවුරුද්ද අවසාන වීමත් නව වසරේ උදා වීමත් අතර පැය කිහිපයක වෙන්ව පැවතීමක් ඇත. (මෙම කාල සීමාවද නක්ෂත්‍රකරුවන් විසින් තීරණය කරනු ලබයි ) මෙම කාල සීමාව නොනගත කාලය හෙවත් උදාසීන කාලය ලෙස හඳුන්වයි. මෙම කාලය තුල සිංහල ජනයා සාම්ප්‍රදයිකව සියලු ව්‍යාපාර, වැඩ කටයුතු නවතා ආගමික වතාවත් වල හා සාම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම සිදුකරති.
සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වීම සිදු වන්නේ අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුව නිවස පිරිසිදු කර පොල්තෙල් පහනක් දැල්වීමෙනි.සමහර ගැමි සමාජ වල කාන්තාවන් එක් රැස් වී රබන් වැයීමෙන් නව වසරක් ආරම්භ වූ බව නිවේදනය කරති.නිවෙස්වල පවුලේ සියලු දෙනා එකතු වී අවුරුදු චාරිත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැකැත් වේලාවන්හිදී සිදු කරනු ලබයි. මෙම කටයුතු වලදී නිවසේ ගෘහණියට ප්‍රමුඛත්වය හිමි වන අතර ඇය නව වසරේ පළමු කටයුත්ත ලෙස නිවසේ මුලුතැන්ගෙට ගොස් නැකතට ලිප ගිනි මොළවා කිරි උතුරවා කිරිබතක් පිලියෙල කරයි. මෙම කටයුතු වලදී නිවසේ සියලු දෙනාගේම දායකත්වය ලැබේ.ඇතැම් විට සමහර ප්‍රදේශ වල මෙම චාරිත්‍ර ක්‍රම ඉතා ස්වල්ප වශයෙන් වෙනස් විය හැකි වුවත් සෑම දෙනාම එකලෙස මෙම සංස්කෘතික මංගල්‍යය සමරති.



අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟිනි. විශේෂයෙන්ම කුඩා ළමයි රතිඤ්ඤා දැල්වීමට මහත් අභිරුචියක් දක්වති. ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික උත්සව වලදී රතිඤ්ඤා දල්වීම සෑම ප්‍රදේශයකම පාහේ සිදුවේ.ගෘහණිය නිවසේ අවුරුදු කෑම මේසයට කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්යයෙන්ම පිළියෙල කර ගනියි. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. මෙම වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති.කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ. බොහෝ විට නාගරික ජන ජීවිතය තුලට වඩා ගැමි සමාජය තුල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දැකිය හැකිය.

අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට හා දෙමළ හින්දු ආගමිකයින්ට ඉතා වැදගත් ජාතික නිවාඩු දිනයකි. අලුත් අවුරුද්ද සැමරීම ආවරණය සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යද එකසේ දායකත්වය ලබා දෙති. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩි දියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වාගැනීමටත් එකිනෙකා අතර අනෞන්‍ය විශ්වාසය වැඩි දියුණු වීමටත් ඉවහල් වේ.

