Thursday, July 12, 2018

නොදන්නා අරුත....

වක්කඩ කියන වචනයත් එක්කම අපට ගැමි පරිසරයක් මවා ගැනීමට අපහසු වෙන්නේ නෑ. මේ වක්කඩ කියනදේ කුඹුරකට අත්යාවශ්ය දෙයක්. කුඹුරකට ජලය හැම විටම ලැබෙන්නේ නෑ. මේ නිසා ඇලකින් දොලකින්ඔයකින් ගඟකින් හෝ වෙනයම් ප්‍රභවයකින් මේ ලැබෙන ජලය මනා ලෙස කලමණාකරණය කරගත යුතුයි ඒ සඳහා ඉහල දායකත්වයක් සපයන තැනක් ලෙසට වක්කඩ හඳුන්වාදෙන්නට පුලුවන් වතුර හොඳින් බැස යාමට ලියැදිවල් පිරුණු වැඩි වතුර පිටාර යැවීමට වක්කඩ උපකාරීවේ. කුඹුරක වක්කඩවල් කිහිපයක් හමුවේ. දිය වක්කඩ ඉස්නං වක්කඩ සහ පා වක්කඩ’ ඉන් කිහිපයකි.ඉතින් මේ වක්කඩක් ලඟ ගමේ කුඩා ළමුන් එකතුවෙන්නේ එහි කුඩා මසුන් ගැවසෙන නිසාවෙන්මයි. බොහෝවිට තිත්ත පැටව් මේ වක්කඩෙහි රැඟුම් දක්වනා අයුරු දැකගැනීමට පුලුවන්වැස්ස සමහර වෙලාවට අපට කරදර ගෙන දුන්නද ගැමි පරිසරයකට වැස්ස කියන්නේ ආශීර්වාදයක්. ඇත්තටම නම් මේක වැඩි වශයෙන් සත්යය වන්නේ වියලි කලාපයට සහ ශුෂ්ක කලාපයන්ට. ඉතින් මේ වැස්ස කියනදේ ඔබ හොඳහැටි නිරීක්ෂණය කර තිබෙනවානම් ඔබ විඳලා ඇති වැස්සට කලියෙන් අහසේ විදුලි කොටනවා. මේක හරිම චමත්කාරජනක දර්ශනයක්. මොකද මුලු පරිසරයම අඳුරුයි. වැහි වළාවන්ගෙන් වෙලිලා. ඒ අඳුරත් එක්කම ක්ෂණයෙන් පරිසරයට ආලෝකයක් නුකුත් වෙනවා. ඊට පසුව පොඩි ගෙරවිල්ලකුත් නො එනවා නොවෙයි.මහගමසේකරයන් මේ ගීතයේ මුල් පද පේලි තුරාවට ගැමි පරිසරයක සුන්දරත්වය අප මනසේ ජනිත කරවනවා. නමුත් ඊලඟ පද වලදී කාන්තාවක් චිත්ත රූපයට ඔබ්බවන්නට ඔහු සමත් වෙනවා.
කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා.මෙතැනදී කටරොළු මල් වැට වට කරමින් පිපී තිබීම අඟවන්නේ සුන්දර දෙයක්. ඒ එක්කම තුන් දවසක් අමනාපෙන් සිටි යන යෙදුම සමග අප නොයෙක් ආකාරයට සිතන්නට පොලඹවනවා. මතුපිටින් බැලූවිට නම් පෙනී යන්නේ මේ යුවතිය ඔහු සමග අමනාප වී හිඳ තිබෙනවා කිසියම් දෙයකට. නමුත් මේ නෝක්කාඩු බැල්ම නිසාවෙන් අපට සිතන්නට වෙනවා ඇය ටිකක් ගනන් උස්සන තැනැත්තියක් විලසට. හැබැයි ඇය ඔහුට ආදරෙයි ඒ බව මෙයින් ඔප්පු වෙනවා. ඊලඟ පද පේලි වලින් ඔහු ඇයගේ ආදරය සහ අවධානය ලබා ගැනීමට ආයාචනා කරන අයුරක් දිස්වෙනවා.හිනාවෙයන් කලු හිනාවෙයන්න මුත් මෙහි ඊට වඩා ඇතුලාන්තයක් දකින්නට පිලිවන්. මහගමසේකරයන් ආවාට ගියාට වචන යොදාගන්නෙක් නොවන් බව ඔහුගේ නිර්මාණ කියැවූ ඕනෑම අයෙකුට තේරුම් යාවි. මේ නිසාවෙන්ම මේ ගීතයේ තුන් දවසක් අමනාපෙන් සිටි කලු කියන යෙදුම ගැන සලකා බැලීම වටිනවා. කාන්තාව සහ තුන් දවස යන පද අතර යම් ගැලපීමක් තිබෙනවා.