සමලිංගිකත්වය

 සමලිංගිකත්වය
                           

සමලිංගික පුද්ගලයන් එසේත් නැතිනම් සමලිංගිත්වය යන වචනය ඇසුණු සැණෙන් අපේ හිතට නැගෙන්නේ පිළිකුල් හැගීමක්. සදාචාර විරෝධී, සංස්කෘතියට පටහැනි චර්යාවන් ඇති පුද්ගලයන් පිරිසක් ලෙසටයි.බොහෝ විට සම ලිංගික පුද්ගලයන් පිළිබද පළ වන ලිපි වල ඔවුන් එච්.අයි.වී සහ අනෙකුත් රෝග බෝ කරන පිරිසක් ලෙස හදුන්වනවා. එය සත්‍යයක් නොවේ.අප තවමත් එච්.අයි.වී පිළිබද ඇති ආකල්ප අතින් 1980 දශකයේ ජීවත්වන බව සමාජයේ පවතින ආකල්ප දෙස බැලූ විට පෙනී යයි. එච්.අයි.වී යනු සමලිංගික රෝගයක් බව ඒ පිළිබද පවතින ප්‍රධාන මිත්‍යා අදසක් ය. 1980 දශකයේ ප්‍රථම වරට එච්.අයි.වී හදුනා ගැණුනේ සමලිංගික කණ්ඩායම් අතර වීම එයට එක් හේතුවක් වන අතර අනෙක් මූලික හේතුව වන්නේ එච්.අයි.වී අවදානමක් සහිත ප්‍රධාන කණ්ඩායම් (Key populations ) වලින් එකක් ලෙස පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් හදුනා ගැනෙන නිසයි. කෙසේ නමුත් රජයේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ 80% එච්.අයි.වී සම්ප්‍රේෂණය සිදු වන්නේ විෂම ලිංගික එනම්, ගැහැණු සහ පිරිමි අතර සිදු වන ලිංගික ක්‍රියා මගින් වන අතර සමලිංගික හැසිරීම් සහ ද්වී ලිංගික හැසිරීම් වලින් එච්.අයි.වී සම්ප්‍රේෂණය වීම 14.5%කි. මේ දත්ත ලබා ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියෙන් වන අතර එහි ලිපිනය නොම්බර 29, ඩි සේරම් පෙදෙස, කොළඹ 10 වන අතර දුරකතන අංකය 0112667163 වේ. http://www.aidscontrol.gov.lk නමින් ඇති එහි වෙබ් අඩවියෙන්ද එච්.අයි.වී පිළිබද ශ්‍රී ලංකාවට අදාල දත්ත සියළුම ලබා ගත හැකිය.
සමලිංගිකත්වය බුදුදහමට පටහැනි ක්‍රියාවක් බව පොදුවේ පවතින මතයකි. එනමුත් මා සිතන ආකාරයට බුදු දහමේ සමලිංගික හැසිරීම වැරදි ක්‍රියා බව පෙන්වා දී නැත. කොටින්ම කියතොත් බුදු දහම යනු ගිහියන්ට නීති පැනවූ ආගමක් නොවේ. තවද ලිංගිකත්වය පිළිබද පටු ආකල්පයක් අපට ලැබෙන්නේ යම් යම් ලිංගික හැසිරීම්, උදාහරණ වශයෙන් සමලිංගික හැසිරීම්, ලිංගික වෘත්තිය වැනි ක්‍රියා නීතියෙන් තහනම් කිරීමෙන් අනතුරුව බව මේ දෙස හොදින් බලන ඕනෑම අයෙකුට වැටහේ.
අතීතයේදී ශ්‍රී ලංකාව වෙනත් ජාතීන් සමග පැවැත්වූ සම්බන්ධතා සහ සෙසු ඓතිහාසික සිදුවීම් වල ප්‍රතිඵලයක් වශයෙන්, අද අප හමුවේ ක්‍රියාත්මක වන නීතිය විවිධ නීති සම්ප්‍රදායන්වල සංයෝගයක් වශයෙන් ගොඩනැගී ඇත. ඉංග්‍රීසි නීතිය, රෝමානු නීතිය, කන්ද උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය සහ මුස්ලිම් නීතිය මෙම නීති සම්ප්‍රදායන් වේ. අප මත ක්‍රියාත්මක වන සිවිල් නීතිය මූලික වශයෙන් රෝමානු නීතියෙන් පෝෂණය වී ඇති අතර අපරාධ නීතිය පෝෂණය වන්නේ ඉංග්‍රීසි නීතියෙනි. අපරාධ නීතිය ලියවී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ පටිපාටි සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත යන ලේඛන තුනෙහි වන අතර එය ඉංග්‍රීසි නීතියේ පූර්ණ බලපෑමට ලක් වී ඇත. තවද ඉංග්‍රීසි පාලනය විසින් 1883දී හදුන්වා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන දණ්ඩ නීති සංග්‍රහය සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ එවකට බ්‍රිතාන්‍යයේ පැවති අපරාධ නීතිය මතයි. එවකට පැවති ලිඛිත සහ අලිඛිත නීතිය එලෙසින්ම පවත්වාගෙන යාම බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිපත්තියක් වූ අතර, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තිය මගින්ද එය ප්‍රතිපත්තිය ආරක්ෂා කෙරේ.
මෙයින් පැහැදිළි වන ප්‍රධාන කරුණක් වන්නේ බටහිර ජාතීන් ලංකාවට පැමිණෙන්නට පෙර ශ්‍රී ලංකාවේ පැවති නීතිය එනම්, කන්ද උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය සහ මුස්ලිම් නීතිය මගින් සමලිංගික හැසිරීම් තහනම් කොට හෝ ඒ පිළිබද සදහන් කොට නොතිබීමයි. බටහිර ජාතීන් පැමිණෙන්නට පෙර අප ලිංගිකත්වය පොදු අවකාශයට ඇද දමා නීති පැනවූ සංස්කෘතියක් අපට තිබුණාද? එසේනම් මතුවන ප්‍රශ්නය වන්නේ අප අද කතා කරන සදාචාරය ආරම්භ වන්නේ කොතැනින්ද යන්නයි. අප කතා කරන්නේ බුදු දහම සමග එන සදාචාරයක් පිළිබදව නම් ඒ ගැන සදහනක් අතීත නීති පොත් වන නැත්තේ ඇයි? සමලිංගිකත්වය අපරාධයක්ය සහ එය සදාචාරයට පටහැනිය යන අදහස අපට ලැබෙන්නේ කොහෙන්ද?සම ලිංගික වැරදි සහ ලිංගික වෘත්තිය පිළිබද නීතිය සංශෝධනය කිරීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් 1964 දී කමිටුවක් පිහිටුවනු ලැබුවා. මෙහි වාර්තාව 1967දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ අතර අපට අපරාධ නීතිය ලබා දුන් බ්‍රිතාන්‍යයන් අද වන විට සම ලිංගිකත්ය පිළිබද සිතන ආකාරය දැන ගැනීම සදහා එය වාර්ථාවේ නිර්දේශය කියවා බැලීම වැදගත්.
‘’වැඩිහිටියන් අතර ස්ව කැමෙත්තෙන් සිදු වන ලිංගික ක්‍රියා තව දුරටත් අපරාධ වරදක් නොවිය යුතුය. සම ලිංගිකත්වය රෝගයක් ලෙස සැළකිය නොහැකිය. මන්ද, බොහෝ විට මොවුන් පෙන්වන එකම රෝග ලක්ෂණය සමලිංගිකත්වය වන අතර ඔවුන් මානසික අතින් පූර්ණ සෞඛ්‍යමත්භාවයක් හොබවන නිසාය… අපගේ අදහස අනුව පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කිරීම හෝ කිසිදු නිශ්චිත චර්යා රටාවක් පුරවැසියන් ලවා බලෙන් කරවීම නීතියේ කාර්යභාරය නොවේ. ’’
මෙම වාර්තාවේ නිර්දේශයන්ට අනුව, 1967දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් වයස අවුරුදු 21කට වැඩි පුද්ගලයන් දෙදෙනෙකු අතර පෞද්ගලික අවකාශයේ සිදු වන සමලිංගික ක්‍රියා සාපරාධී බවින් තොර කරනු ලැබීය.