කිලි කියනාදේ ඔබ අසා තිබෙන්නට පුලුවන්. අපි මළගෙදරක ගිහිල්ලා ආ විගසම නාලා පිරිසිදුවෙන්නේ මේ කිලි නිසා. අපේ ජන වහරේ තිබෙනවා කිල්ලට අහුවෙලා කියන යෙදුම්. ඉතින් මේ කිලි කියන්නේ අපිරිසිදු බව. නමුත් එය අප දන්න අපිරිසිදු බවෙන් වෙනස්. කාන්තාව සම්බන්දයෙනුත් මේ කිලි කියනා වචනය භාවිතා වෙනවා. ගැහැණු ළමයෙක් මල්වර වීමෙන් පසු ආර්ථවීයව හට ගන්නා ඔසප්වීම නිසා කිල්ලක් ඇතිවෙනවා කියා පිලිගැනෙනවා. මෙම කිල්ල දවස් තුනක් පවතින අතර අවසානයේදී ස්නානය කිරීම මගින් නැතිවී යන බවත් පිලිගැනෙනවා.ඉතින් මේ ගීතයේ එනදවස් තුනක් අමනාපයෙන් සිටීම මේ හා අපූරුවට බැඳෙනවා. ඊට පසු නෝක්කාඩුවෙන් බලන්නේ ඇයි සමහර විට ලැජ්ජාවට වෙන්නට පිලිවන්. නෝක්කාඩුව යන වචනයේ ආදරය කියනා දේ ගැබ්වෙලා තිබෙනවා. මෙය හුදෙක් ගැහැණුන් සමග යාවන්නක්.මා සොයුරු වසන්ත යකල්ලෙආරච්චි තවත් අදහසක් එක්කලා. කටරොළු මල යොදාගෙන තියෙන්නෙත් ඔය කියන මුළු ගීතය පුරාම දිවෙන යටි අදහසටම සංකේතයක් ලෙසට බව ඔහුගේ අදහස. මමත් ඒ අදහසට එකඟ වෙනවා. කටරොලු මල සාමාන්‍ය වයවහාරයේදී නොයෙක් නම් වලින් හැඳින්වෙනවා Asian pigeonwings bluebellvine blue pea butterfly pea cordofan pea සහ Darwin pea ලෙස. එහි විද්යාත්මක නාමය වන්නේ Clitoria ternatea කටරොලු මලට මේ නාමය යොදාගන්නේ එය ස්ත්‍රී බාහිර ලිංගික අවයවයේ ස්වරූපය ගන්නා බැවිනි. clitoris යන වචනයෙන් බිඳී ආවකි.ඉතින් සේකරයන් කටරොලු මලම මේ සඳහා යොදාගැනීම අහඹුවක් විය නොහැකිබව මාගේ මතයයි.
ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරිඳූ නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න මේ පද පේලි ගැයෙන්නේ මෙතෙක් ගීතයේ ආ තාලය වෙනස් කරමින්. අපි අපේ භාෂාවෙන් කියනවානම් මෙතැනදී පොඩි ගැම්මක් දීල තියෙනවා. සංගීතයත් ඊට අනුරූපීව වෙනස් වෙනවා පමනක් නොව ජීවයක්ද ඇති කරනවා. මෙතැනදී අපට සිතන්නට පිලිවන් මේ දෙදෙනා යම්කිසි ලිංගිල තෘප්තියක් ලබන්නට සැරසෙනවාදැයි කියා. ඒ කොහොම වුනත් මේ සිදුවීම් සොබාදහම සමග ගලපන්නට සේකරයන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කලු හිනාවෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කලු හිනාවෙයන්
මේ අවසාන පද පේලි වලිනුත් අපට පෙනී යනවා මේ තරුණිය තරමක මාන්නයෙන් යුත් එකියක් බව. නැත්නම් ඉතින් හිනාවෙයන් හිනාවෙයන් කියලා කියන්න ඕනේ නැහැනේ. මෙතැනදී මම මාන්නය කියන වචනය භාවිතා කලාට බොහෝ දෙනෙක් එය වරදවා වටහාගනී කියලා හිතනවා. මෙය ගැහැණියක් සතු සුන්දර ක්‍රියාවන් අතරෙන් එකක්. ආදරයක් ඔහේ ගලාගෙන යනවාට වඩා මේ ආකාරයෙන් ගනන් ඉස්සීම් අනෙක් පැත්තෙන් ආයාචනා කිරීම වාගේ තිබෙනා විට එහි තිබෙන සුන්දරත්වය ඉහල යන බව තමයි මගේ අදහස.