ඒ සම ලිංගිකත්වය සාපරාධී ක්‍රියාවක් ලෙස අපට හදුන්වා දුන් බ්‍රිතාන්‍ය නීතියේ වර්තමාන තත්ත්වයයි. බ්‍රිතාන්‍යයට අයත් සෙසු පළාත් සහ විජියන් 2001 වන විට සමලිංගික හිතකාමී නීති සකස් කර තිබුණි.
සම ලිංගිකත්වය යනු ලෝකයේ පිළිගත් ලිංගික දිශානතියකි. ලිංගික දිශානතිය යනු යම් පුද්ගලයෙක් ලිංගිකව ආකර්ශනය වන්නේ කාටද යන්නයි. අප අතර පිළිගත් ලිංගික දිශානතීන් 3ක් ඇත. එනම්, විෂම ලිංගික (තමාගේ ලිංගික අවයව වලට විරුද්ධ ලිංගික අවයව සහිත පුද්ගලයන්ට ආකර්ශණය වීම), සම ලිංගික (තමගේ ලිංගික අවයව වලට සමාන ලිංගික අවයව සහිත පුද්ගලයන්ට ආකර්ශණය වීම) සහ ද්වී ලිංගික (සමාන සහ විරුද්ධ ලිංගික අවයව ඇති දෙපිරිසටම ආකර්ශනය වන පුද්ගලයන්) යන කොටස් තුනයි.2011 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සමලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබද එහි ප්‍රථම යෝජනාව සම්මත කර ගනු ලැබීය. තවමත් ලෝකයේ රටවල් 80ක් පමණ සමලිංගික ක්‍රියා නීතියෙන් තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාවද ඉන් එකකි. කෙසේ වුවත් ශ්‍රී ලංකාව හැදින්වෙන්නේ සමලිංගික ක්‍රියාවන් පිළිබද අපරාධ නීතිය බලාත්මක නොකරන රටක් වශයෙනි. එහි අදහස වන්නේ ශ්‍රී ලංකාවේ නීතියෙන් සම ලිංගික ක්‍රියා අපරාධයක් ලෙස හදුන්වා තිබුණද එම නීතිය පුරවැසියන් මත ක්‍රියාත්මක නොවන බවයි. In a box if possibleශ්‍රී ලංකාවේ නෛතික පරිසරය දෙස බලන විට හොදින්ම වැටහෙන කරුණ වන්නේ සමලිංගික ක්‍රියා හෝ සම ලිංගික පුද්ගලයන් පිළිබදව අප සතුව ඇති පසුගාමී ආකල්පය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය නීතිය සමග බවයි. එසේ නම් බෞද්ධාගම සමග පටලවා එය සදාචාර විරෝධී බව කීමේ ඵලය කුමක්ද? අපේ සදාචාරය ලෙස අප දැන සලකන වටිනාකම් පද්ධතිය බටහිරින් ලැබුණක් මිස අනුරාධපුර යුගයේ හෝ මහනුවර යුගයේ පැවති එකක් නොවේ. බටහිර ජාතීන් පැමිණෙන්නට පෙර ලිංගික ක්‍රියා පිළිබද නීති අපට තිබුණා නම් එය කන්ද උඩරට නීතියේ ඇතුළත් නොවන්නේ මන්ද? සමලිංගිකත්වය පිළිබද මුඛ්‍ය ධාරාවේ සාදාචාරාත්මක විග්‍රහය ප්‍රශ්ණ කිරීමට ඉහත දැක්වූ කරුණු ප්‍රමාණවත් බව සිතමි.
මේ දින වල පුවත් පත් වල පල වන මේ සමලිංගික සංගම් යනු කවුද? ඔවුන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ඔවුන් කරන්නේ මොනවාද? මේ පුවත්පත් ලිපිවලින් හෙලිදරවු කරන සමලිංගික වැඩමුළු මොනවාද?
ඒඩ්ස්, මැලේරියා සහ ක්ෂයරෝගය වැළක්වීම සදහා වන ගෝලීය අරමුදල නැමති අරමුදල් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ රජය සහ සිවිල් සමාජ සංවිධාන විසින් එක්ව සකස් කළ වැඩසටහන් යෝජනාවට එහි 9වන ආධාර වටය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 12කට ඉහල මුදලක් ලබා දුනි. මෙම මුදල් රජය වෙනුවෙන් සෞඛ්‍යය ආමාත්‍යංශය සහ සිවිල් සංවිධාන වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයද මෙම අරමුදල් පාලනය කරයි. පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් එච්.