සමහරෙක් මේ ගීතය සඳහා වැස්සක අර්තකතනයක් ලබාදෙන්නේ මා මේ කියනා අරුතට දරුනු ලෙස පහර එල්ල කරමිනි. සොබාව සෞන්දර්යය ගැන කියවෙන්නක් මිස මා මේ කියනා තුන් දවසේ සිද්දියක් නොවනාබව ඔවුන්ගේ මතයයි. නමුත් එතැනදී තුන්දවස යන්නට ඔවුන් හරිහැටි පැහැදිලි කිරීමක් ලබානොදේ. ඔවුන් පවසන්නේ වැස්ස නැතිව තුන් දවසක් සිටි බවයි. එසේනම් තුන් දවස යන්නම සේකරයන් යොදාගත්තේ මන්ද යන්න ගැටලුවකි. එලිසමයට හෝ තාලයට යතියට හානියක් නොවන පරිද්දෙන් තුන් දවස යන්න වෙනුවට වෙන පදයක් යොදාගැනීමේ හැකියාව සේකරයන්ට තිබුන බව ඔබ නොපිලිගන්නේද.තුන් දවස අවසනදී සේකරයන් නෝක්කාඩු බැල්මක් ගැන පැවසීමද ඔවුන් හරිහැටි පැහැදිලි කරන්නේ නැත. එම නෝක්කාඩු බැල්ම වැස්සක් සමග යාවෙන අන්දම පැහැදිලි කිරීම කණා කොකාගේ සුද කීවාක්මෙනි.නමුත් මේ අර්තකතනයේදී එය ඉතාම පැහැදිලිව විස්තර කල හැකිය. තුන් දවස ඇතුලත කිසිම එකතුවීමකට දෙදෙනාට ඉඩකඩ නොමැත. එය අවසානයේදී කාන්තාව නෝක්කාඩු බැල්ම හෙලන්නේ ආදරයක් සමගින් තම සහකරුවාගේ ඇරයුමට දෙන පිලිතුරක් ලෙසට බව සිතීම වරදක් ලෙස නොදකිමි.
සිරි යහනේ  ගහක මල් පිපිලා සඳකඩ පහනක වැනි ගීතවලට සමහරු ඔබ්බවූ ලිංගික අරුත් සඳහා මමද කිසිසේත්ම එකඟ නොවෙමි. මේ ගීතයෙන් සේකරයන් මෙවැනි අරුතක් ගෙන ආවායයි සිතන්නට බොහෝ දෙනා මැලිවෙති. එය ගීතයට කරනා අගෞරවයක් ලෙසට දකිති. සේකරයන් අද අප අතර සිටියානම් ඔහු මෙය ලියන්නට පාදකවු හේතුව සහ සැබෑ අරුත දැනගන්නට අපට ඉඩ තිබින නමුත් කුමරියක පා සළඹ සැලුනා මිනිසා මරණ තුනක් ඇති සුමුදු සයනේ වැනි ගිත වල තිබෙනා සුන්දරවූ ඉදිරිපත් කිරීම පිලිගන්නා අතර සේකරයන්ගේ මේ ගීතය සඳා මේ අරුත සෑහෙන දුරකට ගැලපෙනබව පිලිගන්නට මැලිවෙන බොහෝමයක් සිටිති.සමහරුන් ව්‍යන්ගාර්තය නොදැක මතුපිටින් පෙනෙනා වැස්ස සහ සොබාව සෞන්දර්වයේ ඇගයුමක් ලෙස මෙය පිලිගන්නේ මා කියනා අරුත නිසා සේකරයන්ට නිග්‍රහයක් වේ යැයි සිතනා නිසාත් වෙන්නට ඇත. නමුත් මෙය මා කිසිසේත් එසේ නොදකිමිමෙය සේ කරයන් කිසිවකු නොසිතනා පැතිකඩක් ව්‍යන්ගාර්තයෙන් නිර්මාණයක් ලෙස ඉදිරිපත්කල සුවිසේශී අවස්තාවක් ලෙස දකිමි. ගැරහුම් බැණුම් කොතෙකුත් මේ සඳහා ලැබී ඇත. මෙය කියවන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ විවුර්ත මනසකින් මේ දෙස බලා සියලු කරුණු කාරනා හොඳින් වටහාගෙන ඔබගේ ස්වාධීන මතය.අදහස පවසන ලෙසටය

උපුටා ගන්න ලද්දකි.

No comments:

Post a Comment

සන්නාලියනේ .....

                                                                          සන්නාලියනේ ..... ජීවිතයේ අපි කවදා කොහේ නවතීවිදැයි කිව නොහැක...