අයි.වී පිළිබද වැඩි අවධානමක් සහිත කණ්ඩායමක් ලෙස ගෝලීය වශයෙන් හදුනා ගැනෙන නිසා සමලිංගික ප්‍රජාවන් ඇතුළත් බිම් මට්ටමේ සංවිධාන වලට මෙම මුදල් ලබා ගත හැකිය. එය සිදු වන්නේ හොර රහසේ නොව සෞඛ්‍යය අමාත්‍යංශය සහ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතිය හරහාය. එය අමුතුවෙන් කළ යුතු හෙළිදරව්වක් නොවේ.
ගෝලීය අරමුදල යටතේ ලැබෙන මුදල් වලින් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ මෙම අවදානම් කණ්ඩායම් වලට සෞඛ්‍යය සේවා සදහා ඇති ප්‍රවේශය පුළුල් කිරීමයි. මෙම කණ්ඩායම් වලට සෞඛ්‍ය සේවා ප්‍රවේශය ලබා දිය යුතු බව තීරණ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිස වෙනත් කෙනෙක් නොවේ. මේ වැඩසටහන් පිටුපස ඇත්තේ පොදු සෞඛ්‍ය පිළිබද ප්‍රවේශයක් මිස සමලිංගිකත්වය ප්‍රචාරය කිරීමේ අරමුණක් නොවේ.මේ අතර ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් මේ දින වන සම ලිංගික පුදගලයන් කුඩා දරුවන් ලිංගික හැසිරීම් වලට පොළඹවා ගන්නා පිරිසක් ලෙස හදුන්වන්නට උත්සහ දරනවා. මෙවැනි වැඩසටහන් වල මූලික උපකල්පනය වන්නේ සමාජයේ ඇති සියළුම වැරදි ක්‍රියා සිදු කරන්නේ සමලිංගික පුද්ගලයන් බවයි. ඇත්තටම එය සමලිංගික ප්‍රජාව පිළිබදව පවතින මුඛ්‍යධාරවේ අදහස් නැවත ස්ථාපිත කිරීමකි.මෙම ‍ ගුවන් විදුලි වැඩසටහනෙන් ආමන්ත්‍රණය කිරීමට උත්සහ දරන ගැටළුව පිළිබද මාගේ අකමැත්තක් නැත. බාල වයස් කරුවන් එනම් අවුරුදු 16ට අඩු වයසේ පුද්ගලයන් සමග ලිංගිකව හැසිරීම හෝ ළමා අපයෝජන අප හමුවේ ඇති ප්‍රධාන ගැටළුවකි. එසේනම් මෙවැනි වඩසටහන් වලින් ආමන්ත්‍රණය කළ යුත්තේ එයයි. එනම් Pedophilia හෙවත් ළමා සහ මුල් යෞවන වියේ පසු වන පුද්ගලයන් (අවුරුදු 16ට අඩු) සමග ලිංගික හැසිරීමට ආශාවක් දක්වන පුද්ගලයන්ය. මේ තත්ත්වය මානසික ආබාධයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාවේ දී හදුනා ගැනේ. සිංහලෙන් මෙය හදුන්වන්නේ කෞමාර කාමය නමිනි. ළමා අපයෝජන වල යෙදෙන පුද්ගලයන් අතර විදුහල්පතිවරු, දේශපාලනඥයින්, ආරක්ෂක සේවයේ නිලධාරීන් මෙන්ම භික්ෂූන් වහන්සේලා ද සිටින බව පසුගිය කාලයේ ප්‍රවෘත්ති දෙස බැලුවහොත් අපට පැහැදළිව දැක ගත හැකිය. මා මෙහි කතා කරන ‍ ගුවන් විදුලි වැඩසටහනෙන් මේ කිසිවක් කතා කරන්නේ නැත. ඔවුන් පහර දෙන්නේ සමලිංගික පුද්ගලයන්ට මිස ළමා අපයෝජන සිදු කරන්නන්ට නොවේ. නමුත් මේ ජනමාධ්‍යකරුවන් ‍අවබෝධකර ගත යුතු ප්‍රධාන කරුණ වන්නේ කෞමාර කාමය (Pedophilia) සහ සමලිංගිකත්වය (Homosexuality) යනු සම්පූර්ණයෙන්ම වෙන් කොට සාකච්ඡා කළ යුතු මාතෘකා දෙකක් බවය.

නැවතත් ශ්‍රී ලංකාවේ නෛතික පරිසරය දෙස බලමු. නීතියෙන් තහනම කර ඇත්තේ සමාන ලිංගයන් සහත පුද්ගලයන් දෙදෙනෙක් ලිංගිකව හැසිරීම පමණි. සාද පැවැත්වීම, එකට ජීවත් වීම හෝ විනෝද වීම නීතියෙන් තහනම් නැත. පිරිමින්ට ගැහැණු ඇදුම් ඇදීම හෝ ගැහැණුන්ට පිරිමි ඇදුම් ඇදීම හෝ තහනම් නැත. ලිංගය මාරු කර ගැනීමටද නීතියෙන් අවකාශ ඇත. එවැනි පුද්ගලයෝ ඕනෑතරම් අප අතර සිටිති.මෙම සිදුවීම වලින් පෙනෙන්නේ තමන්ට වඩා වෙනස් කෙනෙකු පිළිගැනීමට අප තුළ පවතින අකමැත්ත නොවේද? මෙය බහුතරය සහ සුළුතරය අතර ඇගි නෙනවතින බල අරගලයේම කොටසකි. වෙනස් ආකාරයේ අදහස් ඇති පුද්ගලයන්ව අප දකින්නේ අපේ පැවැත්මට එල්ල වන තර්ජනයක් ලෙසයි. එම නිසා අප හැම විටම උත්සහ දරන්නේ අපට වඩා වෙනත් අදහස් හෝ සිතුම් පැතුම් ඇති පුද්ගලයන්ව විනාශ කර දැමීමටයි.මෙවැනි ජුගුප්සාගලන හැගීම් අවුස්සන ලිපි හෝ ‍ ගුවන් විදුලි වැඩසටහන් වලින් සිදු වන්නේ යහපතක් නොවේ. ස්ව කැමැත්න් ප්‍රේම සම්බන්ධතා පවත්වන සම ලිංගික පුද්ගලයන් පිලිබදව සමාජයේ පවතින වැරදි ආකල්ප තව තවත් වර්ධන කිරීමයි. නීති විරෝධී නොවන දෙයක් නීති විරෝධී ලෙසට හංවඩු ගසා තව තවත් මේ පුද්ගලයන්ව සමාජයෙන් කොන් කිරීමයි. අපි මෙතරම් වගකීම් රහිත වන්නේ ඇයි? තර්කානුකූලව මේ දෙස බැලීමට කාලය එළඹ ඇතැයි මම සිතන්නේ වෙනස් කම් පිළිගැනීමෙන් මිස ප්‍රතික්ෂේප කිරීමෙන් රටක් වශයෙන් අපට ඉදිරියට යා නොහැකි බව පසුගිය වසර 30 පුරාවටම අත් දැක ඇති නිසාය
අන්තර්ජාලය ඇසුරිනි

Saturday, July 28, 2018

සංස්කෘතිය


සංස්කෘතිය

                                à¶…න්තර් සංස්කෘතිය සඳහා පින්තුර ප්‍රතිඵල

සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන [Culture] නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් සහ ශිෂ්ට අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි. අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන. මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.සංස්කෘතිය ගතිකය.එය ගතික ක්‍රියවලියක ප්‍රතිඵලයකි.සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවති.සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.සංස්කෘතිය සමාජයට බද්ධය.සමජයෙන් වෙන් කොට අධ්‍යයනය කළ හැකි පද්ධතියක් නොවේ.පුද්ගලයකු සංස්කෘතිය ඉගෙන ගන්නේ සමාජයෙනි.සංස්කෘතිය සමාජ උරුමයකි.සංස්කෘතිය සැම ක්ෂේත්‍රයක් පුරාම ව්හිදුණු පද්ධතියකි.
විවිධ විද්වතුන් සංස්කෘතිය තමන්ගේ මත පදනම් කරගෙන නිර්වචනය කර ඇත. මුල්ම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ 1861 දී ප්‍රාථමික සංස්කෘතිය නමින් කෘතියක් ලියූ බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (E.B.Tylor)ය. ජර්මන් වචනයක් වන කුල්ටූර් (Kultur) යන පදය උපුටා දක්වමින් ඔහු සංස්කෘතිය අපට හඳුන්වා දුන්නේය. ඔහුට අනුව සංස්කෘතිය යනු “සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි. පරිණතවූත්
පසුකාලීන සමාජ හා මානව විද්‍යාඥයන් විසින් මෙම නිර්වචනයට තවතවත් අංග එකතුකොට ඇත්තේය. සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධානය හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප්‍රාන්ස් ‍බෝආස් නම් මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. මලිනොවුස්කි ප්‍රකාශ කළ පරිදි සංස්කෘතිය ශිල්පීය ක්‍රම, භාණ්ඩ තාක්ෂණික ක්‍රියාවලීන්, අදහස්, පුරුදු සහ ඇගයීම්වලින් සංයුක්ත වී ඇති බව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම සියළුම අංග ලක්ෂණ අන්තර් සම්බන්ධ වී ඇති අතර සමස්ත ජීවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩ නංවන බවයි. එසේම මලිනොවුස්කි අවධාරණය කරන පරිදි පුද්ගලයාගේ ජීව මනෝ ප්‍රේරණයන් සංතෘප්තිමත් කිරීමේදී මෙම සංස්කෘතික අවශ්‍යතා ඉතා වැදගත් වේ. “ප්‍රාන්ස් බෝආස්” සංස්කෘතිය ගැන අවධාරණය කරමින් එය කෘත්‍යාමත්මක හා සංවිධානාත්මක සමස්තයක් ලෙස හඳුන්වා දෙයි. මලිනොවුස්කිට පසුව බොහෝ මානව විද්‍යාඥයන් සංස්කෘතියේ කෘත්‍යාත්මක අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇත.
මාග්‍රට් මීඩ්, ඒ.ඇල්.ක්‍රෝබර්, රූත් බෙනඩික්ට් සංස්කෘතිය සමාජයීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වා දී ඇත. 1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.ක්‍රෝබර්(Krober) සහ ක්ලක්හෝන් (Kluckhorn) සංස්කෘතිය නිර්වචනය කරන්නේ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මගින් ව්‍යාප්ත කරන මානව සමූහවල සුවිශේෂ සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් ලෙසයි. 1963 දී ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන සියගණනක් සොයා ගන්නා ලදි. ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුක්තියයි. සංස්කෘතියේ කොටසක් ලෙස චර්යාවේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත් මාර්ග හා සංකල්පවේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය ප්‍රවර්ග හතරක් ඔස්සේ පැහැදිලි කරයි.
  1. විස්තරාත්මක නිර්වචනය
  2. ඓතිහාසික නිර්වචනය
  3. ප්‍රතිමානාත්මක නිර්වචනය
  4. මනෝ විද්‍යාත්මක නිර්වචනය
සංස්කෘතිය පිළිබඳ ව්‍යවහාරය 19 වන සියවසේ මානව විද්‍යඥයන් උපයෝගී කරගත්තත් එය සමාජ ශාස්ත්‍රවල ප්‍රබල බලපෑමක් බවට පත්වූයේ 20 වන සියවසේදීය. ගුඩ් ඉනෆ් (Good Enough) නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් හඳුනා ගත්තේය. පළමු අර්ථයෙන් හඳුන්වන්නේ ප්‍රජාවක් තුළ ජීවන රටාවයි. එයින් අර්ථවත් කරන්නේ භෞතික හා සමාජයීය ක්‍රියා පිළිවෙලත් සමඟ ගොඩ නැගෙන ක්‍රමානුකූල බවයි. දෙවන අර්ථයෙන් අදහස් කරන්නේ දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩ නැගෙන බවයි.
සංස්කෘතිය පිළිබඳ ඇති පොදු එකඟතාවයක් නම් එය ඉගෙනගත් හැසිරීමක් බවයි. ස්වාභාවික හා සමාජ තත්වය තුළ මිනිසා අනුවර්තනය කිරීමේ හැකියාව සංස්කෘතිය තුළින් ගොඩනැගී ඇත. භෞතික ලක්‍ෂණ, චර්යා රටා හා සංස්ථා එයට අනුබද්ධිත වී ඇත. සංස්කෘතියේ වාහකයක් ලෙස කටයුතු කරනුයේ භාෂාවයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස් ව්‍යාප්ත කරන්නේ භාෂාව මගිනි. එය ජනකානු ගති ලක්‍ෂණ මෙන් උරුමයෙන් එන දෙයක් නොවේ. චර්යාරටාව හා සමස්ත දැනුම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට ගෙනයන්නේද භාෂාව මධ්‍යගත කොට ගෙනයි. එසේම සංස්කෘතිය ඒ අනුව වෙනස්වීමකට මෙන්ම වර්ධනයකටද මුල පුරයි.

Monday, July 23, 2018

රාවණා රජ..

රාවණා රජ


Jump to navigationJump to searcරාවණ හෙවත් රවුළු යනු වංශ අභිදානයකි
රාවණ
සිවු හෙලේ රජ
Ravana British Museum.jpg
රාජ්‍ය සමයක්‍රි:පූ 2554 - ක්‍රි:පූ 2517 [1]
පූර්වප්‍රාප්තිකයාකුවේර රජ
අනුප්‍රාප්තිකයාවිභීෂණ රජ
වල්ලභයාමන්දෝදරී
දරුවන්ඉන්ද්‍රජිත්
ත්‍රෛශීර්ෂ
අථිකාය
අක්ෂයකුමාර
නරන්ථක
දේවාන්ථක
ප්‍රහෂ්ඨ
සොහෙළි
පියාවෛශ්‍රවණ
මවකෛකසි
රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ. හෙතෙම රම රජු හා යුධවැදින. බුදුන් සමයේ ලංකාවේ පාලකයා වූයේ සුමන සමන් නැමැත්තෙකි. හෙතෙම රාවණ හා වෛශවන යන අභිදානයන් දෙකම භාවිතා කල බව ලංකාවතර හා ආටානාට සූත්‍ර ඇසුරෙන් නිගමනය කළ හැක.
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.
පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුගේ නිපැයුම් ලෙසද සැලකේ. තවද ආර්යුවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව 'අර්ක ශාස්ත්‍රය' හා තාරකා විද්‍යාව පිළිබඳව 'රාවණ සංහිත' කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදී. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ.
රාවණ රජු දුෂ්ටයෙකු ලෙස බොහෝ තැන් වලදී හදුන්වා දුන්න ද ලංකාව තුළ රාවණ චරිතය දේවත්වයෙන් සළකනු ලබයි. එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. [2] රාවණ, ශිව දෙවියන්ගේ විශේෂ අනුගාමිකයෙක් ලෙසට හින්දු බැතිමතුන් අතර විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් 'ලංකාවතාර සූත්‍රය' නම් බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුදුහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදහන් වේ


...නිදහස් විශ්වකෝෂය වෙතින්...

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...